“අත හැරුණු උඩපන්දු තමයි තරගය වෙනස් කළේ” – ශානක

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

1851

තමාගේ යොවුන් කණ්ඩායම අවසන් පූර්ව වටයේ ස්ථානයක් සඳහා සටන් කරනු ඇතයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසා සිටිනවා.

ශ්‍රී ලංකාව ඊයේ (29) නවසීලන්තය හමුවේ දරුණු පරාජයකට මුහුණ දුන් අතර ශානක පවසා සිටියේ කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම පරාජයට හේතු වූ බවයි.

Glenn Phillipsගේ උඩ පන්දු දෙකක් කණ්ඩායමට අතහැරුණු අතර ඉන් එක් උඩපන්දුවක් අතහැරුණේ නායක දසුන් ශානක විසිනුයි. Tim Southee හා Trent Boultගේ පන්දු හමුවේ ශ්‍රී ලංකාවේ මුල්පෙළ කඩුලු 4ක් ලකුණු 8කට බිඳ වැටුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඇෆ්ගනිස්තාන හා එංගලන්ත තරගය ඉතිරිව තිබෙන අතර අනෙක් තරගවල ප්‍රතිඵල මත ශ්‍රී ලංකාවේ මෙවර ලෝක කුසලානයේ ඉදිරි ගමන තීරණය වනු ඇත.

අතහැරුණු උඩ පන්දු තමා තරගය වෙනස් කළේ,” ශානක පවසා සිටියා. “මම හිතන්නේ අපිට ඔවුන්ව ලකුණු 130කට 140කට තියා ගන්න තිබුණා අපි ඒ කඩුල්ල ගත්තා නම්. අපි මුලින් හොඳට පන්දුවට පහර දුන්නෙත් නෑ. අපි දන්නවා මේ තණතිලි වල ඒක අමාරුයි. පළමු පන්දුවාර දෙක තමා අමාරුම වෙන්නේ.”

පන්දුවාර දෙකක් අවසානයේ අපේ කඩුලු 3ක් බිඳ වැටි තිබුණා. ලකුණු 160ක් හඹා යනකොට ඒක හොඳ දෙයක් නෙවේ. අපි මේ තරගයේ දී හොඳින් ක්‍රීඩා කළේ නැහැ. මම හිතන්නේ අපි නරකටම පිතිකරණයේ යෙදුණු තරගය මේක. දැන් කරන්න තියෙන්නේ හොඳින් සංවිධානය වෙලා ඊළඟ තරග දෙකට හොඳින් මුහුණ දෙන එක.”

ආසියානු කුසලානයේ දී අපේ පන්දු රැකීම ඉතා හොඳ තත්වයක තිබුණා. නමුත් මෙහෙදී අපි පහසු උඩ පන්දු අතහැරියා,” මහිෂ් තීක්ෂණ පවසා සිටියා. “ඒක විය හැකි දෙයක්. නමුත් මම හිතන්නේ අපිට වාසනාව තිබ්බේ නැහැ. මොකද පැතුම් නිස්සංක තමා අපේ හොඳම පන්දු රකින්නා. ඒක ඕනේ කෙනෙකුට වෙන්න පුළුවන්.”

ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරද්දී උඩ පන්දු අතහරින්න කාටවත් ඕනෙ නැහැ,” ශානක පවසා සිටියා.

“අපි කාටවත් චෝදනා කරන්නේ නැහැ. අපි ඊළඟ තරගය සඳහා හොඳින් සංවිධානය වෙනවා. අපි ඉස්සරත් පරාජයන් අතරින් නැවත පැමිණිලා තිබෙනවා. විශේෂයෙන්ම මේ යොවුන් කණ්ඩායම. එයාලා ගොඩක් අමාරු කාලයන් පහු කරා. මම හිතන්නේ අපිට පුළුවන් මේ ඉන්න තැනින් උඩට ඇවිල්ලා අවසන් පූර්ව වටයට එන්න.”

Cricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<