සංගක්කාර එසේ මෙසේ නොවන සභාපති ධූරයකට

813

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝකයට දායාද කළ විශිෂ්ටතම වමත් පිතිකරුවා ලෙස කුමාර් සංගක්කාර සැලකේ. ශ්‍රී ලාංකීය නාමය ලෝකයේ සනිටුහන් කළ කුමාර් සංගක්කාර නැවතත් ලෝක ක්‍රිකට් පිටියේ කතාබහට ලක්වී ඇත. ඒ එංගලන්තයේ Marylebone Cricket Club හි නව සභාපති ලෙස පත්වීමත් සමඟයි.

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ පුහුණුකරු තනතුරට අලුත් අයෙක්

ගෙවී ගිය දින කිහිපය තුළ දී මතභේදයට තුඩු දුන් ශ්‍රී ලංකා ‘A’ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය….

2019 ඔක්තෝබර් මස 19 වැනිදා සිට ඔහු මෙම ආයතනයේ වැඩ බාර ගැනීමට නියමිතයි. මෙහි විශේෂත්වය වන්නේ මහා බ්‍රිතාන්‍යයේ නොවන පුද්ගලයෙකු මෙම තනතුරට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය වන නිසාවෙනි. මෙම Marylebone Cricket Club හි නිල ක්‍රීඩාංගණය ලෝක ප්‍රසිද්ධ ලෝඩ්ස් ක්‍රීඩාංගණය වේ.

මෙම Marylebone Cricket Club හි වර්තමාන සභාපති වන Anthony Wreford විසින් අද (01) පැවති එම ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීමේ දී නව සභාපති ලෙස කුමාර් සංගක්කාර යෝජනා වී ඇති බව නිවේදනය කර ඇත. එම රැස්වීම ලෝඩ්ස් හිදී පැවැත්විය.

කුමාර් සංගක්කාර මෙම Marylebone Cricket Club සමඟ දිගු කලක සිට කටයුතු කරන අතර 2011 වසරේ MCC Spirit Of Cricket Cowdrey දේශනය පැවැත්වීමේ භාග්‍යය ද හිමි කරගත්තේය. එම දේශනය කුමාර් සංගක්කාරගේ ක්‍රිකට් ජීවිතයට මහත් වටිනා අවස්ථාවක් වූ බව නොරහසක්. එහි දී ඔහුගේ දේශනය ලොව පුරා සිටින සියලු ක්‍රීඩකයන්ට වටිනා ආදර්ශයක් සැපයීමට සමත් විය.

2012 වසරේ දී MCC විසින් ජීවිත කාලය සඳහාම පවතින ගෞරව සාමාජිකත්වය කුමාර් සංගක්කාර හට පිරිනැමූ අතර එම වසරේ සිටම ඔහු එම ක්‍රිකට් ආයතනයේ කමිටු සාමාජිකයෙක් ලෙස කටයුතු කරන ලදි.

එකමුතුයි නම් ශ්‍රී ලංකාවට පෙරළියක් කළ හැකියි – චමින්ද වාස්

1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ප්‍රධානතම සාමාජිකයෙක් ද වූ ශ්‍රී ලංකාව බිහි කළ…..

MCC හා කුමාර් සංගක්කාර අතර පවතින සම්බන්ධය දිගු කාලයකට දිව යන අතර එය ආරම්භ වූයේ 2002 වසරේ දී ය. ඒ ඔහු ආරම්භ පිතිකරුවෙක් ලෙස එම කණ්ඩායමට එක්වීමත් සමඟිනි. ඒ Chesterfield හි Queens Park හිදීය.

2005 වසරේ සුනාමි ව්‍යසනයෙන් අනාථ වූවන්ට ආධාර පිණිස ලෝක ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වූ ක්‍රිකට් තරගයේ දී ද සංගක්කාර MCC කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය. එම තරගයේ සියලු ආධාර මගින් සීනිගම ප්‍රදේශයේ MCC Center for Excellence නම් ආයතනයක් පිහිටුවා එම ප්‍රදේශයේ අසරණ ජනතාවට ආධාර සැපයීමක් සිදු කෙරෙනි.

මෙම ගෞරවාන්විත අවස්ථාව සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර අදහස් දක්වා සිටියා.

“මේක ගොඩක් ලොකු ගෞරවයක් MCC හි මීළඟ සභාපති ලෙස පත්වීමට ලැබීම. මට ලෝකේ හොඳම ක්‍රීඩා සමාජය MCC කියලා කියන්න පුළුවන්. මෙම ක්‍රීඩා සමාජය අන්තර්ජාතික මට්ටමෙන් ගොඩක් දේවල් කරන සමාජයක්. ක්‍රිකට් පිටියේ විතරක් නෙමෙයි. ක්‍රිකට් පිටියෙන් පිටත පවා ක්‍රිකට් වෙනුවෙන් කැපවූ සමාජයක්. 2020 වසර ලෝක ක්‍රිකට්වලට ගොඩක් වැදගත් වේවි. ඒ වගේම ලෝඩ්ස් වලටත්. මම ගොඩක් සතුටු වෙනවා මේ MCC හි සභාපති ලෙස ඒකට දායක වෙන්න ලැබුණු අවස්ථාවට.”

ලෝඩ්ස් හි ගෞරව නාම ලේඛනයට (Honours Board) අවස්ථා දෙකක දී කුමාර් සංගක්කාර ඇතුළත් විය. එම අවස්ථා දෙකම 2014 වසරේ දී වීම විශේෂත්වයකි. එංගලන්තය සමඟින් එම වසරේ පැවති ටෙස්ට් තරගයේ දී වාර්තා කළ ලකුණු 147 එහි පළමු අවස්ථාවයි. එම වසරේ දී ම එංගලන්තයට එරෙහිව එක්දින තරගයක දී ලකුණු 112ක් ලබා ගැනීම දෙවන අවස්ථාව වේ.

ලෝක කුසලාන තෑගි මල්ලේ පරිනාමය

ලොව ක්‍රියාත්මක ලෝක කුසලාන තරගාවලි අතරින් දැවැන්තම ත්‍යාග මුදල පිරිනමනු ලබන්නේ පාපන්දු….

කුමාර් සංගක්කාර MCC ආයතනයේ සභාපති ලෙස මෙම වසරේ ඔක්තෝබර් පළමු වැනිදා සිට කටයුතු කරනු ඇත. ඒ අනුව ඔහු 2020 වසරේ සැප්තැම්බර් 30 දක්වා සභාපති ලෙස සිටීමට නියමිතයි. එම වසරේ දී පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝඩ්ස් පිටියේ දී එංගලන්තය හමුවනු ඇත. The Hundred Competition වැඩසටහන ද සංගක්කාරගේ ධූර කාලයේ දී ආරම්භ වනු ඇත.

මෙම පත්වීම පිළිබඳව වර්තමාන සභාපති වන Anthony Wreford ද අදහස් දක්වා තිබුණි.

“අපි MCC විදිහට එංගලන්තයේ හා ජාත්‍යන්තරයේ නම සටහන් කරමින් තිබෙනවා. මම සතුටු වෙනවා කුමාර් මෙම ආරාධනය පිළිගැනීමට ගැන. අපි ජනවාරි මාසයේ දී තමයි මෙම ආරාධනාව කළේ. ඒ වෙලාවේ ඔහු කැමති උනා සභාපති වෙන්න. සංගක්කාර ක්‍රිකට් පිටියේ හා ඉන් පිටත තම නම සනිටුහන් කල ක්‍රීඩකයෙක්. ඔහුගෙන් MCC වලට සිදු වූ සේවාව මිල කළ නොහැකි. මම හිතනවා මේ එළඹෙන ලෝක කුසලාන හා අළුබදුන කුසලාන පැවැත්වෙන වසරේ සංගක්කාර MCC වෙනුවෙන් ලොකු සේවාවක් කරයි කියලා “

ජාත්‍යන්තරය තුල ශ්‍රී ලාංකීය නාමය සනිටුහන් කිරීමට සමත් වූ කුමාර් සංගක්කාර හට ThePapare.com උණුසුම් සුබ පැතුම් එක්කරමු.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<