ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි අදියර අගෝස්තුවේ දී

243

99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි අදියර අගෝස්තු 09 සහ 10 යන දෙදින තුළ සීමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

කොරෝනා වසංගතය නිසාවෙන් මෙවර තරගාවලිය අදියර කිහිපයකට වෙන් කරමින් පැවැත්වීමට මලල ක්‍රීඩා සංගමයට තීරණය කළ අතර එහි පළමු අදියර ඔලිම්පික් පරිසාධන සීමාවට ළඟා වූ ඉසව් පමණක් ඉලක්ක කරගනිමින් මැයි 21 වැනිදා පැවැත්වුනා.

ඒ අනුව තරගාවලියේ දෙවැනි අදියර අගෝස්තු මාසයේ දී පැවැත්වෙන අතර ඒ සඳහා තෝරාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම ලැයිස්තුව ජූලි දෙවැනි සතියේ දී බොහෝ විට නිකුත් කරනු ඇත.

දෙවැනි අදියර සඳහා ඇතුළත් වන ඉසව්, 

  • පිරිමි: 800m, 200m, 1500m, 5000m, 10000m, 110m කඩුලු පැනීම, 400m කඩුලු පැනීම, 3000m බාධක දිවීම, උස පැනීම, රිටි පැනීම, තුන් පිම්ම, යගුලිය, කවපෙත්ත, මිටිය විසිකිරීම, දස ප්‍රයාම
  • කාන්තා: 200m, 1500m, 5000m, 10000m, 110m කඩුලු පැනීම, 400m කඩුලු පැනීම, 3000m බාධක දිවීම, උස පැනීම, රිටි පැනීම, තුන් පිම්ම, යගුලිය, කවපෙත්ත, මිටිය විසිකිරීම, සත් ප්‍රයාම

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<