Mondo Duplantis නැවතත් ලෝක වාර්තාව අලුත් කරයි

203

ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වූ ස්වීඩන් ජාතික මලල ක්‍රීඩක Mondo Duplantis රිටි පැනීම ඉසව්වේ තමන්ගේම ලෝක වාර්තාව අලුත් කිරීමට පසුගිය දා සමත් වුනා.

Duplantis එහි දී මීටර් 6.20ක දස්කමක් දැක්වීමට සමත් වූ අතර එය ඔහු විසින් දින 13කට පෙර මීටර් 6.19ක දස්කමක් දක්වමින් පිහිටුවා තිබූ ලෝක වාර්තාව අභිබවා යෑමක් වීම විශේෂත්වයක්.

පිරිමි රිටි පැනීම ඉතිහාසයේ හොඳම දක්ෂතා තුනටම හිමිකම් කියන Armand Duplantis මීට වසර දෙකකට පෙර මීටර් 6.17ක දස්කමක් දක්වමින් පළමු වරට එම ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙළුවා.

ඇමරිකාවේ උපත ලැබූ Armand Duplantis සිය මවගේ රට වූ ස්වීඩනය නියෝජනය කරමින් මලල ක්‍රීඩාවට පිවිසීමට තීරණය කළ අතර යොවුන් වියේ සිටම ජාත්‍යන්තර පිටියේ සිය ආධිපත්‍ය පැතිරීමට ඔහුට හැකි වුනා.

තවමත් 22 වැනි වියේ පසුවන Armand Duplantis තමන් සහභාගී වූ පළමු ඔලිම්පික් උළෙල වූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි රිටි පැනීම ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

මෙම වසරේ ගෘහස්ථ ලෝක ශූරතාවය මාර්තු 18 සිට 20 දක්වා සර්බියාවේ Belgrade නුවර දී පැවැත්වීමට නියමිතයි.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<