මේ සතියේ පළමු ශතකය අහන්ගෙන්

SLC National Super League 4 Day Tournament 2024

273
SLC National Super League 4 Day Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ තෙවැනි සතියේ තරගවල දෙවැනි දිනය වු අද (22) දවස නිමා වෙද්දී වාර්තා කරන පළමු ශතකය Kandy කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ වාර්තා කළා.

මේ අතර අද දවයේ දී  Kandy කණ්ඩායමෙ චාමික කරුණාරත්න ද අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

13 වැනි තරගය, හම්බන්තොට, මාර්තු 21-24, 2024, National Super League4 Day Tournament

o ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, සූරියවැව

o කාසියේ වාසිය – Colombo

පෙර දින කඩුලු 9ක් දැවී ලකුණු 240ක් ලබා සිටි දඹුලු ක්‍රීඩකයන්ට අද දවසේ දී එකඳු හෝ ලකුණක් ලබා ගැනීමට නොහැකි වෙමින් ඉනිම අවසන් වෙනවා.

එම කඩුල්ලේ හිමිකාරීත්වය නිසල තාරක සතු වෙනවා. ඒ අනුව නිසල තාරක එම ඉනිමේ කඩුලු 4ක් ලකුණු 77කට දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයන්ට ද දඹුලු ක්‍රීඩකයන්ට සේ ම ඒ හැටි යමක් කර ගැනීමට හැකි වෙන්නේ නැහැ. තරගය වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනයට නතර කරන විට ඔවුන් ලබා සිටියේ කඩුලු 8ක් දැවී ලකුණු 187ක් පමණයි.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු ක්‍රිශාන් සංජුල. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 49ක් ලබා ගන්නවා. ඊට අමතර ව දසුන් ශානක ද පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී නවින් ප්‍රනාන්දු සහ මොහොමඩ් ශිරාෂ් කඩුලු 2 බැගින් දවා ගනිද්දී මුර්වින් අභිනාශ්, සොනාල් දිනූෂ සහ චමිඳු විජේසිංහ කඩුල්ල බැගින් බෙදා ගන්නවා.

මෙම තරගයට වට වර්ෂාව හේතුවෙන් අද දවසේ පන්දු වාර 40ක් පමණ අහිමි වෙනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Dambulla – පළමු ඉනිම සියලුම දෙනා දැවී 240 (66.5) ලසිත් කෲස්පුල්ලේ 43, සනෝජ් දර්ශික 23, පවන් රත්නායක 35, චමිඳු විජේසිංහ 51, නවීන් ප්‍රනාන්දු 25, නිසල තාරක 4/77, ඉසිත විජේසුන්දර 3/44, දසුන් ශානක 2/35

Colombo – කඩුලු 8ක් දැවී 187 (47.0) ක්‍රිශාන් සංජුල 49, දසුන් ශානක 42, දුනිත් වෙල්ලාලගේ නොදැවී 20, මොහොමඩ් ශිරාෂ් 2/57, නවීන් ප්‍රනාන්දු 2/38

මෙම තරගය හෙට (23) තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

14 වැනි තරගය, කොළඹ, මාර්තු 14-17, 2024, National Super League4 Day Tournament

o ක්‍රීඩාංගණය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ

o කාසියේ වාසිය – Jaffna

පළමුවෙන් පන්දුවට පහර දුන් යාපනය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 261ට පිළිතුර ලෙසින් පෙර දින තරගය නතර කරන විට තම පළමු ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 57ක් ලබා සිටියා.

අද එතැන් සිට ආරම්භ වූ තරගයේ දී අහන් වික්‍රමසිංහ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක් වීම කැපී පෙණුනා. ඔහු පන්දු 169කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 147ක් ලබා ගත්තා. එය අහන් වික්‍රමසිංහ ගේ පළමු පෙළ 5 වැනි ශතකයයි.

ඊට අමතර ව චාමික කරුණාරත්න පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට ලකුණු 124ක සබඳතාවක් ගොඩ නැගීමට සත් වූ අතර එය මේ දක්වා වූ මහනුවර ඉනිම, ගැලවීමේ සබඳතාව ද වූවා.

කඩුලු දවා ගැනීමේ දී ලහිරු මධුශංක සහ රවිඳු ප්‍රනාන්දු කඩුලු 2ක් බැඟින් දවා ගත් අතර නිපුන් මාලිංග, ජෙෆ්රි වැන්ඩර්සේ සහ දිලුම් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගය දෙවැනි දිනයට නතර කරන විට මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 348ක් ලබා සිටින අතර ඒ අනුව ඔවුන්ට ප්‍රතිවාදී යාපනය ක්‍රීඩකයන්ට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් කරා යෑමට නම් තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 13ක් පමණයි.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Jaffna – පළමු ඉනිම සියලුම දෙනා දැවී 261 (69.0) සඳුන් වීරක්කොඩි 33, රොන් චන්ද්‍රගුප්ත 34, නිපුන් කරුණානායක 26, ජනිත් ලියනගේ 83, සංතුශ් ගුණතිලක 29, නිම්සර අතරගල්ල 3/40, වනුජ සහන් 3/40

Kandy – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 348 (81.0) කමිල් මිෂාර 38, නිරෝෂන් දික්වැල්ල 26, අහන් වික්‍රමසිංහ නොදැවී 147, චාමික කරුණාරත්න 71, වනුජ සහන් 20,  ලහිරු මධුශංක 2/51, රවිඳු ප්‍රනාන්දු 2/73

මෙම තරගය හෙට (23) තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<