Tamil Union සහ SSC අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

Major Club T20 Tournament 2026

1

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට Tamil Union C & AC කණ්ඩායම සහ SSC කණ්ඩායම (13දා) සමත් වුණා.  

නුවනිඳු, නිශාන් සහ සිනෙත් ශතක රැස් කරයි

1 වැනි අවසන් පූර්ව තරගය, CCC සහ Tamil Union C & AC අතර තරගය කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – CCC 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර Tamil Union C & AC ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 193ක් ලබා ගත් අතර එම ලකුණු ප්‍රමාණය ම ප්‍රතිවාදී CCC ක්‍රීඩකයෝ එම කඩුලු ප්‍රමාණය ම දැවී ලබා ගත්තා.  

ඒ සමඟින් ලකුණු සම වූ තරගයේ සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වූ අතර එහි දී පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි CCC කණ්ඩායමේ නිශාන් මදුශ්ක මෙන් ම දුලිනිත් සිගේරා ද පිට පිට පන්දු 2ක දී දවා ගැනීමට බිනුර ප්‍රනාන්දු සමත් වුණා.  

ඒ අනුව පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Tamil Union C & AC කණ්ඩායමේ තනුක දාබරේ තමන් මුහුණ දුන් සිව් වැනි පන්දුවේ දී හයේ පහරක් එල්ල කරමින් තරගයේ ජයග්‍රහණය තම කණ්ඩායම සතු කළා.  

Tamil Union C & AC කණ්ඩායම 

මිනෝද් භානුක (නායක සහ කඩුලු රකින්නා), තනුක දාබරේ, සිනෙත් ජයවර්ධන, නවෝද් පරණවිතාන, ශාරුජන් ශන්මුගනාදන්, තෙවිඳු සේනාරත්න, සචිත ජයතිලක, ලහිරු සමරකෝන්, විහස් තෙව්මික, විජයකාන්ත් වියස්කාන්ත්, බිනුර ප්‍රනාන්දු.  

 

CCC කණ්ඩායම 

සොනාල් දිනූෂ (නායක), නිශාන් මදුශ්ක (කඩුලු රකින්නා), ලසිත් කෲස්පුල්ලේ, දුල්නිත් සිගේරා, අශේන් බණ්ඩාර, සහන් කෝසල, චමිඳු විජේසිංහ, දුවිඳු රණතුංග, විශ්ව ප්‍රනාන්දු, අශේන් ඩැනියෙල් සහ සංවිඳු දිසානායක.  

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Tamil Union C & AC කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු තනුක දාබරේ. ඔහු පන්දු 17ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා.  

ඊට අමතර ව ශාරුජන් ශන්මුගනාදන් පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 36ක් ද, තෙවිඳු සේනාරත්න පන්දු 25ක දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ද සහ සචිත ජයතිලක පන්දු 20කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ද ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී ලසිත් කෲස්පුල්ලේ, දුවිඳු රණතුංග සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි CCC කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු නිශාන් මදුශ්ක. ඔහු ඉනිම අවසන් වෙද්දී පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 109ක් ලබා ගන්නවා. එය ඔහු මෙවර තරගාවලියේ දී පිට පිට ම ලබා ගත් 2 වැනි ශතකයයි.  

ඔහුට අමතර ව දුල්නිත් සිගේරා පන්දු 18ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ද සහ ලසිත් කෲස්පුල්ලේ පන්දු 10ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී බිනුර ප්‍රනාන්දු ලකුණු 30කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව සචිත ජයතිලක, තනුක දාබරේ සහ විජයකාන්ත් වියස්කාන්ත කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • Tamil Union C & AC – කඩුලු 6ක් දැවී 193 (20.0)තනුක දාබරේ 42, ශාරුජන් ශන්මුගනාදන් 36, තෙවිඳු සේනාරත්න 33, සචිත ජයතිලක 32, විශ්ව ප්‍රනාන්දු 2/49, දුවිඳ රණතුංග 2/48, ලසිත් කෲස්පුල්ලේ 2/10
  • CCC – කඩුලු 6ක් දැවී 193 (20.0) නිශාන් මදුශ්ක නොදැවී 109, ලසිත් කෲස්පුල්ලේ 20, දුල්නිත් සිගේරා 31, බිනුර ප්‍රනාන්දු 3/30

තරගයේ ලකුණු සමයි. (Tamil Union C & AC කණ්ඩායමට සුපිරි පන්දුවාරයෙන් ජය.) 

2 වැනි අවසන් පූර්ව තරගය, NCC සහ SSC අතර තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – NCC 

ප්‍රතිවාදීන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි SSC ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 196ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් NCC කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 150ක් පමණයි. ඒ අනුව SSC කණ්ඩායමට ලකුණු 46ක ජයග්‍රහණයක් හිමි වෙනවා.  

 

SSC කණ්ඩායම  

අවිශ්ක ප්‍රනාන්දු (නායක), විශාද් රන්දික, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), නුවනිඳු ප්‍රනාන්දු, නිපුන් ධනංජය, රනුද සෝමරත්න, දිනුර කළුපහන, කවිඳු නදීශාන්, මල්ශ ප්‍රනාන්දු, මිහිරංග සිල්වා සහ ප්‍රභාත් ජයසූරිය. 

 

NCC කණ්ඩායම 

චාමික කරුණාරත්න (නායක), ජීවක සශීන්, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), කවින් බණ්ඩාර, රමිරු පෙරේරා, යෙනුල දෙව්තුස, සහන් ආරච්චිගේ, දිනෙත් ගුණවර්ධන, කවිඳු පතිරත්න, ශක්ති උදාර සහ චාමික ගුණසේකර. 

පළමුවෙන් පන්දුවට පහර දුන් SSC කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ද්විත්වයක් එක් වෙනවා. ඒ කුසල් මෙන්ඩිස් සහ නුවනිඳු ප්‍රනාන්දු ගෙන්. මෙවර තරගාවලියේ තම පළමු තරගයට සහභාගී වූ කුසල් මෙන්ඩිස් පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත් අතර නුවනිඳු ප්‍රනාන්දු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.  

ඊට අමතර ව නායක අවිශ්ක ප්‍රනාන්දු පන්දු 17ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ද සහ විශාද් රන්දික පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී චාමික කරුණාරත්න ලකුණු 51කට කඩුලු 2ක් දවා ගනිද්දී, රමිරු පෙරේරා සහ කවිඳු පතිරත්න කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි NCC කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ කවින් බණ්ඩාර. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.  

ඊට අමතර ව නිරෝෂන් දික්වැල්ල පන්දු 21ක දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 38ක් ද, යෙනුල දෙව්තුස පන්දු 20ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ද සහ සහන් ආරච්චිගේ පන්දු 14ක දී හයේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී මල්ෂ ප්‍රනාන්දු සහ කවිඳු නදීශාන් කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව ප්‍රභාත් ජයසූරිය, නුවනිඳු ප්‍රනාන්දු සහ නිපුන් ධනංජය කඩුල්ල බැගින් දවා ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • SSC – කඩුලු 4ක් දැවී 196 (20.0) විශාද් රන්දික 35, අවිශ්ක ප්‍රනාන්දු 36, කුසල් මෙන්ඩිස් 50, නුවනිඳු ප්‍රනාන්දු 50, චාමික කරුණාරත්න 2/51
  • NCC – සියලුම දෙනා දැවී 150 (19.0) නිරෝෂන් දික්වැල්ල 38, කවින් බණ්ඩාර 41, යෙනුල දෙව්තුස 23, සහන් ආරච්චිගේ 21, මල්ෂ ප්‍රනාන්දු 3/22, කවිඳු නදීශාන් 3/25

SSC කණ්ඩායමට ලකුණු 46ක ජයක්.  

මෙලෙසින් නිමා වූ අවසන් පූර්ව වටයේ තරගවලින් ජයග්‍රහණය කළ Tamil Union C & AC කණ්ඩායම සහ SSC කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහා තරගය මේ මස 16 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.  

Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<