නොසිතූ නිපන්දුව ලැබුණු හැටි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

617

2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ – සිම්බාබ්වේ අතර තරගය අවසන් වුනේ කිසිවෙකුත් නොසිතූ ලෙසයි.

බංග්ලාදේශය තමන් තරගය ජය ගත්තා යැයි සිතුවත් විනිසුරුවන් ඔවුන් නැවත පිටියට කැඳවුයේ අවසන් පන්දුව යළි යැවිය යුතු බව පවසමින්. තෙවැනි විනිසුරු රූපවාහිනී දර්ශන‍ නරඹා තීරණය කර තිබුණේ බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක Nurul Hasan කඩුල්ලට ඉදිරියෙන් පන්දුව රැක ගත් බවයි.

එම තීරණය නිසා Muzarabani හට නැවත වතාවක් සිම්බාබ්වේ වෙනුවෙන් තරගය දිනවන්නට අවස්ථාවක් ලැබුණු අතර පෙර පන්දුව නිපන්දුවක් ලෙස සටහන් වූ නිසා ඔහුට නිදහස් පහරක් ද ලැබුණා.

Mosaddek Hossainට එරෙහිව ජයග්‍රහණය සඳහා ලකුණු හතරක් පමණක් අවශ්‍යව තිබුනත්, තරගය දිනවන්නට Muzarabani හට හැකියාව ලැබුණේ නැහැ.

මෙවර තරගාවලිය පුරාම ක්‍රිකට් නීති පොත ගැන නැවත කතා කෙරෙනු දක්නට ලැබුණා. මේ ඉහත කී සිදුවීමට අදාළ නීතියයි.

27.3.1 පන්දු රකින්නා පන්දුව නිදහස් කර පන්දුව පිත්තේ හෝ පිතිකරුවාගේ ගැටෙන තෙක් හෝ කඩුල්ල පසු කරන තුරු, පන්දුවට පහර දෙන පිතිකරුවා දිවීමට තැත් කරන තුරු කඩුලු රකින්නා කඩුල්ල පිටුපස සිටිය යුතුයි.

27.3.2 කඩුලු රකින්නා මේ නීතිය කඩ කරනවා නම් පන්දුව යොමු කළ පසු පිතිකරණ අන්තයේ විනිසුරුට නිපන්දුවක් සංඥා කිරීමේ හැකියාව තිබෙනවා.

කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් අතට අත දී එකිනෙකාට සුබ පතා පිටියෙන් ඉවතට යෑමට සූදානම් වෙද්දී දැවැන්ත තිරයේ මේ සිදුවීමට අදාළ දර්ශන දිස් වීම විශේෂත්වයක්.

විනිසුරු නිපන්දුව සංඥා කිරීමෙන් අනතුරුව බංග්ලාදේශ ක්‍රීඩකයින් බලාපොරොත්තු කඩ වූ ස්වරූපයක් පෙන්නුම් කළ අතර ඔවුන් සිතා සිටියේ බංග්ලාදේශය ඒ වන විටත් තරගය ජයගෙන අවසන් බවයි.

තරගයෙන් පසුව අදහස් දක්වමින් Sean Williams පවසා සිටියේ ඒ සිදුවීම “හරිම අමුතු බවයි.”

මම ක්‍රිකට් තරගයක ඒ වගේ දෙයක් අත්විඳලා නැහැ. නමුත් ඒකෙන් පේන දේ තමයි විස්සයි විස්ස තරගයක ඕනේ දෙයක් වෙන්න පුළුවන්. මම ඒක නිපන්දුවක් කියලා දැනගත්තේ විනිසුරුවන්ට අතට අත දෙන්න පිටියට යමින් සිටි අවස්ථාවේ. නමුත් ඔවුන් අපිට නවතින්න කියලා ඒ දර්ශන තිරයේ පෙන්වූවා. එතකොට තමා අපි දැන ගත්තේ ඒක නිපන්දුවක් කියලා.”

espncricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<