ශ්‍රී ලංකා ක්‍රිකට් සහාය පුහුණුකරු වගකීම ශ්‍රී ලාංකිකයෙක්ට

960

ශ්‍රී ලංකා ක්‍රිකට් (පිරිමි) කණ්ඩායමේ නව සහාය පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු Naveed Nawaz මහතා පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු 2022 අප්‍රේල් 1 වැනිදා සිට වසර දෙකක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් (පිරිමි) කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

ඔහු මීට පෙර බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර 2020 වසරේ දී බංග්ලාදේශ යොවුන් කණ්ඩායම 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ද ජය ගැනීමට සමත් වුණේ ඔහුගේ පුහුණුකාරීත්වය යටතේයි.

48 හැවිරිදි ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට හා එක්දින තරග 3කට ක්‍රීඩා කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු Chris Silverwood වසර දෙකක ගිවිසුම් කාලයක් සමඟ පත් කිරීමට පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<