“Reds” හා “Blues” සටනට බාලගිරි දෝෂය

316

ඔක්තෝබර් 05 වැනිදා මහනුවර නිත්තවෙල දී පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ “Blues” හා මහනුවර “Reds” ඒකාබද්ධ පාසල් රග්බි තරගය ඔක්තෝබර් 12 වැනිදා දක්වා කල් දැමීමට සංවිධායකයින් තීරණය කර ඇත.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ  ක්‍රීඩකයින් විදේශ සංචාර සඳහා සහභාගී වී ඇති හෙයින් ඔවුන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්වයක ඇති නිසා මෙම තරගාවලිය සතියකින් කල් දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.

කොළඹ “Blues” කණ්ඩායම නම් කෙරේ

කොළඹ “Blues” කණ්ඩායම සහ මහනුවර “Reds” කණ්ඩායම අතර පැවැත්වෙන…

ඒ සමඟින්ම අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය, එක් අදියරක් දක්වා සීමා කිරීමට ද සංවිධායකයින් තීරණය කර ඇත. එම නිසා සියලු ක්‍රීඩකයින්ට වයස අවුරුදු 19න් පහළ ජාතික සංචිතයට තේරීමට නම් මෙම තරගයේ දී උපරිම දක්ෂතා පෙන්වීම අත්‍යවශ්‍ය වේ.

මෙම තරගය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී 12 වැනිදා (සිකුරාදා) සවස 4.00ට පැවැත්වීමට නියමිත අතර එම තරගය සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට ThePapaer.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<