හිටපු ලෝක ශූරයා බලාපොරොත්තු අත්නොහරී

74

තම ක්‍රීඩා දිවියේ අවසාන අවධිය පසු කරමින් සිටිනා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ ඔලිම්පික් බලාපොරොත්තු මේ වන විට බොඳවී යමින් පවතින්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ගිම්හාන ඔලිම්පික් උළෙල වසරකින් කල් දැමීමට සිදු වන බව ප්‍රකාශ කිරීමත් සමඟිනි. 

ඔලිම්පික් වසරකින් පස්සට යයි

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල මෙම වසරේ ජූලි මස ජපානයේ ටෝකියෝ නුවර දී …….

කෙසේ නමුත් 38 වැනි වියේ පසුවන ඇමරිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර ජස්ටින් ගැට්ලින් පවසා සිටියේ තමන්ට තවමත් රන් පදක්කමක් දිනා ගත හැකි බව විශ්වාස කරනා බවයි.

“මම හිතනවා මට එහි දී රන් පදක්කමක් දිනා ගන්න පුළුවන් කියලා. ගොඩක් මිනිසුන් හිතනවා ලබන වසර වන විට මගේ වයස 39ක් නිසා මගේ කාලය අවසන් කියලා, නමුත් ඒක සත්‍යයක් නෙවෙයි. 2020 වසරේ බොහෝ තරග සඳහා මම සහභාගි වුනත් මගේ ශරීරය වෙහෙසට පත්ව නැහැ. ඒ නිසා මං හිතන්නෙ නෑ වසරක් තුළ ශරීරයේ විශාල වෙනස්කමක් සිදු වේවි කියලා” යැයි ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

2004 වසරේ පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී 100m ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ගැට්ලින් එයින් වසරකට පසුව 2005 පැවති ලෝක ශූරතා තරගාවලියේ ද එම ඉසව්ව ජය ගැනීමට සමත් විය. කෙසේ නමුත් තහනම් උත්තේජක පරීක්ෂණ අසමත් වීම නිසාවෙන් 2006 සිට 2010 දක්වා ඔහුට ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටීමට සිදු විය.

එම දඬුවම් කාලය නිමා වීමෙන් පසුව නැවතත් 2012 වසරේ පැවති ඔලිම්පික් උළෙලේ දී 100m ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඔහු සමත් වූ අතර එතැන් පටන් වරින් වර සුපිරි කෙටි දුර ධාවන ශූර හුසෙයින් බෝල්ට් හට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට ඔහු සමත් විය. ඒ අනුව 2016 වසරේ රියෝ හී පැවති ඔලිම්පික් උළෙලේ දී 100m ඉසව්ව දෙවැන්නා ලෙස අවසන් කිරීමට ඔහු සමත් වූයේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරමිනි.

ප්‍රංශ සංවිධායකයන් බලාපොරොත්තු අත්නොහරී

මේ දිනවල පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් ලොව පුරා බොහෝ තරගාවලීන් කල් ……..

එයින් වසරකට පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී සියල්ලන් 100m ඉසව්ව වෙත දෑස් දල්වා බලා සිටියේ ලොව වේගවත්ම මිනිසා ලෙස විරුදාවලි ලත් සුපිරි ක්‍රීඩක හුසෙයින් බෝල්ට්ගේ සමුගැනීවේ ඉසව්ව එය වූ නිසාවෙනි. සියල්ලන්ම පුදුමයට පත් කරමින් එම ඉසව්ව ජස්ටින් ගැට්ලින් විසින් ජයග්‍රහණය කරන්නට සමත් විය.

2017 ලෝක ශූරතා තරගාවලිය ජය ගත් පසු

එම ජයග්‍රහණයෙන් අනතුරුව ඔහු තම ප්‍රතිවාදියා වෙත සිය ආචාරය පුද කිරීම සියල්ලන්ගේ මහත් පැසසුමට ලක් වූ අතර තම සිහිනය වසරකින් කල් ගිය පසුබිමක තම වයසට අභියෝග කළ මෙම සුපිරි තරුව එළඹෙන ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී තම සිහිනය යථාර්ථයක් බවට පත්කර ගන්නා ආකාරය දෙස සියල්ලන් දෑස් දල්වා බලා සිටී.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<