Home Sinhala ලසිත් ඇඹුල්දෙණිය හොඳම එක යවයි

ලසිත් ඇඹුල්දෙණිය හොඳම එක යවයි

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2023

383

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තරග අද (21) තවත් දිනයක් ඉතිරිව තිබිය දී නතර වෙද්දී, මහනුවර සහ ගාල්ල කණ්ඩායම් ඉනිමක ජයග්‍රහණ වාර්තා කරන ලද අතර වමතින් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය තම පළමු පෙළ තරගවල තරගයක හොඳම පන්දු යැවීම ද වාර්තා කිරීමට සමත් වුනා.

මහනුවර නියෝජනය කරන ලසිත් ඇඹුල්දෙණිය කොළඹට එරෙහිව අද ලකුණු 26කට කඩුලු 5ක් දවා ගත් අතර පළමු ඉනිමේ දී ද ඔහු ඔවුන්ට එරෙහිව ලකුණු 60කට කඩුලු 5ක් දවා ගත්තා.

ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 86කට කඩුලු 10ක් දවා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග 59ක, තරගයක හොඳම පන්දු යැවීම ද වුනා.

එම දක්ෂතාවත් සමඟින් මහනුවර ක්‍රීඩකයෝ කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 279ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා.

මේ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති ගාල්ල සහ දඹුල්ල අතර තරගයෙන් ඉනිමක සහ ලකුණු 70ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ගාල්ල ක්‍රීඩකයෝ සමත් වුනා.

කොළඹ සහ මහනුවර

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දෙවැනි දිනය අවසන් වන විට මහනුවර ක්‍රීඩකයෝ, කොළඹ ක්‍රීඩකයෝ ලබා සිටි ලකුණු 214ට පිළිතුරු ලෙසින් කඩුලු 7ක් දැවී ලකුණු 554ක් ලබා සිටියා. ඔවුන් අද තම ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 565ක් වෙද්දී අත්හිටවූවා.

පෙර දින නොදැවී ලකුණු 99ක් ලබා සිටි මහනුවර කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ අද තම ශතකය සම්පූර්ණ කර ගත් අතර ඔහු පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 107ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී කොළඹ කණ්ඩායමේ නිසල තාරක ලකුණු 112කට කඩුලු 5ක් දවා ගත් අතර ඊට අමතරව කලණ පෙරේරා, ප්‍රභාත් ජයසූරිය සහ ලක්ෂිත මනසිංහ කඩුල්ල බැගින් බෙදා ගත්තා.

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 351ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ කොළඹ ක්‍රීඩකයන්ට එවර ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 72ක් පමණයි.

එම ඉනිමට එරෙහිව ලකුණු 26කට කඩුලු 5ක් දවා ගැනීමට මහනුවර කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය සමත් වුනා. ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 76කට කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා. එය ඇඹුල්දෙණියගේ පළමු පෙළ ක්‍රිකට් තරගවල තරගයක හොඳම පන්දු යැවීම බවට ද පත් වූවා.

ඊට අමතරව දෙවැනි ඉනිමේ දී අම්ෂි ද සිල්වා සහ අශේන් ඩැනියෙල් කඩුලු 2 බැගින් දවා ගත් අතර නිම්සර අතරගල්ල කඩුල්ලක් දවා ගත්තා.

  • කොළඹ – පළමු ඉනිම පන්දුවාර 64.5ක දී සියලුම දෙනා දැවී 214 – රොෂේන් සිල්වා 21, නිසල තාරක 38, ප්‍රභාත් ජයසිංහ 51, ලසිත් ඇඹුල්දෙණිය 5/60, නිම්සර අතරගල්ල 4/62
  • මහනුවර – පළමු ඉනිම පන්දුවාර 109.1ක දී කඩුලු 9ක් දැවී 565 – ලසිත් කෲස්පුල්ලේ 29, ඕෂඳ ප්‍රනාන්දු 201, සඳුන් වීරක්කොඩි 144, සහන් ආරච්චිගේ 32, අහන් වික්‍රමසිංහ 107, නිසල තාරක 5/112
  • කොළඹ – දෙවැනි ඉනිම පන්දුවාර 24.4ක දී සියලුම දෙනා දැවී 72 – මනෝජ් සරත්චන්ද්‍ර 18, අම්ෂි ද සිල්වා 2/12, ලසිත් ඇඹුල්දෙණිය 5/26, අශේන් ඩැනියෙල් 2/15

මහනුවර කණ්ඩායමට ඉනිමක ලකුණු 279ක ජයක්.

Result


Team Colombo
214/10 (64.5) & 72/10 (24.4)

Team Kandy
565/9 (109.1)

Batsmen R B 4s 6s SR
Nipun Dhananjaya c Sahan Arachchige b Nimsara Atharagalla 16 45 1 0 35.56
Avisha Fernando c Lahiru Udara b Amshi De Silva 10 12 1 0 83.33
Nuwanidu Fernando b Nimsara Atharagalla 9 16 2 0 56.25
Navindu Nirmal c Lahiru Udara b Lasith Embuldeniya 7 32 0 0 21.88
Roshane Silva lbw b Lasith Embuldeniya 21 50 3 0 42.00
Manoj Sarathchandra c Amshi De Silva b Lasith Embuldeniya 10 13 2 0 76.92
Lakshitha Manasinghe c Sahan Arachchige b Nimsara Atharagalla 14 12 3 0 116.67
Nisala Tharaka c Sahan Arachchige b Nimsara Atharagalla 38 99 3 0 38.38
Isitha Dew Wijesundara c Oshada Fernando b Lasith Embuldeniya 14 21 2 0 66.67
Prabath Jayasuriya c Lasith Croospulle b Lasith Embuldeniya 51 84 5 1 60.71
Kalana Perera not out 0 5 0 0 0.00


Extras 24 (b 8 , lb 7 , nb 0, w 9, pen 0)
Total 214/10 (64.5 Overs, RR: 3.3)
Bowling O M R W Econ
Amshi De Silva 11 2 41 1 3.73
Lasith Embuldeniya 29.5 8 60 5 2.03
Ashian Daniel 5 0 15 0 3.00
Nimsara Atharagalla 15 1 62 4 4.13
Sahan Arachchige 4 0 21 0 5.25
Batsmen R B 4s 6s SR
Lasith Croospulle c Roshane Silva b Nisala Tharaka 29 25 3 0 116.00
Kasun Vidura Adikari c Manoj Sarathchandra b Kalana Perera 1 8 0 0 12.50
Oshada Fernando c Nipun Dhananjaya b Nisala Tharaka 201 287 23 1 70.03
Sandun Weerakkody c Isitha Dew Wijesundara b Nisala Tharaka 144 154 18 4 93.51
Lahiru Udara c Manoj Sarathchandra b Lakshitha Manasinghe 9 10 1 0 90.00
Sahan Arachchige run out () 32 51 1 0 62.75
Ahan Wickramasinghe c Manoj Sarathchandra b Nisala Tharaka 107 95 14 3 112.63
Amshi De Silva b Prabath Jayasuriya 0 5 0 0 0.00
Ashian Daniel not out 8 31 0 0 25.81
Lasith Embuldeniya c Manoj Sarathchandra b Nisala Tharaka 0 2 0 0 0.00


Extras 34 (b 15 , lb 1 , nb 12, w 6, pen 0)
Total 565/9 (109.1 Overs, RR: 5.18)
Bowling O M R W Econ
Kalana Perera 17 2 69 1 4.06
Isitha Dew Wijesundara 15 2 76 0 5.07
Nisala Tharaka 22.1 1 112 5 5.07
Prabath Jayasuriya 31 2 172 1 5.55
Lakshitha Manasinghe 15 0 79 1 5.27
Nuwanidu Fernando 7 0 33 0 4.71
Nipun Dhananjaya 2 0 8 0 4.00


Batsmen R B 4s 6s SR
Nipun Dhananjaya lbw b Amshi De Silva 4 29 0 0 13.79
Avisha Fernando c Lahiru Udara b Nimsara Atharagalla 5 14 1 0 35.71
Nuwanidu Fernando c Lasith Embuldeniya b Amshi De Silva 15 17 3 0 88.24
Navindu Nirmal c Nimsara Atharagalla b Lasith Embuldeniya 0 5 0 0 0.00
Roshane Silva c & b Ashian Daniel 5 13 0 0 38.46
Manoj Sarathchandra c Kasun Vidura Adikari b Lasith Embuldeniya 18 36 3 0 50.00
Lakshitha Manasinghe c Kasun Vidura Adikari b Lasith Embuldeniya 0 13 0 0 0.00
Nisala Tharaka b Lasith Embuldeniya 0 1 0 0 0.00
Prabath Jayasuriya st Lahiru Udara b Lasith Embuldeniya 11 10 1 1 110.00
Isitha Dew Wijesundara b Ashian Daniel 7 10 0 0 70.00


Extras 7 (b 4 , lb 1 , nb 0, w 2, pen 0)
Total 72/10 (24.4 Overs, RR: 2.92)
Bowling O M R W Econ
Amshi De Silva 7 1 12 2 1.71
Nimsara Atharagalla 5 2 14 1 2.80
Lasith Embuldeniya 7.4 1 26 5 3.51
Ashian Daniel 5 1 15 2 3.00



ගාල්ල සහ දඹුල්ල

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ තෙවැනි දිනය ආරම්භ වූයේ දඹුලු ක්‍රීඩකයන්ට ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 137ක් පිටුපස සිටිමින්.

ඒ වෙද්දී දඹුල්ල දෙවැනි ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 2ක් දැවී ලකුණු 47ක් ලෙසින්. පෙර දින නොදැවී ලකුණු 13ක් ලබා සිටි ඩිලාන් ජයලත් අද එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් ලකුණු ලබා ගැනීමට පෙරමුණ ගත්ත ද, ගාලු පන්දු යවන්නෝ අනෙක් අන්තයෙන් ප්‍රතිවාදී පිතිකරුවන් අසරණ කිරීමට සමත් වුනා.

ඩිලාන් ජයලත් පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 47ක් ලබා ගනිද්දී, දඹුලු ඉනිමේ අවසන් කඩුලු 6 පන්දු 25ක් තුළ ලකුණු 3ක් පමණක් ලබා දෙමින් දවා ගැනීමට ගාලු ක්‍රීඩකයෝ සමත් වුනා.

දඹුලු ඉනිම ලකුණු 114කට සීමා වෙද්දී රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් දවා ගනිමින් දෙවැනි ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව මිලාන් රත්නායක සහ අසංක මනෝජ් කඩුලු 2 බැගින් බෙදා ගනිද්දී කවිශ්ක අංජුල කඩුල්ලක් දවා ගත්තා.

  • දඹුල්ල – පළමු ඉනිම පන්දුවාර 48.5ක දී සියලුම දෙනා දැවී 155 – නිමේෂ ගුණසිංහ 31, ඩිලාන් ජයලත් 27, ලසිත් අබේරත්න 24, චලන ද සිල්වා 23, ලක්ෂාන් සඳකැන් නොදැවී 26, කවිශ්ක අංජුල 5/23, අසංක මනෝජ් 2/35, රමේෂ් මෙන්ඩිස් 2/11
  • ගාල්ල – පළමු ඉනිම පන්දුවාර 90.2ක දී සියලුම දෙනා දැවී 339 – හෂාන් දුමිඳු 37, ඇන්ජලෝ මැතිව්ස් 82, රමේෂ් මෙන්ඩිස් 60, කවිශ්ක අංජුල 69, ප්‍රවීන් ජයවික්‍රම 29, අසිත ප්‍රනාන්දු 3/70, විශ්ව ප්‍රනාන්දු 3/75, චලන ද සිල්වා 2/69
  • දඹුල්ල – දෙවැනි ඉනිම පන්දුවාර 44.0ක දී සියලුම දෙනා දැවී 114 – නිමේෂ් ගුණසිංහ 29, ඩිලාන් ජයලත් 47, මිලාන් රත්නායක 2/34, අසංක මනෝජ් 2/27, රමේෂ් මෙන්ඩිස් 3/23

ගාල්ලට ඉනිමක සහ ලකුණු 70ක ජයක්.

Result


Team Dambulla
155/10 (48.5) & 114/10 (44)

Team Galle
339/10 (90.2)

Batsmen R B 4s 6s SR
Nimesh Gunasinghe c Vishad Randika b Asanka Manoj 31 56 4 0 55.36
Gayan Maneeshan c Lakshan Edirisinghe b Kavishka Anjula 3 11 0 0 27.27
Dilan Jayalath c Vishad Randika b Kavishka Anjula 27 76 3 0 35.53
Lasith Abeyrathne c Hashan Dumindu b Kavishka Anjula 24 28 4 0 85.71
Minod Bhanuka c Vishad Randika b Ramesh Mendis 2 7 0 0 28.57
Sanoj Darshika c Lakshan Edirisinghe b Kavishka Anjula 7 9 1 0 77.78
Lahiru Samarakoon b Kavishka Anjula 0 3 0 0 0.00
Chalana de Silva  c Milan Rathnayake b Asanka Manoj 23 29 4 0 79.31
Lakshan Sandajan not out 26 64 2 0 40.62
Vishwa Fernando  c & b Ramesh Mendis 2 15 0 0 13.33
Asitha Fernando  b Praveen Jayawickrama 1 2 0 0 50.00


Extras 9 (b 1 , lb 0 , nb 7, w 1, pen 0)
Total 155/10 (48.5 Overs, RR: 3.17)
Bowling O M R W Econ
Milan Rathnayake 12 1 58 0 4.83
Kavishka Anjula 13 3 23 5 1.77
Asanka Manoj 9 2 35 2 3.89
Praveen Jayawickrama 10.5 4 27 1 2.57
Ramesh Mendis 4 2 11 2 2.75
Batsmen R B 4s 6s SR
Hashan Dumindu b Chalana de Silva  37 62 5 0 59.68
Sangeeth Cooray c Sanoj Darshika b Asitha Fernando  1 3 0 0 33.33
Lakshan Edirisinghe c Minod Bhanuka b Vishwa Fernando  5 19 0 0 26.32
Angelo Mathews c Minod Bhanuka b Asitha Fernando  82 144 8 0 56.94
Pasindu Sooriyabandara c Lahiru Samarakoon b Asitha Fernando  19 50 1 0 38.00
Vishad Randika c Minod Bhanuka b Lakshan Sandakan 17 51 2 0 33.33
Ramesh Mendis c Lasith Abeyrathne b Nimesh Gunasinghe 60 77 9 0 77.92
Kavishka Anjula c Gayan Maneeshan b Vishwa Fernando  69 80 9 0 86.25
Milan Rathnayake c Minod Bhanuka b Vishwa Fernando  11 21 0 0 52.38
Praveen Jayawickrama c Minod Bhanuka b Chalana de Silva  29 33 6 0 87.88
Asanka Manoj not out 0 4 0 0 0.00


Extras 9 (b 6 , lb 1 , nb 2, w 0, pen 0)
Total 339/10 (90.2 Overs, RR: 3.75)
Bowling O M R W Econ
Asitha Fernando  22 3 70 3 3.18
Vishwa Fernando  21 2 75 3 3.57
Lahiru Samarakoon 10 1 43 0 4.30
Chalana de Silva  26.2 7 69 2 2.63
Lakshan Sandakan 9 0 56 1 6.22
Nimesh Gunasinghe 2 0 19 1 9.50


Batsmen R B 4s 6s SR
Nimesh Gunasinghe lbw b Ramesh Mendis 29 44 4 0 65.91
Gayan Maneeshan c Vishad Randika b Milan Rathnayake 0 8 0 0 0.00
Dilan Jayalath c & b Asanka Manoj 47 113 3 0 41.59
Lasith Abeyrathne c & b Kavishka Anjula 7 35 0 0 20.00
Minod Bhanuka lbw b Ramesh Mendis 10 25 1 0 40.00
Sanoj Darshika c Vishad Randika b Asanka Manoj 13 20 1 0 65.00
Lahiru Samarakoon c Milan Rathnayake b Ramesh Mendis 2 10 0 0 20.00
Chalana de Silva  run out (Ramesh Mendis) 0 3 0 0 0.00
Lakshan Sandakan not out 0 2 0 0 0.00
Vishwa Fernando  run out (Milan Rathnayake) 0 5 0 0 0.00
Asitha Fernando  c Vishad Randika b Milan Rathnayake 0 1 0 0 0.00


Extras 6 (b 0 , lb 4 , nb 2, w 0, pen 0)
Total 114/10 (44 Overs, RR: 2.59)
Bowling O M R W Econ
Milan Rathnayake 11 3 34 2 3.09
Kavishka Anjula 8 3 18 1 2.25
Praveen Jayawickrama 3 0 8 0 2.67
Asanka Manoj 10 1 27 2 2.70
Ramesh Mendis 12 3 23 3 1.92



තරගාවලියේ තවත් තරග 2ක් එළඹෙන 26 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එම තරගවල උණුසුමත් බලාපොරොත්තුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<