සුමංගලෝදයේ ක්‍රිකට් විසිතුරු

Sumangalodaya Cricket Sixers 2024

202
Sumangalodaya Cricket Sixers 2024

ගාල්ල, කළහේ ශ්‍රී සුමංගලෝදය විද්‍යාලය මඟින් පළමු වැනි වරටත් සංවිධානය කරන ලද Sumangalodaya Cricket Sixers තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දිල්ෂාන් කාවින්දගේ නායකත්වයෙන් යුත් Team Blues ක්‍රීඩකයෝ සමත් වෙන ලදි.

තරගාවලියේ ගමන් මඟ
Team 1 Team 2 Results
1 Team Blues Team Reds Team Blues කණ්ඩායමට ලකුණු 33ක ජයක්.
2 Team Greens Team Purple Team Greens කණ්ඩායමට ලකුණු 14ක ජයක්.
3 Team Purple Team Reds Team Purple කණ්ඩායමට ලකුණු 20ක ජයක්
4 Team Blues Team Greens Team Greens කණ්ඩායමට කඩුල්ලක ජයක්.
5 Team Purple Team Blues Team Blues කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
6 Team Reds Team Greens Team Reds කණ්ඩායමට ලකුණු 41ක ජයක්.
අවසන් මහා තරගය
7 Team Greens Team Blues Team Blues කණ්ඩායමට කඩුලු 4ක ජයක්

වසර 100කට වැඩි පැරණි ශ්‍රී සුමංගලෝදය විද්‍යාලයීය ඉතිහාසයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය ලියැවෙන්නේ මීට වසර 7කට පෙර හරියට ම 2017 වසරේ දී. එදින සිට විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණ කණ්ඩායම් 4ක ගේ සහභාගීත්වයෙනුයි මෙම තරගය පැවතෙන්නේ.

ඒ අනුව Team Blues කණ්ඩායම දිල්ෂාන් කාවින්ද විසින් ද, Team Reds කණ්ඩායම දුලීප නෙත්මිණ විසින් ද, Team Greens කණ්ඩායම තරුෂ දිල්ෂාන් විසින් ද සහ Team Purple කණ්ඩායම ඉරේශ් උදයංග විසින් ද මෙහෙයවුවා.

ගාල්ල, මානවිල උපනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා කණ්ඩායම් තේරී පත් වෙන්නේ පළමු වටයේ ලබා ගත් ප්‍රසාද ලකුණු මතයි.

ඒ අනුව Team Blues කණ්ඩායම තරග 2ක් ජයග්‍රහණය කරමින් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ලකුණු 3.375ක් ද සහ Team Greens තරග 2ක් ජයග්‍රහණය කරමින් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ලකුණු -1.367ක් ලබා ගනිමින් ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

අවසන් මහා තරගය, ගාල්ල, 23, පෙබරවාරි 2024, Sumangalodaya Cricket Sixers

o ක්‍රීඩාංගණය: මානවිල උපනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණය

o කාසියේ වාසිය: Team Greens

කාසියේ වාසිය දිනා ගත් Team Greens ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිස කිසිවෙක් නොදැවී ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට ප්‍රතිවාදී ඉනිමේ දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 61ක් ලබා ගැනීමට Team Blues කණ්ඩායම සමත් වූවා.

පළමුවෙන් පන්දුවට පහර දුන් Team Blues කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු කවීෂ නෙත්මිණ පන්දු 18ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකණු 35ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ සහායකයා වූ නායක තරුෂ ඩිල්ශාන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 19ක්. පන්දු 13කින් සමන්විත වූ එම ඉනිමට හතරේ පහර 3ක් ඇතුලත් වුණා.

ප්‍රතිවාදී ඉනිමෙ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු නායක දිල්ශාන් කාවින්ද. ඔහු පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා ගත්තා. එය මෙම තරගයේ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වූ අතර එම දක්ෂතාව අවසන් තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට ද ඉවහල් වූවා.

ඊට අමතර ව ගයාන් කෞශල්‍ය (7), නිම්සර ගුණසේකර (4)ක් සහ රමේෂ් ක්‍රිශාන්ත (3*) ලකුණු ලබා ගැනීමෙන් සහාය වූවා.

කඩුලු දවා ගැනීමේ දී කවිඳු සසංක ලකුණු 14කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Greens – කිසිවෙක් නොදැවී 60 (5.0) තරුෂ ඩිල්ශාන් නොදැවී 19, කවීෂ නෙත්මිණ නොදැවී 35

Team Blues – කඩුලු 2ක් දැවී 61 (3.4) දිල්ශාන් කාවින්ද නොදැවී 44, කවිඳු සසංක 2/14

Team Blues කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

o අවසන් මහා තරගයේ වීරයා – දිල්ශාන් කාවින්ද (Team Blues)

o තරගාවලියේ දක්ෂතම පිතිකරු – දිල්ශාන් කාවින්ද (Team Blues)

o තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – ගයාන් කාවිංග (Team Greens)

තරගාවලියේ දක්ෂතා දැක් වූ සුමංගලෝදය ක්‍රීඩකයෝ

තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු වූයේ Team Blues කණ්ඩායමේ නායක ඩිල්ශාන් කාවින්ද. ඔහු තරග 4ක දී ලකුණු 142ක් ලබා ගන්නවා. එම ලකුණු අතරට

එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය Team Purple කණ්ඩායමේ ඉරේෂ් උදයංග ලබා ගත්තා. ඔහු තරග 3ක දී ලකුණු 82ක් ලබා ගනිමින් මෙම ස්ථානය තහවුරු කර ගන්නවා. එහි තෙවැනි ස්ථානය හිමි කර ගන්නේ Team Greens කණ්ඩායමේ කවීෂ නෙත්මිණ. ඔහු තරග 4ක දී ලකුණු 74ක් ලබා ගනිමින් එම අසුන වෙන් කර ගන්නවා.

ඊට අමතර ව Team Reds කණ්ඩායමේ දුලීප ලියනගේ ලකුණු 66ක් සහ එම කණ්ඩායමේ ම කවීෂ ශෙහාර ලකුණු 43ක් ලබා ගනිමින් සිවු වැනි සහ 5 වැනි ස්ථාන දිනා ගන්නවා.

තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය දෙදෙනෙක් අතරේ බෙදී යනවා. ඒ අනුව  Team Greens කණ්ඩායමේ කවිඳු සසංක සහ Team Greens කණ්ඩායමේ ගයාන් කාවින්ද කඩුලු 4 බැගින් දවා ගනිමින් එම අසුන බෙදා ගන්නවා.

ඊට පසුව කඩුලු 3ක් බැගින් දවා ගත්  Team Blues කණ්ඩායමේ යසිරු රසාංග, Team Reds කණ්ඩායමේ දුලීප ලියනගේ සහ එම කණ්ඩායමේ ම කවීෂ ෂෙහාර මෙම ලැයිස්තුවේ ඉහළ ස්ථාන වෙන් කර ගන්නවා.

තරගාවලිය රෝහණ ප්‍රියන්ත ගාල්ලගේ මහතාගේ උපදේශකත්වයෙන් සහ අනුශාසකත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන පුහුණුකරු ධනුෂ්ක සමරකෝන්, සුදේශ් ලියනගේ, රංජිත් ජයවර්ධන සහ මේනක ප්‍රසන්න යන මහත්වරුන්ගේ සංවිධායකත්වය යටතේ පැවැතියා.

ක්‍රිකට් ක්‍රීඩාව පාසල් ළමුන් තුළත් සහ පාසල් ප්‍රජාව තුළත් ව්‍යාප්ත කිරීම අරමුණු කර ගනිමින් පැවැති මෙම තරගාවලියේ ජය සංඛේත ප්‍රදානය N.O.G. Clearing ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ වසන්ත ප්‍රේමලාල් මහතා සහ මානවිල උපනන්ද විද්‍යාලයීය විදුහල්පති ආරියරත්න දොලමුල්ල මහතාගේ සහභාගීත්වයෙන් සිදු වුණා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<