5 වන දිනයේ ගිලිහුණු ජැමෙයිකානු ආධිපත්‍ය

613

5 වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 21 වන ස්ථානය දක්වා පසු බැස තිබූ අතර සත්කාරක ඕස්ට්‍රේලියානුවන් සිය ආධිපත්‍ය තවදුරටත් තහවුරු කර ගන්නට සමත් වුනේ පිහිනීම් ක්‍රීඩාවෙන් පමණක් ඊයේ දිනයේ හිමි වූ රන් පදක්කම් 4ක් ද සමඟයි. එංගලන්තය දෙවන ස්ථානයේ පසු වන අතර ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් බැඩ්මින්ටන් සහ මේසපන්දු කණ්ඩායම් ඉසව් රන් පදක්කම් වැනි අනපේක්ෂිත ජයග්‍රහණ ද සමඟින් පදක්කම් සටහනේ තෙවන ස්ථානය දක්වා ඉහළට සිය දේශය ඔසවා තැබීමට සමත් වී සිටින ලදි.

සිව්වැනි පදක්කමේ පාට කුමක්ද?

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය නිමා වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිව්වැනි පදක්කමේ …

මංජුල අවසන් වටයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩක මංජුල කුමාර තම පිරිමි උස පැනීමේ ඉසව්වේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (09) විය. ‘ඒ’ කාණ්ඩය යටතේ මූලික තරගය සඳහා සහභාගී වූ මංජුල එහි දී තරණය කළ උස දැක්වුණේ මීටර් 2.21 ලෙසයි. ආබාධයක් ද සමඟින් තරග වැදුණු ඔහු මෙම දක්ෂතාව පදනම් කර ගෙන සිය ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයකි. පිරිමි උස පැනීමේ ඉසව්වේ අවසන් තරගය හෙට (11) මෙරට වේලාවෙන් පස්වරු 3.35ට ආරම්භ වීමට නියමිතයි.

තවත් බොක්සිං බලාපොරොත්තුවක්

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තරග පැවති 5 වන දිනය වූ ඊයේ තවත් ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයෙක් අර්ධ අවසන් පූර්ව වටයක් සඳහා සුදුසුකම්  ලබන්නට සමත් විය. ඒ පිරිමි කිලෝග්‍රෑම් 52 බර පන්තිය නියෝජනය කරමින් තරග බිමට පිවිසි ඉශාන් බණ්ඩාරයි.

අවසන් ක්‍රීඩකයන් 16 දෙනාගේ වටයේ දී ඉශාන් සමඟින් තරග වැදුණේ නාවුරු දේශයේ යාචෙන් කුක් ය. විනිසුරුවන් 5 දෙනා අතුරින් තිදෙනෙකුගේ වැඩි ලකුණු ලබා ගත් ඉශාන් තරගය ජය ගත්තේ සිය ඉසව්වේ අවසන් පූර්ව වටයට පිවිස සිටින අනූෂා කොඩිතුවක්කුට අමතරව පදක්කමකට එක් පියවරක් පසුපසින් සිටින, එනම් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි 5 වන ශ්‍රී ලංකා බොක්සිං තරගකරු බවට පත් වෙමිනි.

ඊයේ පස්වැනි දිනය අවසන් වන විට ඉශාන් මෙන්ම කිලෝග්‍රෑම් 49 බර පන්තිය යටතේ තිවංක රණසිංහ, කිලෝග්‍රෑම් 64 බර පන්තිය යටතේ  දිනිඳු සපරමාදු, කාන්තා කිලෝග්‍රෑම් 51 බර පන්තිය යටතේ දුලානි ජයසිංහ සහ කාන්තා කිලෝග්‍රෑම් 57 බර පන්තිය යටතේ කෙශානි හංසිකා අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා සිටින ලදි.

ඉෂාන්, දිනිඳු අර්ධ අවසන් වටයට

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයන් වන ඉෂාන් බණ්ඩාර සහ දිනිඳු සපරමාදු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ …

මැතිව් අබේසිංහ යලිත් ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කරයි.

ඊයේ පැවති පිරිමි මීටර් 50 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ මූලික තරගයක දී එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරන්නට මැතිව් අබේසිංහ සමත් විය. ඒ තමන් විසින්ම පිහිටුවා තිබූ වාර්තාව තත්පර 22.65ක් ලෙස නැවත සටහන් කරමිනුයි. අදාළ මූලික වටයේ තරගයේ දී සිව්වැනි ස්ථානයට පත් වූ මැතිව් කාලය අනුව අවසන් පූර්ව වටය සඳහා ද සුදුසුකම් ලැබීය.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ පැවති අවසන් පූර්ව වටයේ දෙවන තරගයට සහභාගී වූ මැතිව් අබේසිංහට එහි දී හිමි වුණේ අවසන් ස්ථානයයි.

ජැමෙයිකාවේ කෙටි දුර ආධිපත්‍ය ගිලිහෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය කලාපයේ වේගවත්ම ගැහැණිය බවට පත් වන්නට ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ කණ්ඩායම නියෝජනය කරන මිචෙල් – ලී සමත් විය. තරගය අවසන් කිරීමට ඇය ගත කළ කාලය සටහන් වුනේ තත්පර 11.14ක් ලෙසින්. ජැමෙයිකානු අභිමානය යන්තමින් ගලවා ගත් ක්‍රිස්ටිනා විලියම්ස් සහ ගේයන් එවන්ස් පිළිවෙළින් රිදී සහ ලෝකඩ පදක්කම්වලට හිමිකම් කියන ලදි.

මිචෙල් – ලී ඉතිහාසයට එක්වුණේ පොදු රාජ්‍ය මණ්ඩලීය මීටර් 100 රන් පදක්කම දිනා ගත් පළමු ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ක්‍රීඩිකාව ලෙසයි.

ජැමෙයිකාවේ පමණක් නොව සමස්ත කැරීබියානු කලාපයේම කෙටි දුර ආධිපත්‍යට මරු පහරක් එල්ල වුණේ වසර 20කට පසු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් වේගවත්ම මිනිසා අප්‍රිකානු මහද්වීපයෙන් බිහි වීමයි. පිරිමි මීටර් 100 තරගයේ නියත ජයග්‍රාහකයා ලෙස ක්‍රීඩා ක්ෂේත්‍රයේ සියල්ලන්ම පාහේ විශ්වාසය තබා සිටි ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් පසුපසට ඇද දමන්නට එක් අප්‍රිකානුවෙක් නොව දකුණු අප්‍රිකානුවන් දෙදෙනෙක්ම සමත් විය.

ගෝල්ඩ් කෝස්ට් ප්‍රධාන ක්‍රීඩාංගණයේ රැස්ව සිටි දස දහස් ගණන් ක්‍රීඩාලෝලීන්ගේ ඇසි පිය සැලීම පවා තත්පර 10කට නතර කළ මේ තරගයේ රන් පදක්කම දිනා ගත්තේ 8 වන මං තීරුවේ තරග කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩක විසිනුයි. ඔහු තරගය අවසන් කරන්නට තත්පර 10.03ක කාලයක් ගත කළ අතර තත්පර 10.17කින් තරගය අවසන් කළ දකුණු අප්‍රිකාවේම හෙන්රිකෝ බ්‍රයින්කිස් රිදී පදක්කමට හිමිකම් කියන ලදි. රන් පදක්කමේ හිමිකරු ලෙස බොහෝ දෙනා සිතා සිටි බ්ලේක් හට හිමි වුණේ ලෝකඩ පදක්කම වන අතර ඔහු ලෝකඩ පදක්කම බේරා ගෙන තිබුණේත්, තත්පරයකින් 1/100ටත් අඩු කාලයකින්  වීම කැපී පෙනුනි.

කෙසේ වෙතත් 7 වන මං තීරුවේ තරග වැදුණු බ්ලේක්ගේ වම් පසින් තරග වැදීමට නියමිතව සිටි එංගලන්ත ක්‍රීඩක ඇඩම් ජෙමිලි ධාවනයට එක නොවීම නිසා හිස් මං තීරුවක් අසලින් තරග වැදීමට සිදුවීම බ්ලේක්ගේ පසුබෑමට හේතුවක් වුනා විය හැකිය.

සයවැනි දිනයේ සංක්ෂිප්ත වාර්තාවක් සමඟින් හෙට (11) හමුවෙමු. එකෙත් ඔබට ක්‍රීඩාශීලි දවසක්!

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<