මෝදිගේ මෙහෙයුමට සහාය දක්වන්න සුපිරි ක්‍රීඩා තරු රැසක් සීරුවෙන්

99

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලැව් ගින්නක් මෙන් ලොව පුරා රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක ඉතාමත් සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන්නේ මිනිස් ජීවිත රැසක් තවදුරටත් දැඩි අවදානමක හෙළමිනි. 

විශිෂ්ට පන්දු රැකීම සහ කොරෝනාවෙන් රට රැකීම

පන්දුවට පහර දීමේ දී වඩාත් නුවණට හුරු වුනේ මෙම පන්දු රකින්නන්ට හැකිතාක් ඈතින්…

ලොවටම පිළිලයක් වී ඇති මෙම වසංගත තත්වය යම්තාක් දුරකට හෝ පාලනය කිරීමට නම් සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය තරයේ අවධාරණය කර සිටියි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝකයේ බොහෝ රටවල් එම ලබා දී ඇති උපදෙස් නිවැරදිව ක්‍රියාවට නංවමින් ජනතාව බහුලව ගැවසෙන ප්‍රදේශයන් සියල්ලම පාහේ හුදෙකලා කරමින් වසා දැමීමට කටයුතු කර ඇත. ඒ සියල්ලන්ටම තම නිවෙස් තුළටම වී ඉදිරි සති කිහිපය ගත කරන ලෙස අවවාද කරමිනි. 

නමුත් දකුණු ආසියානු කලාපීය රටවල, විශේෂයෙන්ම ඉන්දියාව තුළ මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමේ දී ප්‍රායෝගික ගැටළු රැසකට මුහුණ පෑමට එරට රජයට සිදුව ඇති බව වාර්තා වේ. ඇතැම් පිරිස් ලබා දී ඇති උපදෙස් නොතකමින් ඔවුන්ට සිතැඟි පරිදි කටයුතු කිරීමට පෙළඹ ඇති අතර එම නිසාවෙන් එසේ නීතිය අතට ගැනීමට උත්සහ කරන්නන්ට එරෙහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ද ඉන්දීය පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ. 

මීට පිළියමක් වශයෙන් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් ජනතාව දැනුවත් කිරීමේ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පියවර ගෙන ඇත. මේ සඳහා ඉන්දීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රබල ක්‍රීඩා තරු රැසකගේ දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන මෙන් ඒ මහතා උපදෙස් ලබා දී තිබේ. 

නවසීලන්ත කාන්තා කණ්ඩායමත් තීරණයක් ගනියි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ලබන මාස…

මෙහි පළමු පියවර වශයෙන් මෝදි මහතා ඊයේ (03) දිනයේ දී ඉන්දියාව නියෝජනය කරමින් එරටට සුවිශාල කීර්තියක් අත්පත් කර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු සමඟ වීඩියෝ ඇමතුමක් ඔස්සේ සම්බන්ධ වූයේ මේ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් දැනුවත් කිරීමේ අරමුණෙනි. වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි, හිටපු ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් සහ බැඩ්මින්ටන් ශූරී P.V. සින්ධු මේ සාකච්ඡාව සඳහා එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සිටි බව ද වාර්තා වේ. 

“මේ වගේ තීරණාත්මක අවස්ථාවක මෙතනට එකතු වෙලා ඉන්න පිරිසට පුළුවන් රටේ ජනතාවගේ මානසික මට්ටම ඉහළ තැනකට අරගෙන එන්න. මොකද මේ සියලුම දෙනාම ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වුන අය. ඒ නිසා ඔවුන්ට ඔබේ දිරිගැන්වීම ගොඩක් වටිනවා. සමාජ දුරස්ථභාවය කියන සංකල්පයේ වැදගත්කම හැම වෙලාවෙම ඉස්මතු කරන්න සහ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා කටයුතු කරන සෑම නිලධාරියෙකුටම උපරිම සහයෝගය ලබා දීමේ අවශ්‍යතාව පිළිබඳ පෙන්වා දෙන්න.” යනුවෙන් මෝදී මහතා තමන් සමඟ සංවාදයට එක්ව සිටි ක්‍රීඩක පිරිස අමතින් සඳහන් කර තිබුනි. 

වැඩිදුරටත් කරුණු පහදමින් මේ පිළිබඳව දැනුවත් කළ ඒ මහතා පෙන්වා දුන්නේ COVID-19 නමැති පොදු සතුරා පරාජය කිරීමට නම් ක්‍රීඩාවෙන් කියා දෙන ස්වයං විනය, ආත්ම විශ්වාසය, බාධක වලට නොබියව මුහුණ දීම, ධනාත්මක චින්තනය වැනි යහපත් ගුණාංගයන් ප්‍රගුණ කිරීමේ වැදගත්කම ජනතාවට පහදා දිය යුතු බවයි.  

ඉන්දු-පාකිස්තාන මත ගැටුම් යළි ඇවිලෙයි

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ඉතාමත් සීඝ්‍රයෙන් දකුණු ආසියානු කලාපීය…

මෙම අභියෝගාත්මක කාල සීමාව තුළ දී තම රටවැසියන්ගේ සුභ සිද්ධිය උදෙසා අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයේ සෙසු නිලධාරීන් ගෙන යන වැඩපිළිවෙල ඉතාමත් ප්‍රශංසනීය බව සඳහන් කළ සුපිරි ක්‍රීඩා තරු පිරිස, ඉදිරියේ දී තම උපරිම සහයෝගය මේ ගෙන යන වැඩපිළිවෙල සවිමත් කිරීම සඳහා ලබා දෙන බවට ද පොරොන්දු විය. 

ඊයේ (03) දිනය වන විට ඉන්දියාවෙන් හමුවූ නව කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2300ක් ලෙස දැක්වුනු අතර ආසාධ්‍ය වූ රෝගී පුද්ගලයින් 56 දෙනෙකුට මේ වන විට දිවි අහිමි වී ඇති බව ද වාර්තා වේ. කෙසේනමුත් දියුණු නාගරික ප්‍රදේශයන්ගේ හැරුනු කොට සෙසු නගරවල තවමත් රෝගය වැළඳී ඇත් දැයි නිශ්චය කිරීම සඳහා යොදා ගන්නා පරීක්ෂණ පහසුකම් පවතින්නේ ඉතාමත් අවම මට්ටමක බැවින් රෝගය කොතෙක් දුරට රට පුරා ව්‍යාප්තව ඇත්දැයි අවසන් නිගමනයකට එළැඹීමට නොහැකි බව සෞඛ්‍ය නිළධාරීහූ පවසා සිටිති. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<