පළමු දිනයේ ම ශානක වැඩ අරඹයි

391
Dasun Shanaka

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර තරගාවලිය ආරම්භ කරමින් අද (19) දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ආරම්භ වූ අතර මෙම තරඟය 19 සිට 23 දක්වා එංගලන්තයේ ලීඩ්ස් හිදී පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්‌ට්‌ තරගය අද

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

පළමුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැගුවද එය ලකුණු 49 කට සීමා කරමින් ලකුණු 10,000 අභියස සිටි ඇලෙස්ටයර් කුක් දවාලීමට තම මංගල ටෙස්ට් තරඟයට සහභාගි වූ දසුන් ශානක සමත් විය. ඔවුන්ගේ මුල් පෙළ කඩුලු 3 ම දවාලීමට ඔහු සමත් වූ අතර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව දැනට දෙවන ස්ථානය ලබා සිටින ජෝයි රූට් ලකුණු නොලබා ම ක්‍රීඩාගාරයට තෙවන කඩුල්ල ලෙස හරවා යැවීමට දසුන් ශානක සමත් විය. රූට් හා නික් කොම්පටර්න් ට ලකුණු ලබා ගැනීමට නොහැකි වූ අතර ඇලෙස්ටයර් කුක් ලකුණු 16 කටද,  නවක ක්‍රීඩක ජේම්ස් වින්ස් ලකුණු 9 කට හා ඇන්ඩෘ ස්ටොක් ලකුණු 12 කටද දැවී යන ලදි.

තරගයේ පළමු දිනයේ 53 වන පන්දුවාරයේ දී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ වන විට නොදැවී ක්‍රීඩාකල  අැලෙක්ස් හේල්ස් ලකුණු 71 ක් හා නොදැවී ක්‍රීඩා කල ජොනතන් බෙයර්ස්ටොර් ලකුණු 54 ක් ලබා සිටින ලදි. ඒ වන විට එංගලන්ත කණ්ඩායම පන්දුවාර 53 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 171 ක් ලබා ගෙන තිබිණි.

ධම්මික ප්‍රසාද්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

දසුන් ශානක ලකුණු 30 කට කඩුලු 3, නුවන් ප්‍රදීප් ලකුණු 26 කට එක් කඩුල්ලක්, ශමින්ද එරංග ලකුණු 34 කට එක් කඩුල්ලක් ද බැඟින් දවාලීමට සමත් විය.

දිගින් දිගටම වර්ෂාපතනය ඇද වැටීම නිසා තරඟය පළමු දිනය නිමා කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි. මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විස්තර විචාරකයකු ලෙස කටයුතු කිරීම ද කැපී පෙනිණි.

මෙම තරඟයේදී තවත් එක් විශේෂ කරුණක් නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් ද කලුපැහැති පලදනා පැලද තරඟ කිරීමයි. ඊට හේතුව නම්, ශ්‍රී ලංකාවට බලපා ඇති අහිත කර කාලගුණික තත්වය මතඇතිව ඇති අපදා තත්වය නිසාවෙනි.

හෙට (20) දෙරට අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය යි.

තවත් පුවත් සිංහලෙන් කියවන්න පිවිසෙන්න