කටාර් යන ශ්‍රී ලංකා මූලික පාපන්දු සංචිතය

AFC කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය 2023

321

ජුනි 08 වැනිදා සිට 14 වැනිදා දක්වා උස්බෙකිස්තානයේ දී පැවැත්වීමට නියමිත AFC කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මූලික පාපන්දු සංචිතය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නම් කර තිබෙනවා.

සුපුරුදු පරිදි සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා කවීෂ් ලක්ප්‍රිය, ප්‍රභාත් අරුණසිරි ඇතුළු අත්දැකීම් සහිත සහ නවක ගෝල රකින්නන් හය දෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

එමෙන්ම නිමා වූ සුපර් ලීග් තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දක්වමින් වැඩිම ගෝල ලාභියා වූ ශෙනාල් සංදේශ්, Mariyathas Nitharshan ඇතුළු යොවුන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙම සංචිතයට එක් කර තිබෙනවා.

සුපුරුදු පරිදි මොහොමඩ් ෆසාල්, චමෝද් ඩිල්ෂාන්, අසිකූර් රහමන්, මොහොමඩ් ආකීබ්, චලන චමීර, හර්ෂ ප්‍රනාන්දු හට මෙම සංචිතයේ ඉඩක් වෙන්ව ඇති නමුත් ආබාධයකට ලක්වීම නිසාවෙන් හිටපු නායක කවිඳු ඉෂාන් හට මෙවර සංචිතයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

මෑත කාලයේ වැඩි කතාබහට ලක්වූ ක්‍රීඩකයින් වන වසීම් රාසීක් සහ ඩිලොන් ද සිල්වා යන ක්‍රීඩකයින් ද මෙම මූලික සංචිතයට ඇතුළත්ව ඇති නමුත් මර්වින් හැමිල්ටන් මෙම නම් කළ සංචිතයට ඇතුළත් වන්නේ නැහැ.

මෙම මූලික සංචිතයට ඇතුළත් වූ ක්‍රීඩකයින් සියලු දෙනා පසුගිය දින කිහිපයේ ශ්‍රී ලංකාවේ දී විශේෂ පුහුණු කඳවුරක පුහුණුවීම් කටයුතු සිදු කළ අතර ඔවුන් හෙට (25) පුහුණුවීම් සඳහා කටාර් දේශය බලා පිටත් වීමට නියමිතයි.

කටාර් හී පැවැත්වෙන පුහුණුවීම්වලින් අනතුරුව තරගාවලිය සඳහා සහභාගී වන 23 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සූදානමින් පසුවනවා.

තරගාවලිය සඳහා නම් කළ මූලික සංචිතය (කණ්ඩායම් ඡායාරූපයේ පිළිවෙළට),

  • පළමු පෙළ: T Kajakopan, අසිකූර් රහමන්, චරිත රත්නායක, හර්ෂ ප්‍රනාන්දු, චලන චමීර, සුජාන් පෙරේරා (නායක), මොහොමඩ් ෆසාල්, මොහොමඩ් ආකීබ්, කවීශ් ලක්ප්‍රිය, ප්‍රභාත් අරුණසිරි, චමෝද් ඩිල්ෂාන්,
  • දෙවැනි පෙළ: අබ්දුල් බාෂිත්, මොහොමඩ් ෆයාස්, Mariyathas Nitharshan, මොහොමඩ් මුර්ෂිඩ්, චතුරංග මදුෂාන්, නුවන් ගිම්හාන, S Jesuthasan, ටී. ක්ලින්ටන්, මොහොමඩ් ශබීර්, රාසික් රිෂාඩ්, දිලිප් පීරිස්, අෆීල් මොහොමඩ්, මොහොමඩ් ශිෆාන්,
  • අවසන් පෙළ: ශෙනාල් සංදේශ්, ලසිත් ප්‍රනාන්දු, සසංග ඩිල්හාර, මොහොමඩ් අමාන්, මොහොමඩ් හස්මීර්, තරිඳු ධනුෂ්ක, Vincent Geethan, මොහොමඩ් මුස්තාක්.

ඡායාරූපයේ නොමැති: ඩිලොන් ද සිල්වා, වසීම් රාසීක්, ජූඩ් සුපුන්

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<