තිළිණ කන්ඩම්බි ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2023

3073

නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරග තුනකින් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත සීමිත පන්දුවාර තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂ පුහුණුකරුවෙකු ලෙස තිළිණ කන්ඩම්බි කැඳවා ඇති බව වාර්තා වෙනවා.

දේශීය ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන පුහුණුකරුවෙකු වන තිළිණ කන්ඩම්බි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතා සියල්ල දිනා ගත් යාපනය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

එමෙන්ම මෑත කාලයේ ඉතා ප්‍රගතියක් පෙන්නුම් කළ පුහුණුකරුවෙකු වන ඔහුගේ නව තාක්ෂණික ක්‍රම සහ මඟ පෙන්වීම නවසීලන්ත සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට නම් නවසීලන්තයට එරෙහිව පූර්ණ එක්දින තරගාවලි ජයක් ලැබීමට සිදු වන අතර සීමිත පන්දුවාර තරගාවලියේ පළමු එක්දින තරගය මාර්තු 25 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<