මහනුවර කණ්ඩායම මුළු මහත් මහනුවරටත්, ශ්‍රී ලංකාවටත් තම ක්‍රීඩා පෞර්ෂය සහ බල පරාක්‍ර‍මය විදහා දක්වමින්, ලාංකේය රග්බි මෞලි මංගල්‍යයේ කිරැළ වන ඩයලොග් රග්බි කුසලානය සිය සුරතට ගැනීමට හැකි වුහ.

 තරඟාවලියේ ඡායාරෑප ඇල්බම් සඳහා පිවිසෙන්න 

ඒ පසුගිය 28වන දා මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගනයේ දි ප්‍ර‍බල හැව්ලොක්ස් පිලට එරෙහිව පැවති තරඟයෙනි. ආරම්භයේ සිටම කිසිදු පරාජයකට උරැමකම් නොකි මහනුවර පිල සෑම කණ්ඩායකටම අභියෝගයක් වෙමින් තරඟාවලිය පුරාවටම ක්‍රීඩා කරන ලදි.

28 වනදා නිත්තවෙල දි තරඟය ආරම්භ වී සුළු මොහොතක් ගත වන තැන බුවනෙක උදන්ගමුව ගේ උත්සහක දිනුමත් සමඟ මහනුවර පිල ලකුණු රැස් කිරීම ආරම්භ කරන ලදි. කෙසේ නමුත් තරඟය ආරම්භයේදීම ලැබුනු ප්‍ර‍වර්තනය
Kandy SC v Havelock SCරත්වත්තේ මඟහැර ගත් අතර හැව්ලොක්ස් පිළ ද ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් දුෂ්මන්ත ප්‍රියදර්ශන විසින් උත්සහක දිනුමක් තබන ලදි. කරට කර පැවති තරඟයකින් පසුව පළමු අර්ධය නිමා වන විට මහනුවර පිළ ලකුණු 10ක්ද, හැව්ලොක්ස් පිල ලකුණු 5ක්ද ලබා සිටියහ.

විවේකයෙන් පසුව නැවත තරඟය ආරම්භ වී සුළු මොහොතකට පසුව මහනුවර පිල ලකුණු ලබා ගැනීම ආරම්භ කර අතර හැව්ලොක්ස් පිළ අසරණ කරමින් ලකුණු 15ක පරතරයක් ගොඩනඟා ගැනීමට ඔවුන් සමත් විය. තරඟය අවසාන වන තෙක් ලකුණු 15ක පරතරය පැවති අතර මහනුවර පිල ජයකෙහෙලි නන්වමින් තරඟාවලිය නිමාවට පත්විය.

පසුගිය වසරේදි ද ශොන් විජේසිංහගේ ප්‍ර‍මුඛත්වයෙන් මහනුවර පිල කුසලානය සිය සුරතට ගත් අතර මෙවර ෆාසිල් මරිජාගේ ප්‍ර‍මුඛත්වයෙන් කුසලානය දිනාගන්නා ලදි. කුසලාන ප්‍ර‍දානය ඩයලොග් ආසිආටා හි සමුහ විධායක නිළදාරී ආචාර්්‍ය හාන්ස් විජේසූරිය මහතා අතින් සිදු විනි.

තරඟයේ වීරයා – රිචඩ් ධර්මපාල

නාවික හමුදාවට රෙහිව CH & FC

14වන සතිය ආරම්භ කරමින් නාවිකයෝ සහ CH & FC කණ්ඩායම අතර තරඟය ඉකුත් 26වන දා වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේදි පැවැති අතර තම පළමු ජයග්‍ර‍හනය සොයා තරඟ වදින CH පිලට එහිදි ද තමන්ට සුපුරැදු පරාජයම විදගන්නට සිදුවිය. 76 ට 13ක් ලෙස නාවිකයන්ට ජය හිමිවෙමින් තරඟය නිමාවට පත්විය.

Navy SC v CH & FCමෙම තරඟයේ දි නාවික පිළ නියෝජන කරන තිළිණ වීරසිංහ ලකුණු 26ක් (උත්සහක දිනුම් 2, ප්‍රවර්තන 8) නාවික පිළට ලබා දෙමින් සමස්ත ලකුණු 146ක් තම පිළට එකතු කර ඇත. තවද රාජකීය විද්‍යලයේ හිටපු නායක භානුක ගමගේ ද මෙතෙක් තරඟාවලියේ නාවික පිල ඉදිරියට ගෙන ඒමට ක්‍රියාකළ තවත් ක්‍රීඩකයෙකි.

තරඟය ආරම්භ වී පළමු මිනිත්තු 3 ඇතුලත ලකුණු රැස් කිරීම ආරම්භ කරන නාවිකයෝ, CH & FC පිළ අසරණ කරමින් ලකුණු 38 ට 5ක් ලෙස පෙරමුන ගනිමින් පළමු අර්ධය නිමාවට පත්විය. දෙවන අර්ධයේදි ද නාවිකයෝ තම අනසක පිටිය පුරා විහිදීම දක්නට ලැබුනු අතර නාවිකයන් සමඟ කරට කර තරඟයක් දීමට CH & FC පිළට හැකියාව නොලැබිනි.

 සියලුම තරඟ නැවත නැරඹීමට පිවිසෙන්න 

CH & FC පිලෙහි පුහුණුකරැ වාසිල් හෆීල් ThePapare.com සමඟ ප්‍රකාශ කර සිටියේ  “ සැබැවින්ම තරඟාවලිය ගැන අපට විශ්වාසයක් තිබුනෙ නැහැ, අපට සල්ලි, ක්‍රීඩාංගන කිසිවක් තිබුනෙ නැහැ කෙසෙනමුත් අපගේ හැකියාවන් ගැන ඔබට හොඳක් හෝ නරකක් කියන්න නැහැ”

තරඟයේ වීරයා – සුපුන් පීරීස්

පොලිසියට එරෙහිව යුධ හමුදාව

මෙම කණ්ඩායම් දෙකෙහි අවසන් තරඟය පසුගිය 27 වනදා කොළඹ පොලිස් ක්‍රීඩාපිටියේදි පැවති අතර තරඟය අවසානයේ පොලිස් පිල ලකුණු 27ක් රැස් කරමින් ජයග්‍රහනය තමන් අතට පත්කරගන්නා ලදි.

ඉතාමත් උද්වේග කර ලෙස ඇරඹි තරඟයේ පළමුව ලකුණු රැස්කිරීම යුධ හමුදාව දෙසින් ඇරඹි අතර උත්සහක දිනුමක් සහ ප්‍රවර්තනයක් සාර්ථක කර ගනිමින් ලකුණු 7ක් තම පුවරැවේ සටහන් කරන ලදී. කෙසෙවෙතත් පොලිස් කණ්ඩායමද අසරණ නොවු බව පෙන්වමින් ලකුණු රැස් කිරීම ආරම්භ කරන්නේ රීසා මුභාරක් ලබා ගත් දඬුවම් පහරක් ද සමඟිනි. කරට කර යමින් දැඩි පිපාසිතව දෙපිලම ලකුණු රැස් කරමින් පළමු අර්ධය නිමාවුයේ ලකුණු 15ට 10ක් ලෙස පොලිස් පිල පෙරමුන ගනිමිනි.

Police SC v Army SCදෙවන අර්ධය ආරම්භ වීමත් සමඟ යුධ හමුදාව පොලිසීය හඹා යමින් ලකුණු රැස් කිරීමට උත්සහ දැරැවද එය ව්‍යර්ත වෙමින් යුධ හමුදාවට ලබා ගත හැකි වුයේ ලකුණු 7ක් පමණි. පොලිස් කණ්ඩායම තම ප්‍රයෝග මැනවින් භාවිතා කරන ආකාරය දක්නට තිබුනු අතර අවසානයේ ලකුණු 27ට 17ක් ලෙස පොලිස් පිළට දිනුම හිමිවෙමින් තරඟය නිමාවට පත්විය.

සුදම් සූරියආරච්චි අදහස් දක්වමින් පවසා සිටියේ “මේක තමයි අවසාන තරඟය සහ අපි සෙල්ලම් කලේ අපේ පිටියේ, ඉතිං ඒක නිසා අපිට ඇත්තටම හොඳට සෙල්ලම් කරන්න අවශ්‍ය වුනා. මම හිතන්නේ ඒක කණ්ඩායමක් කලෙස අපි එක සිතින් කණ්ඩායම වෙනුවෙන් සෙල්ලම් කරලා හොඳ ප්‍රතිඵලයක් ගත්තා. තවද කණ්ඩායමක් වශයෙන් අපේ ශක්තිය Knockouts දක්වා ද රැගෙන යනවා”

තරඟයේ වීරයා – සුදම් සූරියආරච්චි

CR & FC ට එරෙහිව ගුවන් හමුදාව

ඉතාමත් උද්වේග කර තරඟයක අවසානයෙන් පසුව ලකුණු 2කින් ජය ගැනීමට CR & FC පිලට හැකියාව ලැබුනි. 27 වන දා CR & FC ක්‍රීඩාංගනයේදි පැවති තරඟය ගුවන්භටයන්ට සහ CR & FC පිල කරට කර ගැටෙමින් ක්‍රීඩා කරන අවසාන තරඟය ද විනි.

කෙසෙවෙතත් තරඟය ආරම්භ වී සුළු මොහොතකට පසුව පන්ඩුක අංගමනගේ උත්සහක දිනුමත් සමඟ ලකුණු රැස්කිරීම ආරම්භ කර අතර ප්‍රින්ස් චාමර ප්‍රවර්තනය ආසාර්ථක කර ගන්නා ලදි.  ඒ සමඟ ගුවන්භටයෝ ද දඬුවම් පහරක් සමඟ ලකුණු රැස් කිරීම ආරම්භ කරන අතර CR & FC පිල ද දිනුම සඳහා පිපාසිතව ගුවන්භටයන් හඹා ගිය අතර පළමු අර්ධය CR & FC v Air Force SCඅවසාන වත්ම එක් ලකුණක් ඉදිරියෙන් සිටිමට CR & FC පිල සමත් විය. (යුධ හමුදාව ලකුණු 10ක් සහ CR & FC පිල ලකුණු 11 කි)

විරාමයකින් පසුව නැවතත් තරඟය ආරම්භ වු අතර කිසිදු අතපසු වීමට ඉඩ නොදෙමින් දෙපිළම තරඟ වැදුනු අතර නමුත් CR & FC පිළ තම නිවස බදුවු CR & FC පිටිය අතික්‍රමනය කරමින් ලකුණු රැස් කිරීම කැපි පෙනෙන සිදුවීමක් විය. දෙවන වටය නිමාව දකින විට CR & FC පිල ලකුණු 19 ක් සහ ගුවන් හමුදාව ලකුණු 17ක් ද ගෙන සිටියේය.

“අපට ගැටළු කිහිපයකට මුහුණ දීමට සිදු වු තරඟ සමයක් තමයි මේක. ඇත්තටම මේ තරඟාවලියේදි අපේ කණ්ඩායමේ ප්‍රවීනයෝ රැසක් ආබාධ වලට ලක්වුනා. නමුත් සියල්ලක් දෙසම බලන විට මට ඇත්තටම සතුටු වෙන්න පුළුවන් අපේ ක්‍රිඩා හැකියාව ගැන. ගිය වසරේදි අප සිව්වන ස්ථානය දිනා ගත්ත නමුත් මේ වසරේ අපි එය පියවරක් ඉදිරියට ගෙන ඒමට හැකිවුනා” යැයි CR & FCහි නායක නිශාන් නූර් ThePapare.com හා ප්‍රකාශ කර සිටියා.

තරඟයේ වීරයා – චරිත් සෙනෙවිරත්න