Legends ප්‍රසාද ලකුණු සටහන වෙනස් වෙයි; ශ්‍රී ලංකාවට දෙවන තැන

Road Safety World Series 2020-21

1230

මේ දිනවල පැවැත්වෙන Road Safety World Series තරගාවලියේ දී ප්‍රසාද ලකුණු සටහන දෙවන වතාවටත් වෙනස් කිරීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඒ නිසාවෙන් ශ්‍රී ලංකා – එංගලන්ත Legends ක්‍රිකට් තරගයට පසුව දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පත්ව තිබෙනවා.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහන පිළිබඳව බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් සහ ක්‍රිකට් විචාරකයින් විවිධ මත පළ කර සිටිනවා. කොරෝනා වයිරසය නිසාවෙන් පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට හැකි වූයේ මෙම තරගාවලියේ තරග දෙකක් පමණයි. එම තරග දෙකේ දී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජයට පත්වුණු නමුත් ඕස්ට්‍රේලියාව හමුවේ පැවති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ නමුත් මාර්තු මාසය ආරම්භයේ දී තරගාවලිය නැවතුණු තැන සිට නැවත වතාවක් ආරම්භ වුනු අතර එහි දී ශ්‍රී ලංකා ප්‍රසාද ලකුණු සටහන සඳහා ඉන්දියාවට එරෙහිව ලද පරාජය ඇතුළත් කර තිබුණේ නැහැ. අනතුරුව තරගාවලිය අතරතුර එම තරග පරාජය ද ශ්‍රී ලංකාව ඉදිරියෙන් සටහන් කළ තරග සංවිධායකයින් එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේ දී එංගලන්තය ලබා දුන් ලකුණු 79 ඉලක්කය පන්දුවාර 7කුත් පන්දු 4ක දී හෝ ඊට පෙර ලබා ගන්නේ නම් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ලබා ගැනීමට හැකි බව පවසා සිටියා.

ඒ අනුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7කුත් පන්දු 3ක් අවසානයේ දී නියමිත ඉලක්කය සපුරා ගත්තා. එහි දී නායක තිලකරත්න ඩිල්ශාන් නැවත වතාවක් සිය තුන් ඉරියව් දස්කම් පෙන්නුම් කිරීමට සමත් වුනා.

එය එසේ වුවත් ඊයේ (15) පැවති සජීව විකාශය අතරතුර පෙන්වූ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව නැවතත් එම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව තිබෙන්නේ, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සම වුවත් (ලකුණු 20) ඉන්දියාවට එරෙහිව පැවති තරගයේ දී ශ්‍රී ලංකාව පරාජය ලබා ගත් නිසයි.

ඒ අනුව අද (16) පැවැත්වෙන එංගලන්ත – කොදෙව් Legends තරගයට පසුව ඉන්දියාව සමඟ පළමු අවසන් පූර්ව තරගයේ දී තරග වදිනු ලබන කණ්ඩායම තීරණය වන අතර ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව දෙවන අවසන් පූර්ව තරගයේ දී එකිනෙකා මුණගැසීමට නියමිතය.

තරගාවලියේ දැනට තිබෙන ප්‍රසාද ලකුණු සටහන,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<