ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තවත් පරාජයක්

Nations Cup 2023

384
Nations Cup 2023 - Sri Lanka vs Singapore A

සිංගප්පූරුවේ පැවැත්වෙන Nations Cup දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ දෙවැනි තරගය ඊයේ (23) පැවැත්වුණා.

කැනඩා කණ්ඩායම හමුවේ ලද තියුණු පරාජයෙන් පසු සිංගප්පූරු A කණ්ඩායම සමඟ පැවති මෙම තරගය ද ලකුණු 62-51ක් ලෙස පරාජය වෙමින් තරගාවලියේ දෙවැනි පරාජයට උරුමකම් කියන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වුනා.  

මෙම තරගයේ පළමු කාර්තුව ලකුණු 15-10ක් ලෙස ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරගය ආරම්භයේ ම ඉතා තියුණු පීඩනයක් එල්ල කිරීමට සිංගප්පූරු A ක්‍රීඩිකාවන් සමත් වුනා. 

දෙවැනි කාර්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් ප්‍රතිවාදීන්ට තරමක පීඩනයක් එල්ල කිරීමට සමත් වූවත්, එම වටය ද ලකුණු 14-12ක් ලෙස ජයග්‍රහණය කිරීමට සිංගප්පූරු ක්‍රීඩිකාවන් සමත් වුනේ පළමු අර්ධයේ පෙරමුණ ලබා ගනිමිනුයි.

තෙවැනි කාර්තුව ද සිය ආධිපත්‍යට රඳවා ගත් සිංගප්පූරු ක්‍රීඩිකාවන් විසින් එම වටය ලකුණු 16- 14ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර අවසන් කාර්තුව ඔවුන් ජයග්‍රහණය කළේ ලකුණු 17-15ක් ලෙසයි. 

ඒ සමඟ සමස්ත කාර්තු හතර පුරා සිය ආධිපත්‍යයේ රඳවා ගනිමින් තරගය ලකුණු 62-51ක් ලෙස ජයග්‍රහණය කිරීමට සිංගප්පූරු ක්‍රීඩිකාවන් සමත් වුනා.  

අවසන් ලකුණු තත්වය: සිංගප්පූරු A 62 – 51 ශ්‍රී ලංකාව  

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය Cook Islands කණ්ඩායම සමඟ අද (24) පැවැත්වෙනවා.

එම තරගයේ ඇතුළු 2023 Nations Cup තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<