දසුන් ශානකගෙන් තවත් ශතකයක්

SLC National Super League 4 Day Tournament 2024

91
SLC National Super League 4 Day Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් අද (28) ආරම්භ වූවා.

ඒ අතුරින් කොළඹ කණ්ඩායම නියෝජනය කරන දසුන් ශානක මහනුවර කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කළා. මෙය දසුන් ශානක මෙම තරගාවලියේ වාර්තා කරන ලද 2 වැනි ශතකයයි. ඊට පෙර ඔහු යාපනය කණ්ඩායමට එරෙහිව ද ශතයක් වාර්තා කිරීමට සමත් වූ අතර මෙය දසුන්ගේ පළමු පෙළ 11 වැනි ශතකයයි.

මේ අතර ගාල්ල කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර සහ විශාද් රන්දික අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූවා.

15 වැනි තරගය, ගාල්ල, මාර්තු 28-31, 2024, National Super League 4 Day Tournament

o කාසියේ වාසිය – Dambulla

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල.

Dambulla කණ්ඩායම: මිනෝද් භානුක (නායක සහ කඩුලු රකින්නා), ලසිත් කෲස්පුල්ලේ, පවන් රත්නායක, රිසිර වීරසූරිය, සනෝජ් දර්ශික, සොනාල් දිනූෂ, චමිඳු විජේසිංහ, දුශාන් හේමන්ත, ඩිල්ශාන් අබේසිංහ, මොහොමඩ් ශිරාෂ්, නවින් ප්‍රනාන්දු.

Galle කණ්ඩායම: සංගීත් කුරේ (නායක), ඔෂද ප්‍රනාන්දු, ශෙහාන් ප්‍රනාන්දු, පසිඳු සූරියබණ්ඩාර, ධනංජය ලක්ෂාන්, විශාද් රන්දික (කඩුලු රකින්නා), නිමේෂ් විමුක්ති, සුමින්ද ලක්ෂාන්, මිලාන් රත්නායක, ඉම්තියාස් ස්ලාසා, උදිත් මධුශාන්.

කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 286ක් ලබා සිටියා.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ විශාද් රන්දික. ඔහු මේ වන විට පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 89ක් ලබා සිටිනවා.

ඊට අමතර ව පසිඳු සූරියබණ්ඩාර ද පන්දු 192කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 83ක් ලබා ගත්තා. පසිඳු සූරියබණ්ඩාර සහ විශාද් රන්දික එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 147ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වීම කැපී පෙණුනා.

ඔවුන්ට අමතර ව නිමේෂ් විමුක්ති ද පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ඩිල්ශාන් අබේසිංහ ලකුණු 38කට කඩුලු 2ක් දවා ගත් අතර, නවින් ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාෂ් සහ චමිඳු විජේසිංහ කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Galle – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 286 (83.0) ඔෂද ප්‍රනාන්දු 22, පසිඳු සූරියබණ්ඩාර 83, විශාද් රන්දික නොදැවී 89, නිමේෂ් විමුක්ති නොදැවී 34, ඩිල්ශාන් අබේසිංහ 2/38

මෙම තරගය හෙට (29) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

16 වැනි තරගය, හම්බන්තොට, මාර්තු 21-24, 2024, National Super League4 Day Tournament

o කාසියේ වාසිය – Kandy

o ක්‍රීඩාංගණය –  ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ.

Kandy කණ්ඩායම: නිරෝෂන් දික්වැල්ල (නායක සහ කඩුලු රකින්නා), පවන්ත වීරසිංහ, සහන් කෝසල, කමිල් මිෂාර, සහන් ආරච්චිගේ, අහන් වික්‍රමසිංහ, චාමික කරුණාරත්න, වනුජ සහන්, අශේන් ඩැනියෙල්, නිම්සර අතරගල්ල, සිතුම් දිසානායක.

Colombo කණ්ඩායම: නුවනිඳු ප්‍රනාන්දු, හේෂාන් ධනුශ්ක, ක්‍රිශාන් සංජුල (කඩුලු රකින්නා), නිපුන් ධනංජය, ප්‍රියමාල් පෙරේරා, දසුන් ශානක, හිමාෂ ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, නිසල තාරක, තරිඳු රත්නායක, ඉසිත විජේසුන්දර.

කාසියේ වාසිය දිනා ගත් මහනුවර ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 8ක් දැවී ලකුණු 330ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් දසුන් ශානක පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 110ක් ලබා ගත්තා.

ඊට අමතර හිමාෂ ලියනගේ පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 118ක සබඳතාවක් ගොඩ නැගුවා.

අනතුරු ව 7 වැනි කඩුල්ල සඳහා ද ලකුණු 62ක සබඳතාවක් ගොඩ නැගීමට ද දසුන් ශානක පෙරමුණ ගත්තා. ඊට එක් වූයේ දුනිත් වෙල්ලාලගේ. ඔහු පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී සිතුම් දිසානායක ලකුණු 38කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව නිම්සර අතරගල්ල කඩුලු 2ක් ද සහ පවන්ත වීරසිංහ, සහන් ආරච්චිගේ සහ වනුජ සහන් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Colombo – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 330 (87.0) නිපුන් ධනංජය 31, ප්‍රියමාල් පෙරේරා 27, දසුන් ශානක 110, හිමාෂ ලියනගේ 46, දුනිත් වෙල්ලාලගේ 37, නිසල තාරක නොදැවී 21, සිතුම් දිසානායක 3/58, නිම්සර අතරගල්ල 2/52

තරගය හෙට (29) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<