“එංගලන්තය – ඉන්දියා තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීම අපේ අරමුණයි” – ගංගුලි

160
(DNA India)

ඉන්දියාව තුළ කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය තවමත් ඉතා දරුණු තත්වයක පවතින නමුත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානී සවුරව් ගංගුලි පවසා සිටින්නේ ලබන වසරේ එංගලන්ත – ඉන්දියා සංචාරය ඉන්දියාවේ දී පැවැත්වීම ඔවුන්ගේ ප්‍රධානතම අරමුණ බවයි.

ඉන්දියාව තුළ වසංගත තත්වය නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියත් ඉන්දියාවේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගෙන යන්නට BCCIට සිදු වුනා. කෙසේ වෙතත් පසුව එංගලන්ත තරගාවලියත් එහිම පවත්වන්නට හැකි බවට කතා බහක් ඇති වුනා.

“මූලිකම සැලැස්ම තමයි එංගලන්ත තරගාවලිය ඉන්දියාවේ දී පවත්වන්නට උත්සහ කරන එක” ගංගුලි පවසා සිටියා. “අපි මේක ඉන්දියාවේම පවත්වන්න උත්සහ කරනවා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාසිය නම් ඔවුන්ට ක්‍රීඩාංගණ තුනක්ම තිබීම.”

තවත් ක්‍රිකට් පුවත්:

මේ වන විට ඉන්දියාව තුළ කොරෝනා රෝගීන් ලක්ෂ 60ක් වාර්තා වී ඇති අතර මරණ 95,000ක් ද වාර්තා වී තිබෙනවා. වැඩිම කොරෝනා රෝගීන් සිටින රටවල් අතරින් දෙවැනි තැන ද ඉන්දියාවට හිමි වන අතර ඒ නිසාම ඉන්දියාවේ දේශීය ක්‍රිකට් තරගාවලි ආරම්භ වන දිනයත් තවමත් නම් කර නැහැ. ගංගුලි පවසා සිටින්නේ එම තරගාවලියත් ඉක්මනින් ආරම්භ කරන්නට උත්සහ කරන බවයි.

“අපි තත්වය ගැන අවධානයෙන් සිටින්නේ” ගංගුලි පවසා සිටියා. “අපිට දේශීය තරගාවලිය ක්‍රීඩා කරන්න ඕනේ. අපි එල්ල වෙන්න පුළුවන් සෑම බාධාවක් ගැනම අවධානය යොමු කරලා තියෙන්නේ.”

“සෑම දේම හොඳින් කෙරෙනවා. පසුගිය මාස හයේ දී සෑම දේම හොඳින් කරන්න ඉතා අමාරු වුනා. ඔබට ඔබේ ක්‍රිකට් ක්‍රීඩාව දිගටම පවත්වා ගෙන යන්න අවශ්‍ය නම් බාහිර පරිසරයේ තත්වය යථා තත්වයට පත් වෙන්න ඕනේ.”

එංගලන්තය ඉන්දියාව සමඟ එළඹෙන ජනවාරි – මාර්තු කාලසීමාවේ ටෙස්ට් තරග පහක්, එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග තුනක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

Cricbuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<