NSL තරගාවලියට දින වෙන් කෙරේ

National Super League 2024

343
National Super League 2024

ජාතික සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලිය මේ මස 18 වැනිදා සිට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානම් වෙනවා. පෙර පරිදි ම මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් සහභාගී වෙන අතර එම කණ්ඩායම් කොළඹ, ගාල්ල, මහනුවර, දඹුල්ල සහ යාපනය ලෙසින් මෙවර ද නම් කර තිබෙනවා.

තරගාවලියේ තරග කොළඹ එස්. එස්. සී., කොළඹ ආර්. ප්‍රේමදාස, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ මුල් කාර්තුවේ තරග පෙබරවාරි මස 18 වැනිදා දක්වා පැවැත්වෙන් අතර දෙවැනි කාර්තුවේ තරග පැවැත්වෙන්නේ මාර්තු මස 14 වැනිදා සිටයි.

සෑම කණ්ඩායමක් ම එක් එක් කණ්ඩායම් සමඟ තරග 2 බැගින් මුහුණ දෙන අතර අවසන් තරගය සඳහා කණ්ඩායම් තෝරා ගැණෙන්නේ එක් එක් කණ්ඩායම ලබා ගන්නා ලද ප්‍රසාද ලකුණු මතයි.

එසේ තීරණය වන අවසන් මහා තරගය අප්‍රේල් මස 30 වැනිදා සිට මැයි මස 03 වැනිදා දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසරේ පැවැති තරගාවලියේ දී සූරතාව දිනා ගත්තේ දඹුල්ල කණ්ඩායමයි. එහි දී ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 75ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දඹුල්ල ක්‍රීඩකයෝ සමත් වූවා.

තරග කාලසටහන

Dates Match No Team 1 Team 2 Venue
ජනවාරි

18-21

1 ගාල්ල මහනුවර MRICS, හම්බන්තොට
2 යාපනය කොළඹ SSC, කොළඹ
ජනවාරි

25-28

3 කොළඹ දඹුල්ල SSC, කොළඹ
4 මහනුවර යාපනය MRICS, හම්බන්තොට
පෙබරවාරි 01-04 5 දඹුල්ල ගාල්ල MRICS, හම්බන්තොට
6 කොළඹ මහනුවර PICS, මහනුවර
පෙබරවාරි 08-11 7 යාපනය ගාල්ල RPICS, කොළඹ
8 මහනුවර දඹුල්ල RDICS, දඹුල්ල
පෙබරවාරි 15-18 9 ගාල්ල කොළඹ RPICS, කොළඹ
10 දඹුල්ල යාපනය PICS, මහනුවර
 
මාර්තු

14-17

11 මහනුවර ගාල්ල RDICS, දඹුල්ල
12 කොළඹ යාපනය PICS, මහනුවර
මාර්තු

21-24

13 දඹුල්ල කොළඹ MRICS, හම්බන්තොට
14 යාපනය මහනුවර RPICS, කොළඹ
මාර්තු

28-31

15 ගාල්ල දඹුල්ල RDICS, දඹුල්ල
16 මහනුවර කොළඹ PICS, මහනුවර
අප්‍රේල්

04-07

17 ගාල්ල යාපනය RPICS, කොළඹ
18 දඹුල්ල මහනුවර RDICS, දඹුල්ල
අප්‍රේල්

23-26

19 කොළඹ ගාල්ල RDICS, දඹුල්ල
20 යාපනය දඹුල්ල PICS, මහනුවර
 
අප්‍රේල් 30- මැයි 03 21 අවසන් මහා තරගය PICS, මහනුවර

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<