Home Sinhala නවසීලන්ත ලෝක කුසලාන බලාපොරොත්තු ඉහළට

නවසීලන්ත ලෝක කුසලාන බලාපොරොත්තු ඉහළට

ICC Cricket World Cup 2023

386

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (09) පැවැත්වෙන තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ප්‍රබල නවසීලන්ත ක්‍රීඩකයින් සමත් වුනා.

කණ්ඩායම් දෙක මූලික වටයේ සහභාගී වන අවසන් තරගය මෙය වූ අතර නවසීලන්තයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සහ ශ්‍රී ලංකාවට 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගය මෙම තරගය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබුණා.

තරගය ක්‍රීඩා කරන කණ්ඩායම්,

  • නවසීලන්තය: Devon Conway, Rachin Ravindra, Kane Williamson(c), Daryl Mitchell, Mark Chapman, Glenn Phillips, Mitchell Santner, Tom Latham(w), Tim Southee, Lockie Ferguson, Trent Boult
  • ශ්‍රී ලංකාව: පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (නායක), කුසල් පෙරේරා, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුශංක, මහීෂ් තීක්ෂණ.

නායකයාගේ තීරණයට උපරිම සාධාරණය ඉටු කරමින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 2කට ක්‍රීඩාගාරයට හරවා යැවීමට Tim Southee සමත් වුනේ ආරම්භයේම දැඩි පීඩනයක් එල්ල කරමිනුයි.

ඉන්පසුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ලකුණු 6කට සහ සදීර සමරවික්‍රම එක් ලකුණකට දවා ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයින්ට සමත් වුනා.

වේගවත් පිතිකරණයක නිරත වූ කුසල් පෙරේරා පන්දු 28කට මුහුණ දෙමින් හයේ පහර දෙකක් සහ හතරේ පහර නවයක් සමඟ ලකුණු 51ක් ලබා ගැනීමට සමත්ව සිටිය දී Lockie Fergusonගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට තරමක උත්සහයක් ගත් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16කට සහ ධනංජය ද සිල්වා ලකුණු 19කට දවා ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයින් සමත් වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී 105ක් බවට පත් කරමිනුයි.

කඩුලු 9ක් දැවී ලකුණු 128ක් ලබා අසීරු අඩියක සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව 171ක් දක්වා ඉහළට ගෙන එමින් අවසන් කඩුල්ල සඳහා ලකුණු 43ක සම්බන්ධතාවක් ගොඩනැගීමට මහීෂ් තීක්ෂණට සහ ඩිල්ෂාන් මදුශංක සමත් වුනා.

අගපෙළ පිතිකරුවෙකු ලෙස පැමිණ ඉතා වටිනා ඉනිමක් ක්‍රීඩා කළ මහීෂ් තීක්ෂණ පන්දු 91කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වූ අතර ඩිල්ෂාන් මදුශංක ලකුණු 19යි.

ලකුණු 172ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 86ක ඉතා වටිනා සම්බන්ධතාවක් ගොඩ නැගීමට Devon Conway සහ Rachin Ravindra සමත් වුනා.

ලකුණු 45ක් ලබා සිටි Conway දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර තරගාවලිය පුරාවට ඉහළ දස්කම් දැක්වූ Rachin ලකුණු 46ක් ලබා සිටිය දී තීක්ෂණගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 42ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් පසු නවසීලන්ත නායක Kane Williamson, මැතිව්ස්ගේ පන්දුවකට ලකුණු 14කට දැවී ගියා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය වේගවත් කළ Daryl Mitchell පන්දු 31 කදී වාර්තා කළ ලකුණු 43 සමඟ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 23.2ක් තුළ ජයග්‍රාහී සීමාව පසු කළා.

මෙම පරාජය සමඟ තරගාවලියේ තරග හතක් පරාජයට පත් වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ නවවැනි ස්ථානය දක්වා පසු බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනේ 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ සිහිනය ද මදක් දුරස් කරමිනුයි.

ඒ සමඟ සිය දල ලකුණු වේගය ඉහළ නංවා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ හතරවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණෙමින් අවසන් පූර්ව වටයේ ස්ථානය බොහෝ දුරට තහවුරු කර ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයින් සමත් වුනා.

Result


New Zealand
172/5 (23.2)

Sri Lanka
171/10 (46.4)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Tom Latham b Tim Southee 2 8 0 0 25.00
Kusal Perera c Mitchell Santner b Lockie Ferguson 51 28 9 2 182.14
Kusal Mendis c Rachin Ravindra b Trent Boult 6 7 1 0 85.71
Sadeera Samarawickrama c Mitchell Santner b Trent Boult 1 2 0 0 50.00
Charith Asalanka lbw b Trent Boult 8 8 1 0 100.00
Angelo Mathews c Daryl Mitchell b Mitchell Santner 16 27 2 0 59.26
Dhananjaya de Silva c Daryl Mitchell b Mitchell Santner 19 24 2 1 79.17
Chamika Karunaratne c Tom Latham b Lockie Ferguson 6 17 1 0 35.29
Mahesh Theekshana not out 38 91 3 0 41.76
Dushmantha Chameera c Trent Boult b Rachin Ravindra 1 20 0 0 5.00
Dilshan Madushanka c Tom Latham b Rachin Ravindra 19 48 2 0 39.58


Extras 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0)
Total 171/10 (46.4 Overs, RR: 3.66)
Bowling O M R W Econ
Trent Boult 10 1 37 3 3.70
Tim Southee 8 0 52 1 6.50
Lockie Ferguson 10 2 35 2 3.50
Mitchell Santner 10 2 22 2 2.20
Rachin Ravindra 7.4 0 21 2 2.84
Glenn Phillips 1 0 3 0 3.00


Batsmen R B 4s 6s SR
Devon Conway c Dhananjaya de Silva b Dushmantha Chameera 45 42 9 0 107.14
Rachin Ravindra c Dhananjaya de Silva b Mahesh Theekshana 42 34 3 3 123.53
Kane Williamson b Angelo Mathews 14 15 2 0 93.33
Daryl Mitchell c Charith Asalanka b Angelo Mathews 43 31 5 2 138.71
Mark Chapman run out (Sadeera Samarawickrama) 7 6 1 0 116.67
Glenn Phillips not out 17 10 3 0 170.00
Tom Latham not out 2 2 0 0 100.00


Extras 2 (b 0 , lb 0 , nb 0, w 2, pen 0)
Total 172/5 (23.2 Overs, RR: 7.37)
Bowling O M R W Econ
Dilshan Madushanka 6.2 0 58 0 9.35
Mahesh Theekshana 7 0 43 1 6.14
Dhananjaya de Silva 2 0 22 0 11.00
Dushmantha Chameera 4 1 20 1 5.00
Angelo Mathews 4 0 29 2 7.25



2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් සහ පිටියෙන් පිටත සිදු වූ රසබර තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<