සන් හ්යොං-මින් ඉතිහාසය අලුත් කරයි

246
Son Heung-min

එංගලන්ත ප්‍රීමියර් ලීග් (English Premier League – EPL) පාපන්දු තරගාවලියේ ශූරතාවය ඊයේ (22) Manchester City (මැන්චෙස්ටර් සිටි) විසින් දිනා ගත්තා. ඒ Aston Villa (ඇස්ටන් විලා) ගෝල 3-2ක් ලෙස පරාජය කරමින්.

විශේෂතම පුවත වුනේ Tottenham Hotspur ඉදිරි පෙළ ප්‍රහාරක සන් හ්යොං-මින් (Son Heung-min) විසින් ඉතිහාසය අලුත් කිරීමයි. සන් හ්යොං-මින් එංගලන්ත ප්‍රීමියර් ලීග් පාපන්දු ඉතිහාසයේ රන් සපත්තුව දිනා ගත් පළමු ආසියානු ක්‍රීඩකයා වීමට සමත් වුනා. 2021/22 තරගාවලිය තුළ දී ඔහු විසින් ටොට්න්හම් වෙනුවෙන් ගෝල 23ක් වාර්තා කොට තිබුණා.

ප්‍රීමියර් ලීග් ලකුණු සටහනේ දී මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට දෙවැනි වුනේ ප්‍රබල ලිවර්පූල් කණ්ඩායමයි. ලිවර්පූල් සාර්ථකත්වය වෙනුවෙන් ගෝල 23ක් වාර්තා කළ මොහොමඩ් සලා එහි දී සන් හ්යොං-මින් හා සම වැඩිම ගෝල ලාභියා වශයෙන් රන් සපත්තුවට හිමිකම් කියනු ලැබුවා.

දකුණු කොරියානු ජාතිකයෙකු වන සන් හ්යොං-මින් මේ වනවිට ආසියානු කලාපයේ සිටින ප්‍රබලතම ගෝල අවසන් කරන්නා ලෙසයි සැලකෙන්නේ. ඔහු ක්‍රීඩා කළ ටොට්න්හම් කණ්ඩායම EPL හි සිව්වැනි තැන දිනා ගත්තා.