කොරෝනා නිසා ජාතික මලල ක්‍රීඩා ශූරතාවයට බාධාවක් නැහැ

249

99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය පවතින කොරෝනා වසංගත යළි ව්‍යාප්තිය යටතේ වුවද පෙර සැලසුම් කර පරිදීම පැවැත්වීමට අද (28) පැවති ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ රැස්වීමේ දී තීරණය කර ඇත.

ඒ අනුව 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය මැයි 20 සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලිය ඔලිම්පික් උළෙලට පෙර පවත්වන අවසන් තේරීම් තරගාවලිය ලෙස ද ක්‍රියාත්මක වේ.

තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මැයි 10 වැනිදා දක්වා අයදුම්පත් යොමු කිරීමට හැක.

එමෙන්ම ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය ද පෙර සැලසුම් කර පරිදි ජුනි 17 වැනිදා සිට 20 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර ඇත. ඒ සඳහා සහභාගී වීමට කැමති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජුනි 01 වැනිදා දක්වා අයැදුම්පත් යොමු කිරීමට හැක. 

තවත් ක්‍රීඩා පුවත්:

තවද වර්තමානයේ පවතින කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් මෙම වසංගතයේ ව්‍යාප්තිය උග්‍ර තත්වයට පත්වුවහොත් ක්‍රියාත්මක කිරීමට දෙවැනි සැලසුමක් ද මලල ක්‍රීඩා සංගමය විසින් නිර්මාණය කර ඇත.

එමෙන්ම 99 වැනි ජාතික ශූරතාවයේ සහ කනිෂ්ඨ ශූරතාවයේ සියලුම පිටියේ ඉසව් පවත්වන දින ගණන වැඩි කරමින් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<