නවසීලන්ත ක්‍රීඩිකාවකට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි

නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

301
Jess Kerr Leigh kasperek

පාදයේ ඇති වූ අස්ථි බිදීමක් නිසා නවසීලන්ත කාන්තා කණ්ඩායමේ Jess Kerrට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගාවලිය අහිමි වන බව වාර්තා වෙනවා.

ඇයගේ ස්ථානය සඳහා Leigh Kasperek ආදේශ කරන බව ද නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් නිවේදනය කරන තිබුණා.

පුහුණුවීම් අතරතුර සිදු වූ ආබාධයක් නිසා ඇයගේ පාදයේ අස්ථි බිඳීමක් සිදුව ඇති බව වාර්තා වූ අතර පසුව සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව ඇයට මාස හයක් විවේක ගැනීමට වෛද්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම ආබාධය පිළිබඳව අදහස් දක්වමින් නවසීලන්ත ප්‍රධාන පුහුණුකරු වන Ben Sawyer ප්‍රකාශ කළේ,

“තරගාවලියකට පිටත් වීමට ආසන්නයේ ආබාධයකට ලක් වීම කනගාටුවට කරුණක්. ඇය අපේ කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩිකාවක් වන නිසා මෙම අභියෝගාත්මක තරගාවලියට ඇය නැති වීම විශාල පාඩුවක්.

ඇය ඉතාම කැපවීමෙන් වැඩ කරන ක්‍රීඩිකාවක් නිසා මම විශ්වාස කරනවා ඇය ඉක්මනින් හොඳ වෙලා ශ්‍රී ලංකා තරගාවලියට පසු තරගාවලිය සඳහා සූදානම් වෙයි කියලා.

Leigh Kasperek නවසීලන්ත කණ්ඩායමට එක් වෙන්නා 2021 වසරෙන් පසුව වන අතර ඇය අවසන් වරට සහභාගී වුනේ 2021 වසරේ පැවති එංගලන්ත තරගාවලියේ දීයි.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 39ක් සහ විස්සයි විස්ස තරග 46ක් ක්‍රීඩා කර තිබෙන ඇය කඩුලු 140ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. ඇය නවසීලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු ලාභීන් අතරේ දෙවැනි ස්ථානයේ පසුවෙනවා.

ශ්‍රී ලංකා සංචාරයට සහභාගී වන නවසීලන්ත කණ්ඩායම මේ වන විට අවසන් පුහුණුවීම්වල නිරතව සිටින අතර ඔවුන් බ්‍රහස්පතින්දා (22) ශ්‍රී ලංකාවට පිටත් වීමට නියමිතව තිබෙනවා.

නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<