පාකිස්තානයේ අම්ජාඩ් ශතකයක් වාර්තා කරයි

83
SLC Limited Over 2019/20

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර තරගාවලියේ අද (22) දිනයේ අවසන් වූ තරගයක දී මෙරටට පැමිණි විදෙස් ක්‍රීඩකයන් අතුරින් වාර්තා කරන ලද පළමු ශතකය වාර්තා කිරීමට පාකිස්තානයේ මන්සූර් අම්ජාඩ් සමත් විය. 

යොහාන් අර්ධ ශතකයක් රැස්කර ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ..

පාකිස්තානය වෙනුවෙන් 2008 වසරේ දී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් නියෝජනය කර ඇති මන්සූර් අම්ජාඩ් ගාල්ල ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරයි. ඔහු අද දිනයේ පැවති තරගයේ දී පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 119ක් රැස්කර ගැනීමට සමත් විය. ඔහු ආරම්භක පිතිකරු ජාකෝබ් සචින් (30) හා එක්වෙමින් පළමු කඩුල්ලට ලකුණු 126ක සබඳතාවක් ද ගොඩ නැගූහ. 

මේ අතර සී. සී. සී. කණ්ඩායමේ මිනෝද් භානුක පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් රැස්කර ගත්තේය. ඒ එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දීය.  

එන්. සී. සී. කණ්ඩායම නියෝජනය කරන පැතුම් නිස්සංක පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 6ක සමඟින් ලකුණු 69ක් රැස්කර ගත් අතර ඔහුට අමතරව එම කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරා පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් රැස්කර ගත්තේය. ඔවුන් දෙදෙනා එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95ක සබඳතාවක් ගොඩ නගමින් කණ්ඩායමේ ගැලවුම්කරුවන් වූහ. 

දවසේ හොඳම පන්දු යැවීමට එන්. සී. සී. කණ්ඩායමේ වමතින් දඟ පන්දු යැවූ සචිඳු කොළඹගේ සමත් වීම කැපී පෙණුනි. ඔහු තම පන්දුවාර 10 තුළදී ලකුණු 46ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. 

Group B

කැන්ඩි කස්ටම්ස් සහ ශ්‍රී ලංකා පොලිසිය අතර තරගය (පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී) 

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 78 (26.2) චානක විජේසිංහ 17, නිසාර් අහමඩ් 2/23, සුජාන් මයුර 2/20, අසෙල් සිගේරා 4/10. 

පොලිස් ක්‍රීඩා සමාජය : කඩුලු 3ක් දැවී 79 (25) වී. ඒ. ඉන්දුල්කර් 26, දුලාශ් උදයංග නොදැවී 30. 

පොලිස් ක්‍රීඩා සමාජයට කඩුලු 7ක් ජයක් හිමිවිය. 

සී. සී. සී. සහ එන්. සී. සී. අතර තරගය (සී. සී. සී. පිටියේ දී) 

සී. සී. සී. : සියලු දෙනා දැවී 196 (48.2) මිනෝද් භානුක 65, අශාන් ප්‍රියංජන් 23, ලහිරු මධුශංක 43, මාලින්ද පුෂ්පකුමාර නොදැවී 21, චතුරංග ද සිල්වා 2/28, සචිඳු කෝළඹගේ 5/46. 

එන්. සී. සී. : කඩුලු 6ක් දැවී 199 (46.5) පැතුම් නිස්සංක 69, ඇන්ජලෝ පෙරේරා 66, සහන් ආරච්චිගේ 20, ලහිරු ගමගේ 2/19, සඳුන් මෙන්ඩිස් 2/39. 

එන්. සී. සී. කණ්ඩායමට කඩුලු 4ක ජයක් හිමිවිය. 

ඩිල්ෂාන් මුණවීර තුන් ඉරියව් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ..

වරාය සහ ගාල්ල අතර තරගය (කටුනායක නිදහස් වෙළෙඳ කළාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී) 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 166 (48.3) යොහාන් ද සිල්වා 25, ගයාන් මනීශාන් 42, අදීශ නානායක්කාර 36, අබිඩ් හසන් 3/12, සාරංග රාජගුරු 2/45. 

ගාල්ල ක්‍රිකට් සමාජය : කඩුලු 4ක් දැවී 167 (36.1) ජාකෝබ් සචින් 30, මන්සූර් අම්ජාඩ් නොදැවී 119, රජීව වීරසිංහ 2/25, හෂාන් විමර්ශන 2/31. 

ගාල්ල ක්‍රිකට් සමාජයට කඩුලු 6ක ජයක් හිමිවිය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<