උතුරු සහ නැගෙනහිර පළාත් ක්‍රීඩකයින් දිනයේ ජයග්‍රහණ ලබයි

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

128

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන නිදහස් කුසලාන – සිලෝන් පළාත් පාපන්දු ශූරතාවයේ අද (06) පැවති තරගයන්ගෙන් ජයග්‍රහණය වාර්තා කිරීමට උතුරු සහ නැගෙනහිර කණ්ඩායම් වලට හැකි වුනා.

උතුරු පළාත් කණ්ඩායම මධ්‍යම පළාත් ක්‍රීඩකයින් පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන විට නැගෙනහිර ක්‍රීඩකයින් හමුවේ ඌව ක්‍රීඩකයින් පරාජය ලැබුවා.

උතුරු පළාත සහ මධ්‍යම පළාත

බදුල්ලේ දී අද (06) සවස්වරුවේ පැවති මෙම තරගයෙන් ගෝල 1-0ක ජයක් ලැබුවේ උතුරු පළාත් කණ්ඩායමයි.

පළමු අර්ධයේ දී දෙපිළෙහිම ක්‍රීඩකයින් ඉතා දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළත් ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණට පැමිණීමට කිසිඳු කණ්ඩායමකට හැකි වුනේ නැහැ.

තරගයේ 68 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවට පැමිණි පන්දුවක් හිසින් ගෝලයට එල්ල කරමින් තරගාවලියේ වාර්තා කළ සිව්වන ගෝලය වාර්තා කිරීමට උතුරු පළාත් ක්‍රීඩක එම්. නිදර්සන්ට හැකි වුනා.

එම අර්ධය තුළ දී ද කිසිඳු ගෝලයක් වාර්තා කරගැනීමට මධ්‍යම පළාත් ක්‍රීඩකයින් අසමත් වූ නිසාවෙන් තරගය අවසන් වුනේ උතුරු ක්‍රීඩකයින්ට ජයග්‍රහණය ලබාදෙමිනුයි.

අවසන් ගෝල තත්වය: මධ්‍යම පළාත 0 – 1 උතුරු පළාත

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්:

● උතුරු පළාත : එම්. නිදර්සන් 68’

ඌව පළාත සහ නැගෙනහිර පළාත

අද (06) රාත්‍රියේ බදුල්ලේ දී පැවති මෙම තරගයෙන් ඌව පළාත පරදවමින් ගෝල 1-0ක ජයක් හිමි වුනේ නැගෙනහිර පළාත් කණ්ඩායමටයි.

තරගයේ 19 වැනි මිනිත්තුවේ දී පිටිය තුළට විසිකිරීමක් තුළින් දඬුවම් රාමුවට යොමු කළ පන්දුවක් ගෝලයේ දකුණු කෙළවරින් දැල තුළට එල්ල කරමින් පළමු ගෝලය රැස් කිරීමට නැගෙනහිර කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක Linus Khanට හැකි වුනා.

එම අර්ධය තුළ දී ගෝලයක් වාර්තා කරගැනීමට ආසන්න අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගැනීමට ඌව ක්‍රීඩකයින්ට හැකි වූවත් ඒවා නිවැරදිව අවසන් කිරීමට ඔවුනට හැකි වුනේ නැහැ.

පළමු අර්ධයේ සිදු වූ අඩුපාඩු මගහරවා ගනිමින් දෙවන අර්ධයේ දී නැගෙනහිර ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට ඌව ක්‍රීඩකයින්ට හැකි වූවත් එම අර්ධයේ ද ගෝල වාර්තා කිරීමට නොහැකි වූ නිසාවෙන් තරගයේ ජය ගෝල 1-0ක් ලෙස නැගෙනහිර ක්‍රීඩකයින්ට හිමි වුනා.

අවසන් ගෝල තත්වය : ඌව පළාත 0 – 1 නැගෙනහිර පළාත

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්:

● නැගෙනහිර : Linus Khan 19’ තරගාවලියේ තවත් තරග කිහිපයක් පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟින්.

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<