පාකිස්තාන ක්‍රිකට් සභාපතිගෙන් විශේෂ තීරණයක්

593

පාකිස්තාන ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කරන Najam Sethi මීළඟ සභාපති ධුරය සඳහා ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙන අතර ඒ නිසා ඔහුට සිය තනතුරෙන් ඉවත් වීමට සිදු වෙනවා.

ඔහු පාකිස්තාන ක්‍රිකට් අතුරු පාලන කමිටුවේ සභාපති ලෙස පසුගිය දෙසැම්බර් මාසයේ සිට කටයුතු කළ අතර ඔහුගේ පාලන සමය ජුනි 21 වැනිදා අවසන් වීමට නියමිතව තිබෙනවා.

මෙම කමිටුව අවසන් වූවත් ඔහු පාකිස්තාන ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කරනු ඇතැයි දක්නට ලැබුණත්, හිටපු සභාපතිවරයෙකු වන Zaka Ashrafගේ නැවත පැමිණීමක් පසුගිය දින කිහිපයේ දී අසන්නට ලැබුණා.

එය නිල වශයෙන් මෙතෙක් තහවුරු නොවුනත් Najam Sethi සිය තනතුරේ නැවත වැඩ කිරීමෙන් ඉවත් වීමත් සමඟ ඔහු (Najam Sethi) නැවතත් ධුරය දරන්නේ නැති බව තහවුරු වෙනවා.

“මට Zaka Ashraf සහ Shehbaz Sharif සමඟ මතභේදයක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. ඒ වගේ අස්ථාවරත්වයක් සහ අවිනිශ්චිතභාවයක් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට හොඳ දෙයක් නෙවෙයි. මේ තත්වය යටතේ මම සභාපති ධුරය සඳහා ඉදිරිපත් වෙන්නේ නැහැ,” යැයි Sethi සඳහන් කර තිබුණා.

ඔහුගේ මෙම සඳහන පාකිස්තානයේ දේශපාලන බලපෑම ගැන තහවුරු වන අතර Shehbaz Sharif වත්මන් පාකිස්තාන අගමැතිවරයා සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුග්‍රාහකයා වන අතර Asif Ali Zardari යනු පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙකු වෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සාම්ප්‍රදාය ලෙස එහි පාලක මණ්ඩලය අග්‍රාමාත්‍යවරයා විසින් නම් කරන අතර ඔවුන්ගෙන් අයෙක් පාලක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනවා.

නමුත් මේ දක්වා අග්‍රාමාත්‍යවරයා විසින් කිසිවෙකු ප්‍රකාශයට පත් කර නොමැති වූවත් Zaka Ashraf සහ Mustafa Ramdayගේ නාමයන් යෝජනා වීමට වැඩි ඉඩක් ඇතැයි වාර්තා වෙනවා.

Ashraf ක්‍රිකට් පාලනයට නැවත පැමිණෙන්නේ වසර 9කට පමණ පසුව වන අතර මීට පෙර 2013 වසරේ දී Ashraf සහ Najam Sethi අතර යම් මතභේදාත්මක තත්වයක් හට ගෙන තිබුණා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී Ramiz Raja සිය ධුරයෙන් ඉවත් වීමත් සමඟ කාලයක් Najam Sethiගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට කටයුතු කළ අතර 2014 වසරේ ව්‍යවස්ථාව සහ දෙපාර්තමේන්තු ව්‍යුහය නැවත ස්ථාන ගත කිරීමට දින 120ක කාලයක් ලබා දුන්නා.

පසුගිය මාස කිහිපය තුළ එම අතුරු පාලක කමිටුව විදෙස් පුහුණුකරුවන් සිය ජාතික කණ්ඩායම් සඳහා එක් කර ගැනීමට කටයුතු කළ අතර හිටපු පුහුණුකරු මිකී ආතර් ඔවුන්ගේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස පත් කිරීමට ද කටයුතු කළා.

ඔවුන්ගේ පාලන සමයේ ඇති වූ ප්‍රධානතම ගැටලුව ලෙස ආසියානු කුසලාන සත්කාරකත්වය සහ ලෝක කුසලානයේ සහභාගීත්වය පිළිබඳ ගැටලුව හැඳින්වීමට හැකි.

පාකිස්තාන රජයේ අවසරය සහිතව ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලානයට සහභාගී වීම ගැන ඔහු දින කිහිපයකට පෙර අදහස් දක්වා සිටියා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

ESPNcricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<