මහනුවර සය සාමාජික හොකී තරගාවලියට මෙවර කණ්ඩායම් 57ක්

348

මෙරට හොකී කරලියේ ඉතා ආකර්ශනීය ඉසව්වක් වන මහනුවර සය සාමාජික හොකී තරගාවලිය මෙම සති අන්තයේ (2017 ජනවාරි 28/29) පේරාදෙණිය විශ්ව විද්‍යාල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලියේදී කණ්ඩායම් 57ක් ශූරතා 6ක් සඳහා උරෙනුර ගැටී තරග වදිනු ඇති.

දැල්පන්දු ශූරතාවය සෙලාන් යටතටම

Srilankasports.com අන්තර් සමාගම් දැල්පන්දු පළිහ ශූරතාවය සඳහා පැවති තරගයේදී තම සුපුරුදු ප්‍රතිවාදීන් වන හැටන් නැෂනල් බැංකු කණ්ඩායම පරාජය කළ සෙලාන් බැංකු කණ්ඩායම..

දශකයකට අධික කාලයක් පුරා හොකී ක්‍රීඩාවේ ප්‍රබල භූමිකාවක් රඟ දක්වන මහනුවර දිස්ත්‍රික් හොකී සංගමයේ සහ සීතාදේවී හොකී සමාජයේ මූලික සංකල්පයක් වන මහනුවර සය සාමාජික හොකී තරගාවලිය මෙවර පැවැත්වෙන්නේද මෙම දෙපිරිසේම සංවිධාන ශක්තිය ඇතිවයි.

මෙම තරගාවලියට ඇති අති විශාල සහභාගීත්වය සහ සංකීර්ණත්වය හේතුවෙන් සංවිධායකයන් පියවර ගෙන ඇත්තේ තරගාවලියේ ජ්‍යෙෂ්ඨ තරග අංශය කොටස් 3ක් යටතේ පැවැත්වීමටයි. මේ අනුව පිරිමි තරග අංශය සුපර් 10 සහ ටොප් 20 ලෙස කාණ්ඩ දෙකකට බෙදා වෙන් කර ඇති අතර කාන්තා තරග අංශයට හමුදා සහ වෙනත් හොකී සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 9ක් සහභාගී වනු ඇත.

ප්‍රධාන තරගාවලියට සමගාමීව මහනුවර ප්‍රදේශයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වයස අවුරුදු 15න් පහළ බාලක සහ බාලිකා තරග කාණ්ඩ දෙකක්ද සංවිධාන කර තිබේ.

මෙම වසරේ තරගාවලියට තවත් වර්ණවත් භාවයක් එක් කරමින් ප්‍රවීණයන්ගේ තරග අංශය සඳහා ඉන්දීය ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක්ද එක්වීම විශේෂත්වයකි. බැංගලෝර් නුවර කේන්ද්‍ර කරගත් රේන්ජර්ස් ක්‍රීඩා සමාජය මහනුවර බලා පැමිණීමට නියමිත අතර ඔවුන්ගේ සහභාගීත්වය මෙවර තරගාවලියේ ප්‍රවීණයන්ගේ අංශයේ සටන්කාමීත්වය තවත් වර්ධනය කිරීමට හේතුවක් වනු ඇත.

මෙවර මහනුවර සය සාමාජික හොකී තරගාවලියේ වඩාත්ම ප්‍රබල තරග අංශය වන සුපර් 10 කාණ්ඩය තුල යුධ, ගුවන් සහ නාවික හමුදා කණ්ඩායම් මෙන්ම CH & FC සහ SLEME කණ්ඩායම් සටන් වැදීමට නියමිතයි.

ලෝක ප්‍රකට ක්‍රීඩකයන් මහනුවරට.

1980 මොස්කව් ඔලිම්පික් උළෙලේ හොකී රන් පදක්කම් දිනූ ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයෙක් මෙම තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහා සහභාගී වීමට නියමිත අතර, ඉන්දීය ජාතික හොකී කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම පුහුණුකරුවකු වන ජූඩ් සෙබස්තියන් ද මෙම තරගාවලියේ විශේෂ අමුත්තෙක් වනු ඇතැයි සංවිධායකයන් සඳහන් කරයි.

සහභාගී වන කණ්ඩායම්

සුපර් 10 අංශය

  • ශ්‍රී ලංකා නාවික හමුදාව – (කණ්ඩායම් 2 ක්)
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – (කණ්ඩායම් 2 ක්)
  • CH & FC ක්‍රීඩා සමාජය – (කණ්ඩායම් 2 ක්)
  • වෙන්නප්පුව ක්‍රීඩා සමාජය – (කණ්ඩායම් 1 ක්)
  • SLEME ක්‍රීඩා සමාජය – (කණ්ඩායම් 1 ක්)
  • ශ්‍රී ලංකා යුධ හමුදාව – (කණ්ඩායම් 2 ක්)

පිරිමි ටොප් 20 තරග අංශය

රෝයල් ක්‍රී. ස. , වෙන්නප්පුව ක්‍රී. ස. , ආදි සිල්වෙස්තර ක්‍රී. ස. , ආදි විද්‍යාර්ථ ක්‍රී. ස. , ආදි ධර්මරාජ ක්‍රී. ස. , පේරාදෙණිය විශ්ව විද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (කණ්ඩායම් 2ක්), ගනර්ස් ක්‍රී. ස. (කණ්ඩායම් 2ක්), හින්දු ක්‍රී. ස. , වැගනර්ස් ක්‍රී. ස. , SLEME ක්‍රී. ස. , සිංහ ක්‍රී. ස. , සහිරා ක්‍රී. ස. , නාවික හමුදා ‘නිල්’ කණ්ඩායම, සබරගමුව විශ්ව විද්‍යාලය, ඔඩන්ස් ක්‍රී. ස. , මාරිස් ස්ටෙල්ලා ක්‍රී. ස. , සිග්නල්ස් ක්‍රී. ස.

කාන්තා කණ්ඩායම්

ශ්‍රී ලංකා නාවික හමුදාව, සීතාදේවී ක්‍රී. ස. , ශ්‍රී ලංකා ගුවන් හමුදාව (කණ්ඩායම් 2 ක්), දේවියන්ස් ක්‍රී. ස. , මහනුවර කාන්තා කණ්ඩායම, ජනාධිපති ක්‍රී. ස. , සබරගමුව විශ්ව විද්‍යාලය.

මහනුවර පාසල් – 15 න් පහළ බාලිකා

සීතාදේවි විද්‍යාලය (කණ්ඩායම් 3 ක්), ශාන්ත අන්තෝනි බාලිකා මහා විද්‍යාලය, පුෂ්පදාන බාලිකා මහා විද්‍යාලය, ස්වර්ණමාලි බාලිකා මහා විද්‍යාලය, නුගවෙල මධ්‍ය විද්‍යාලය.

මහනුවර පාසල් – 15 න් පහළ බාලක

කිංග්ස්වුඩ් විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, ශාන්ත අන්තෝනි විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය.

ප්‍රවීණයන්ගේ තරග අංශය

ශ්‍රී ලංකා මාස්ටර්ස් (ගෝල්ඩ් & මෙරූන්ස්), CH & FC ක්‍රී. ස. , වෙන්නප්පුව ක්‍රී. ස. , මහනුවර ක්‍රී. ස. , යංග්ස්ටර්ස් ක්‍රී. ස. , මැලේ ක්‍රී. ස. , රේන්ජර්ස් ක්‍රී. ස. (බැංගලෝර් – ඉන්දියාව).

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට