Kolkata Knight Riders නායකයාටත් දඬුවමක්

135

Chennai Super Kings සමඟ පසුගිය බදාදා (21) පැවති තරගයේ දී පවත්වා ගත් අඩු පන්දුවාර වේගය නිසා Kolkata Knight Riders නායක Eoin Morgan හට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් පැනවීමට තරග බලධාරීන් කටයුතු කර ඇත.

මෙවර IPL තරග වාරයේ Kolkata Knight Riders කණ්ඩායමෙන් මෙම වරද සිදු වූ මුල්ම අවස්ථාව මෙය නිසා කණ්ඩායම් නායකයාට පමණක් එම දඩ මුදල පැනවීමට කටයුතු කර තිබුණා.

මෙම තරග වාරයේ දී නැවත වරක් එම වරද සිදුවුවහොත් නායකයාට ලක්ෂ 24ක දඩයක් සහ අනෙකුත් ක්‍රීඩකයන්ට තරග ගාස්තුවෙන් 25%ක් හෝ ලක්ෂ 6ක දඩයකට යටත් වීමට සිදු වේ.

එමෙන්ම එම වරද තෙවැනි වතාවටත් සිදුවුවහොත් කණ්ඩායම් නායකයාට රුපියල් ලක්ෂ 30ක දඩයකට සහ එක් තරග තහනමකට යටත් වීමට සිදු වන අතර කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ට ලක්ෂ 12ක හෝ තරග ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් ගෙවීමට සිදු වේ.

තවත් ක්‍රිකට් පුවත්:

මෙවර තරගාවලියේ කණ්ඩායම් නායකයෙකු අඩු පන්දුවාර වේගය නිසා දඬුවම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර Eoin Morganට පෙර Mumbai Indians නායක Rohit Sharma හට ද අඩු පන්දුවාර වේගය නිසාවෙන් දඬුවම් හිමිව තිබුණා.

මෙවර IPL තරගාවලියේ තවමත් සාර්ථක වීමට අසමත් වූ Kolkata Knight Riders මේ දක්වා තරග හතරකට සහභාගි වී ඉන් ජය ගැනීමට සමත්ව ඇත්තේ එක් තරගයක් පමණයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<