සබරගමුවෙන් වයඹට ප්‍රහාරයක්!

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

167
Nidahas Trophy - Ceylon Province Football Championship

මේ දිනවල දේශීය පාපන්දු පිටිය උණුසුම් කරමින් පැවැත්වෙන නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගයේ අද (10) පැවති තරගවලින් ජයග්‍රහණයකින් නිමා වුනේ සබරගමුව සහ වයඹ අතර පැවති තරග පමණි.

ජයතිලක ක්‍රීඩාංගණයේ දී පැවති උතුරු සහ නැගෙනහිර අතර තරගය අවසන් වුනේ කිසිදු ගෝලයක් වාර්තා නොවෙමිනුයි.

ගෝල 4-1ක් ලෙස ජයග්‍රහණයකින් නිමා වූ වයඹ සහ සබරගමුව අතර තරගය පැවැත්වුණේ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දීයි.

තරගය ආරම්භ වී පළමු මිනිත්තු 5 තුලම ‌ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගන්නට සබරගමුව ක්‍රීඩකයින් සමත් වුනා. ඒ් 5 වැනි මිනිත්තුවේ දී කණ්ඩායම් නායක මොහොමඩ් ශිෆාන් විසින් වාර්තා කළ ගෝලයත් සමඟිනුයි.

කෙසේ නමුත් පළමු අර්ධයේ අවසානය වන තෙක් සබරගමුව ක්‍රීඩකයින්ට තවත් කිසිදු ගෝලයක් වාර්තා කරන්නට වයඹ ක්‍රීඩකයින් ඉඩ නොතැබුණු අතර පළමු අර්ධය අවසන් වුනේ ‌ගෝල 1-0ක් ලෙසයි.

පළමු අර්ධයේ දී රඳවා ගත් පෙරමුණ තවදුරටත් රඳවා ගන්නට සබරගමුව ක්‍රීඩකයින් සමත් වුනේ 66 වැනි මිනිත්තුවේ දී මොහොමඩ් මුෂ්ෆික් ලකුණු පුවරුව ගෝල 2ක් දක්වා ඉහළ දැමීමත් සමඟිනුයි.

සබරගමුව ලකුණු පුවරු තෙගුණ කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණයට තවත් ආසන්න කරන්නට සබරගමුව ක්‍රීඩක මොහොමඩ් ඉජාස් සමත් වුනේ 76 වැනි මිනිත්තුවේ දීයි.

ඉන් අනතුරුව අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි සබරගමුව ක්‍රීඩක මොහොමඩ් රසාන් ප්‍රතිවාදීන්ගේ ජයග්‍රාහී ඉලක්කය තවත් ඉහළ දමන්නට සමත් වුනේ 85 වැනි මිනිත්තුවේ දී ගෝලයක් දැල් ගත කරමිනුයි.

කෙසේ නමුත් මෙතෙක් වේලා නිහඬව සිටි වයඹ ක්‍රීඩකයින් සිය ලකුණු පුවරු ක්‍රියාත්මක කරන්නට සමත් වුනේ 89 වැනි මිනිත්තුවේ දීයි. කණ්ඩායම් නායක අසිකුර් රහ්මාන් විසින් වාර්තා කළ එම ගෝලයට තරගයේ තීරණය වෙනස් කරන්නට නොහැකි වූ අතර ගෝල 4-1ක් ලෙස තරගය අවසන් වුනේ සබරගමුව ක්‍රීඩකයින්ට තවත් ජයග්‍රහණයක් උරුම කරමිනුයි.

අවසන් ලකුණු තත්වය: වයඹ පළාත 1 – 4 සබරගමුව පළාත

ගෝල ලාභීන්:

  • වයඹ: අසිකුර් රහ්මාන් (89’)
  • සබරගමුව: මොහොමඩ් ශිෆාන් (5’), මොහොමඩ් මුෂ්ෆික් (66’), මොහොමඩ් ඉජාස් (76’), මොහොමඩ් රසාන් (85’)

තරගාවලියේ තවත් තරග කිහිපයක් පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<