ඉන්දීය ක්‍රිකට් වල ඉහල පෙළේ නිලධාරියෙකුට Messi තෑගි එවයි!

FIFA World Cup 2022

2129

ඊයේ (23) ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ලෙස කටයුතු කරන Jay Shah හට සුපිරි පාපන්දු ක්‍රීඩක Lionel Messiගෙන් ත්‍යාගයක් ලැබී තිබෙනවා.

මෙවර පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ ආජන්ටිනා කණ්ඩායමේ නායක Lionel Messi හට ලොව සතර දෙසින් ම ඉතා විශාල වශයෙන් රසික ආදරයක් හිමි වී තිබෙන අතර, එම රසිකයින් අතරින් සමහර කෙනෙකු තමන්ගේ ක්ෂේත්‍රයන් හී හිණිපෙත්තට ලං වූ අය වීමත් විශේෂත්වයක්.

මෙවර ලෝක කුසලානයේ ජයග්‍රහණය සමඟ ඔහුගේ මෙන්ම ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ රසිකයින් ද අමන්දානන්දයට පත් වී සිටිනවා.

මෙවැනි වටපිටාවක ඊයේ Messiගේ තවත් ප්‍රබල රසිකයකු වන Jay Shah හට Lionel Messiගේ අත්සන සහිත ආජන්ටිනා ජර්සියක් Messiගෙන් ත්‍යාගයක් ලෙස ලැබී තිබෙනවා.

හිටපු ඉන්දීය දඟපන්දු යවන්නකු වන Pragyan Ojha විසින් ඊයේ සිය Instagram පිටුවේ ඔහු සහ Shah විසින් එම ජර්සිය දෙපසින් අල්ලා ගෙන සිටින ඡායාරූපයක් පළ කර තිබූ අතර, එය සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා ඉහළ ප්‍රතිචාර ලබා තිබුණා.

 

View this post on Instagram

 

A post shared by Pragyan Ojha (@pragyanojha)

“GOAT අපට සුබ පතමින් ඔහුගේ අත්සන සහිත ජර්සියක් Jay Shah වෙත එවුවා. මොන තරම් නිහතමානී චරිතයක් ද. මටත් එකක් ළඟදීම ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා.”

(GOAT යන යෙදුම Greatest Of All Time (සර්ව කාලීන ශ්‍රේෂ්ඨයා) යන වචනය භාවිතයෙන් සෑදුණු කෙටි වචනයක්.)

පසුගිය ඉරිදා (පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වුණු දිනයේ) පැවති අවසන් මහා තරගයෙන් අනතුරුව Jay Shah විසින් ආජන්ටිනා කණ්ඩායම වෙත සිය සුබ පැතුම් එක් කර තිබුණා.

මොන තරම් විශිෂ්ට තරගයක් ද, කණ්ඩායම් දෙකම ඉතා හොඳින් ක්‍රීඩා කළා නමුත් තුන්වැනි වරටත් FIFA ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ආජන්ටිනාවට සුබ පැතුම්.”

මෙම ජයග්‍රහණයත් සමඟින් Messi සිය ක්‍රීඩා දිවියේ ඉතිරිව තිබූ විශාලතම හිස්තැන වසා ගැනීමට සමත් වූ අතර, තරගාවලිය පුරාවට ඉතා හොඳින් ක්‍රීඩා කරමින් ගෝල හතක් වාර්තා කිරීමට ද සමත් වුනා.

එමෙන්ම ඔහු මෙම තරගාවලිය අතරතුර දී තවත් ලෝක වාර්තා කිහිපයක් ම බිඳ හෙළීමට ද සමත් වුනා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම පුවත් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<