ඉන්දු-පාකිස්තාන මත ගැටුම් යළි ඇවිලෙයි

125
International Cricket

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ඉතාමත් සීඝ්‍රයෙන් දකුණු ආසියානු කලාපීය රටවල පැතිර යාම ආරම්භ වීමත් සමඟම කලාපයේ බොහෝ රටවල් රෝග ව්‍යාප්තිය අඩපණ කිරීමට විවිධ ක්‍රියාමාර්ගයන් අනුගමනය ගනිමින් සිටියි. 

අමතක වුනු වීරයාගේ නිහඬ සේවයට ICCයෙන් පැසසුම්

2007 වසරේ දී දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මංගල විස්සයි විස්ස ලෝක කුසලාන

විශේෂයෙන්ම කලාපීය ප්‍රබලයින් ලෙස සැලකෙන ඉන්දියාව සහ පාකිස්තානය මෙම ව්‍යසනයෙන් දැනටමත් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින්නේ එදා වේල සරිකර ගන්නා විශාල ජන පිරිසකගේ ජීවිකාවන් සියල්ලම පාහේ ඔවුනට අහිමි කරමිනි. 

මෙම අවාසනාවන්ත තත්වය හමුවේ තම සහෝදර ජනතාවට සවියක් වනු පිණිස දෙරටේම නම් දැරූ සුප්‍රසිද්ධ ක්‍රිකට් තරු රැසක් තම දෑත දිගුකර තිබෙනු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සුලභව දැක ගන්නට ලැබේ. ඒ අතර විශේෂයෙන්ම හිටපු පාකිස්තාන නායකයෙකු මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ෂහීඩ් අෆ්රිඩි ගෙන යන සමාජ සත්කාරක වැඩපිළිවෙල අගය කරමින් බොහෝදෙනා තම ප්‍රශංසාව පළකර තිබෙනු දක්නට ලැබුනි. 

කෙසේ නමුත් ඉන්දු-පාකිස්තාන සබඳතාවේ අඳුරු පැතිකඩ යළිත් වතාවක් කරළියට ගෙන එමින් ඉන්දීය ට්විටර් පරිශීලකයින් තම ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයින් දෙපලක් වන යුවරාජ් සිං සහ හර්බජාන් සිංගේ ක්‍රියා කලාපය විවේචනය කරමින් දෝෂාරෝපණ එල්ල කර තිබේ. ඒ ඔවුන් දෙදෙනා අෆ්රිඩිගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියකට සහය පළකරමින් දිරි ගැන්වීමේ පණිවුඩ කිහිපයක් පළකර තිබීමත් සමඟිනි. 

පීඩාවට පත්වූ ජනතාව හට සහන සැලසීමේ මූලික අරමුණින් පිහිටුවා ඇති එම අරමුදලට හැකි අයුරින් උදව් උපකාර කරන මෙන් අෆ්රිඩි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අනෙක් රටවල තම සහෝදර ක්‍රීඩකයින්ගෙන් ආයාචනා කර සිටියේය. ඊට ප්‍රතිචාර වශයෙන් දැනටමත් බොහෝ ක්‍රිකට් තරු ඔවුන්ගේ නොමසුරු දායකත්වය මේ වෙනුවෙන් ලබා දීමට ඉදිරිපත්ව තිබේ. 

ඕස්ට්‍රේලියාවේ ‘ද ටෙස්ට්’ වාර්තා චිත්‍රපටය ගැන ජෝ රූට් කතා කරයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තම ක්‍රීඩක විවේකාගාරය තුළ සිදුවූ සිදුවීම් කිහිපයක්

හර්බජාන් සිං වීඩියෝ පටයක් සයිබර් අවකාශයට මුදා හරිමින් සඳහන් කර සිටියේ යහපත් චේතානවෙන් ගෙන යන මෙම වැඩපිළිවෙල සඳහා භේදයකින් තොරව දෙරටේම ක්‍රීඩකයින් සහයෝගය දක්වන්නේ නම් එය තමන් ඉතාමත් අගයරක සලකන බවයි. එම මතයේම පිහිටුවමින් යුවරාජ් සිං ද ට්විටර් පණිවිඩයක් එක් කරමින් පවසා තිබුනේ මෙවැනි අසීරු කාල සමයන් හි කෙතරම් ගැටළු, බාධක පැවතියත් අන්‍යොන්‍ය සහයෝගය නමැති සාධකය අතිශය තීරණාත්මක බවයි. 

තමන් පිටුපස සිට ගනිමින් මේ අවස්ථාවේ දී වචනෙකින් හෝ ලබා දෙන්නා වූ සහයෝගයට අනේක වාරයක් ස්තූතිවන්ත වන බව සඳහන් කරමින් අෆ්රිඩි තම ඉන්දීය සගයින් දෙදෙනාටම පෞද්ගලික ට්විටර් පණිවිඩ මඟින් කෘතවේදීත්වය පළ කිරීමට අමතක නොකළේය. මෙය නොරිස්සූ ඉන්දීය ක්‍රීඩාලෝලින් හර්බජාන් සිං සහ යුවරාජ් සිං වැනි ගෞරවයට පාත්‍ර වූ ඉන්දියානුවන් දෙදෙනෙකු, ඉන්දු-කාශ්මීර අර්බුදයේ දී ඉතාමත් පක්ෂග්‍රාහීව කටයුතු කරන පුද්ගලයෙකු පිළිබඳ ප්‍රසිද්ධියේ ගුණ වැයීම කිසිසේත්ම අනුමත නොකරන බවට අවධාරණය කර තිබුනි. 

පහත දැක්වෙන්නේ එසේ කෝපයට පත් ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින් කිහිපදෙනෙකු විසින් සටහන් කර තිබූ පණිවිඩ කිහිපයකි. 

“ඔබ දෙදෙනාට පොඩි හෝ අවබෝධයක් තියෙනවද කවුරු වෙනුවෙන්ද තමුන් මේ කථා කරන්නේ කියලා?” 

“හර්බජාන්, මෙතෙක් කල් මට ඔබ ගැන තිබූ ගෞරවය එක මොහොතකින් නැතිවී ගියා.” 

“ඔබලා අපේ විශ්වාසය බිඳ දැම්මා.” 

සංගා, මහේල කොරෝනා සටනට එක් වෙයි

මේ දිනවල වසංගතයක් ලෙස පැතිර යන COVID-19 වයිරසය නිසා ශ්‍රී ලංකාව තුල හදිසි ඇඳිරි නීති තත්ත්වයක්

මෙලෙස බැන වදිමින් පණිවුඩ විශාල සංඛ්‍යාවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීමත් සමඟම මීට පිළිතුරු බැඳීමට යුවරාජ් සිං තීරණය කර තිබුනේ යම් වැරදි වැටහීමක් වේ නම් එය නිවැරදි කරලීමේ අරමුණෙනි. 

මට තේරෙන්නේ නැත්තේ අසරණ මිනිස්සුන්ට උදව් කරන්න ඉදිරිපත් වුන එක වැරදි විදියට අර්ථකථනය කරන්න උත්සාහ ගන්නේ ඇයි කියන එක.” 

“සරලව මට ඒ පණිවිඩයෙන් කියන්න ඕන කරලා තිබ්බේ, මේ වෙලාවේ දී රටවල් දෙකේම ජනතාවට උසස් සෞඛ්‍ය සේවාවක් ලබා දෙන්න නම් හැමෝගෙම උදව් උපකාර ඒ වෙනුවෙන් අවශ්‍යයි කියන එක. නැතුව මට කාටවත් රිද්දන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. මම හදවතින්ම ඉන්දියානුවෙක්. ඒක නිසා මනුෂ්‍යත්වය වෙනුවෙන් ඕනම වෙලාවක කථා කරන්න, නැගී ඉන්න මම ඉදිරිපත් වෙනවා. ඒක මගේ ලේ වලට කිඳා බැහැපු දෙයක්.” 

38 හැවිරිදි යුවරාජ් සිං පසුගිය වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් අතර 2011 වසරේ දී ඉන්දීය කණ්ඩායමේ ලෝක කුසලාන ජයග්‍රහණය පිටුපස සිටි ප්‍රධානතම බල කණුව ලෙස සැලකෙන ඔහු කෙරෙහි එරට ජනතාව තුළ ඇත්තේ විශාල ගෞරවයකි. COVID-19 වසංගතයෙන් පීඩාවට පත්ව සිටින පවුල් රැසකට උපකාර කිරීමේ අපේක්ෂාවෙන් ඔහු පිහිටුවා ඇති “YouWeCan” අරමුදලට මේ වන විට ලොව නන් දෙසින් ආධාර ගලා එන බවට ද වාර්තා වේ. 

ඉන්දියාව තුළ මේ වන විට නව කොරෝනා වෛරස් ආසාදිතයින් 1600කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර පුද්ගල මරණ ගණන දැක්වෙන්නේ 38ක් ලෙසිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<