දේශය නඟා සිටුවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් එක්වෙයි

1079

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාස්කු දින ප්‍රහාරයෙන් පීඩාවට ලක්වූවන්ට උපකාර කිරීමේ අරමුණින් රුපියල් මිලියන දෙකක මුදලක් අතිගරු මැල්කම් රංජිත් කාදිනල් පියතුමන් පිහිට වූ අරමුදලට ප්‍රදානය කිරීමට නියමිතයි.

සංගක්කාර එසේ මෙසේ නොවන සභාපති ධූරයකට

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝකයට දායාද කළ විශිෂ්ටතම වමත් පිතිකරුවා ලෙස කුමාර්…..

අතිගරු කාදිනල්තුමා විසින් පාස්කු දින ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට උපකාර කිරීමේ අරමුණින් හා බෝම්බ ප්‍රහාර හේතුවෙන් විනාශ වූ පල්ලි යලි යථාතත්වයට පත් කිරීමේ අරමුණින් මෙම අරමුදල පිහිටුවා තිබුණි. ත්‍රස්තවාදීන් විසින් පසුගිය මස 21 වැනිදා දිවයින පුරා හෝටල් හා කතෝලික පල්ලි ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල කළේ මුළු මහත් ලෝකයාම කම්පා කරමිනි.

ඒ අතරම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රටේ පවතින අයහපත් ආරක්ෂක තත්වය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කඳවුරු ද අතහැර දැමීමට තීරණය කළේ ICC ක්‍රිකට් ලෝක කුසලානය මේ මස අවසානයේ ආරම්භ වීමට කල් නියම කර තිබිය දීයි. එම තත්වය යටතේ ඔවුන් පෙර පිහිටුවා තිබූ Cricket Aid පදනම ඔස්සේ ඔවුන් පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ අයවලුන්ට පිහිට වීමට කටයුතු සම්පාදනය කිරීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ පුහුණුකරු තනතුරට අලුත් අයෙක්

ගෙවී ගිය දින කිහිපය තුළ දී මතභේදයට තුඩු දුන් ශ්‍රී ලංකා ‘A’ ක්‍රිකට් කණ්ඩායමේ….

Cricket Aid පදනම 2016 වසරේ දී නැවත පිහිට වනු ලැබූ අතර එම පදනම විසින් දිවයින පුරා ප්‍රජා සත්කාර කිහිපයක්ම සිදු කරන ලදි. අවසන් වරට ඔවුන් මහරගම අපේක්ෂා රෝහලට රුපියල් මිලියනයක මුදලක් ලබා දීමට කටයුතු කරන ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<