බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩකයාගෙන් කණගාටුදායක නිවේදනයක්

389

2022 වසරේ කටාර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානය බොහෝ විට තම ක්‍රීඩා දිවියේ අවසන් ලෝක කුසලානය වනු ඇති බව බ්‍රසීල පාපන්දු ක්‍රීඩක Neymar ප්‍රකාශ කර තිබෙනවා.

Neymar & The Line of Kings නම් වාර්තාමය වැඩසටහන එක්වෙමින් ඔහු මේ පිළිබඳව අදහස් දක්වමින් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණේ,

මම හිතනවා ඒක මගේ අවසන් ලෝක කුසලානය වෙයි කියලා. පසුගිය ලෝක කුසලානයට වගේ මම ඒකට මුහුණ දෙනවා, තවදුරටත් පාපන්දු සමඟ ගනුදෙනු කිරීමට ශක්තියක් මට තියෙනවා කියලා මම දන්නේ නැහැ.

එහි දී ඉතා හොඳින් කිරීමට අවශ්‍ය හැමදේම මම කරනවා. මගේ රට සමඟ එය ජයග්‍රහණය කිරීමට මෙන්ම මගේ කුඩා කල සිට තිබූ සිහිනය සැබෑ කරගැනීමට මම මට පුළුවන් හැමදේම කරනවා. එය මට ලබා ගත හැකි වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා”.

තරග තහනමක් නිසාවෙන් Neymar පසුගිය අඟහරුවාදා වෙනිසියුලාව සමඟ පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගය ක්‍රීඩා නොකළ නමුත් ඊයේ (11) කොලොම්බියාව සමඟ පැවති තරගය සඳහා ක්‍රීඩා කළා.

එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවත් එම කලාපයේ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ ලකුණු 28ක් ලබා ගනිමින් පෙරමුණේ පසුවීමට බ්‍රසීල කණ්ඩායම සමත්ව තිබෙනවා.

ආබාධ නිසාවෙන් ටික කලක් පිටියෙන් ඉවත්ව සිටි Neymar සැප්තැම්බර් මාසයේ පේරු රාජ්‍යය සමඟ පැවති තරගයක දී නැවත කණ්ඩායම සමඟ එක්වෙමින් ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ නමුත් එම තරගයෙන් පසු නිවසේ දී ඔහුට ලැබෙන ප්‍රතිකාර ගැන තමන් කලකිරීමෙන් පසුවෙන බව ප්‍රකාශ කළා.

මිනිසුන් Neymarට ගරු කිරීමට මෙම කමිසය සමඟ කුමක් කළ යුතු ද යන්න මට හිතාගන්න බැහැ “යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

සැප්තැම්බර් මාසයේ චිලී රාජ්‍යය සමඟ පැවති තරගයෙන් පසුව Neymar ක්‍රීඩකයෙකුගේ ස්වරූපයෙන් නොමැති බවට එරට මාධ්‍ය විසින් චෝදනා කළ අතර එම නිසාවෙන් තමන්ගේ ශාරීරික යෝග්‍යතාව පෙන්නුම් කිරීමට ඔහු පුහුණුවීම්වල දී කමිසයක් නොමැතිව සිටිනු ද දක්නට ලැබුණා.

පේරූ රාජ්‍යය සමඟ පැවති තරගයේ දී ලබා ගත් ගෝලයත් සමඟ Neymar ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවල දී බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ගෝල ලබා ගත් ක්‍රීඩකයා බවට පත්වීමට සමත් වූ අතර ඔහු බ්‍රසීලය වෙනුවෙන් ගෝල 69ක් ලබා ගනිමින් බ්‍රසීලය වෙනුවෙන් ගෝල 77ක් වාර්තා කරමින් සුපිරි ක්‍රීඩක Pelé තැබූ වාර්තාවට ද ඉතා ආසන්නව සිටී.

Neymar බ්‍රසීලය නියෝජනය කරමින් ලෝක කුසලාන තරගාවලි දෙකකට සහභාගී වී ඇති අතර 2014 ලෝක කුසලානයේ දී ඉහළ දස්කම් අතර සිටි ඔහු කොලොම්බියාව සමඟ පැවති තරගයේ දී සිදු වූ ආබාධයක් නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.

පසුව 2018 ලෝක කුසලානය සඳහා දරුණු ආබාධයකින් සුව වීමෙන් පසු කණ්ඩායමට එක්වීමට Neymarට හැකි වූවත්, බෙල්ජියමය හමුවේ ගෝල 2-1ක පරාජයක් ලබමින් ඔවුන් තරගාවලියෙන් ඉවත් වූ අතර එම තරගයේ දී ප්‍රතිවාදියෙකු වැරදි වැළැක්වීමක් සිදු කළ මෙන් හැසිරීම නිසාවෙන් ඔහුට දැඩි ලෙස මාධ්‍ය විසින් විවේචන එල්ල වුනා.

කෙසේ නමුත් බ්‍රසීලයෙන් බිහි වූ සුපිරිතම ක්‍රීඩකයෙකු වන Neymar 2013 වසරේ පැවති සම්මේලන කුසලානය සහ 2016 ඔලිම්පික් උළෙලේ රන් පදක්කම සිය දේශයට දිනා දීමට විශාල සේවාවක් ඉටු කළා.

Hindustan Times ඇසුරෙනි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<