දිල්ලිය මවිත කල වෝනර්

393
CRICKET-T20-IPL-IND-GUJARAT-HYDERABAD
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක ඩේවිඩ් වෝනර් තම ජයග්‍රහණය සමරමින් ©AFP

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය ඊයේ (27) ඉන්දියාවේ දිල්ලි හිදී ගුජරාටි ලයන්ස්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්විණි. එම තරඟය හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 4 කින් ජයග්‍රහණය කර ලබන 29වනදා පැවැත්වෙන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

පසුගිය ලිපි: කොල්කටාවෙන් ගිලිහුනු අයි. පී. එල්. කුසලානය

කාසියේ වාසිය දිනාගත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

අනුව පිටියට පිවිසි ගුජරාටි ලයන්ස් කණ්ඩායමේ මුල් කඩුලු 2 ලකුණු 19කදී බිද වැටුණු අතර ආරෝන් ෆින්ච් 4 පහරවල් 7ක් හා 6 පහරවල් 2ක් සමඟ ලකුණු 50ක් වාර්තා කරන ලදි. බ්‍රැන්ඩන් මැකලම් 4 පහරවල් 5ක් සමඟ ලකුණු 32ක් තම කණ්ඩායමේ ලකුණු පුවරුවේ සටහන් කරන ලදි. ගුජරාටි ලයන්ස් කණ්ඩායම තම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 162ක් ලබා ගන්නා ලදි. එහිදී 6වන කඩුල්ල සඳහා ලකුණු 51 සබඳතාවයක් ගොඩනැංවීමට ආරෝන් ෆින්ච් හා රවින්ද්‍ර ජඩේජා සමත් විය. බුවනේස්වර් කුමාර් ලකුණු 27 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

අනතුරුව ලකුණු 163 ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 163ක් ලබා තරඟය ජයග්‍රහණය කල අතර හයිද්‍රාබාද් කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 33කදී දැවී යන ලදි. හයිද්‍රාබාද් කණ්ඩායමේ ලකුණු 15 සීමාව පසුකලේ පිතිකරුවන් දෙදෙනකු පමණි. ඩේවිඩ් වෝනර් හා බිපුල් ශර්මාය. දිල්ලි ප්‍රේක්ෂකයන් මවිත කරමින් ආරම්භක කඩුල්ලේ සිටම දක්ෂ ලෙස ක්‍රීඩා කල වෝනර් පන්දු 58කදී 4 පහරවල් 11ක් හා දැවැන්ත 6 පහරවල් 3කින් නොදැවී ලකුණු  93ක් ලබා ගත් අතර බිපුල් ශර්මා ලකුණු 27ක් නොදැවී ලබා ගන්නා ලදි.

පසුගිය ලිපි: වැලලී ගිය ජය මතු කල ඒ.බී ඩිවිලියස්

ගුජරාටි ලයන්ස් කණ්ඩායම 162 7(20) ආරෝන් ෆින්ච් ලකුණු 50, බ්රෙන්ඩන් මැකලම් ලකුණු 32, දිනේෂ් කාර්තික් ලකුණු 26, ඩුවෙයින් බ්‍රාවෝ ලකුණු 20

පන්දු යැවීමේ දී ජේම්ස් කර්ටින් ලකුණු 20කට කඩුලු 2ක් හා බුවනේස්වර් කුමාර් ලකුණු 27කට කඩුලු 2ක් දවාලීමට සමත් විය.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම 163 6(19.2) ඩේවිඩ් වෝනර් ලකුණු 93*,බිපුල් ශර්මා ලකුණු 27*, මොයිසස් හෙන්රිකස් ලකුණු 11, නාමන් ඕජා ලකුණු 10

පන්දු යැවීමේ දී ශිවිල් කෞෂික් ලකුණු 22කට කඩුලු 2ක් හා ඩුවෙයින් බ්‍රාවෝ ලකුණු 32 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

තරගයේ වීරයා ඩේවිඩ් වෝනර්

සන්රයිසස් හයිද්රබාද් කණ්ඩායම ලබන 29 වනදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ බැංගලෝර් හිදී අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න