“ඔහු අළු බඳුන තරගාවලිය ක්‍රීඩා නොකළහොත් එය පුදුමයක්” – මයිකල් වෝන්

309

නැගී එන ක්‍රීඩක ජොෆ්රා ආර්චර් මෙම වසරේ (2019) අළු බඳුන තරගාවලියට සහභාගී නොවුණොත් තමා අතිශය පුදුම වන බව හිටපු එංගලන්ත නායක මයිකල් වෝන් පවසා තිබුණා.

ජොෆ්රා ආර්චර් තවමත් එංගලන්තය වෙනුවෙන් එකඳු ටෙස්ට් තරගයක් හෝ ක්‍රීඩා කර නොතිබීම විශේෂත්වයක්.

තවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට දූෂණ චෝදනා

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ හා අවිශ්ක ගුණවර්ධන…..

බාබඩෝස් හී උපන් ජොෆ්රා ආර්චර්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය ආරම්හ වුණේ පසුගිය සතියේදීයි. ඔහු පසුගිය සතියේදී එංගලන්තය වෙනුවෙන් එක්දින තරග දෙකක් සහ එක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ එංගලන්තයේ පුරවැසිභාවය සම්පූර්ණ කිරීමෙන් පසුවයි.

පැයට කිලෝමීටර 145 කට වැඩි වේගයකින් පන්දු යැවිය හැකි ඔහු, එළඹෙන අළු බඳුන තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩාකළ යුතුම බව වෝන් ගේ මතයයි. එමෙන්ම මෙම මස (මැයි) අවසානයේ ආරම්භ වීමට නියමිත ලෝක කුසලන තරගාවලියේදීත් ඔහු එංගලන්තය නියෝජනය කළ යුතු බවත් වෝන් පවසා තිබෙනවා.

“අළු බඳුන තරගාවලියට ඔහු එංගලන්තය නියෝජනය නොකළහොත් මම අතිශයින් මවිත වෙනවා. ඒ වගේමයි ලෝක කුසලනයේදීත්” යයි මයිකල් වෝන් ලන්ඩනයේදී AFP පුවත් සේවය හමුවේ පවසා තිබුණා.

“ඔහුට ත්‍යාගයක් ලැබී තිබෙනවා. ඒ වගේම ආකෘති තුනම ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුළු වුණාම කණ්ඩායමටත් ගොඩක් හොඳයි.”

“ඔහු එංගලන්තයට ලෝක කුසලානයේදී ජය ගෙන ඒවි. ඔහු එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරග දිනා දේවි. මට අතිශයින්ම විශ්වාසයි ඔහු ටෙස්ට් තරග වලදීත් ලොකු දෙයක් කරයි. මෙවර මෙන්ම මින්පසු දිගටම.”

ජෝ රූට්, එංගලන්ත ටෙස්ට් නායකයාද ආර්චර් ගේ ටෙස්ට් ආගමනය පිළිබඳව මෙසේ අදහස් දක්වා තිබුණා.

“ඔහු මෙහෙම ක්‍රීඩා කරනවා කියන්නේ ඔහු අනිවාර්යයෙන්ම අළු බඳුන තරගාවලිය පිළිබඳ ඇස ගසාගෙන ඉන්නවා කියලයි.”  

“ආකෘති තුනෙන්ම ඔහු දියුණු වන ආකාරය දැකීම ඉතා ආකර්ශනීය වෙයි. ඔහු සෑමදේම කළමනාකරණය කරන ආකාරය ඉතා සතුටුදායකයි.”


තවදුරටත් අදහස් දවමින් වෝන් පවසා සිටියේ ජෝ රූට් ව තවදුරටත්  ක්‍රීඩා කිරීම සඳහා ආරක්ෂා කරගත යුතු බවයි.

“ඔහු අති විශිෂ්ඨයි.” වෝන් පවසා සිටියා.

“ඔහු වෙනස්. මටත් ඔහු වගේම මානසිකත්වයකින් ක්‍රිකට් ගහන්න පුලුවන් වුණා නම් හොඳයි.”

තවදුරටත් ආර්චර් පිළිබඳව අදහස් දැක්වූ වෝන් මෙසේ පවසා සිටියා.

“හෝබාර්ට් හරිකේන්ස් වෙනුවෙන් ක්‍රීඩා කළත්, රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් ක්‍රීඩා කළත්, එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළත් ඔහු පැයට කිලෝමීටර 145 ක වේගයෙන් ක්‍රීඩා කරනවා”

Video – “කණ්ඩායමේ හැමෝගෙම සහාය මට ලැබෙනවා” – දිමුත්

එළඹෙන ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (06)…


“ඔහුට පන්දුවට පහර දෙන්නත් පුළුවන්. ඔහු වෙඩිල්ලක් වගේ පන්දු රකිනවා. ඔහු ඉක්මණින්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරයි.”

ඔහුගේ අදහස් එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් ද අනුමත කර තිබුණා.

“ඔහු වේගවත්. හරිම ආකර්ෂණීය විදිහට පන්දු යවනවා.” යයි බ්‍රෝඩ් පවසා සිටියා. බ්‍රෝඩ් මේ වනවිට ටෙස්ට් තරග 126 කදී කඩුලු 437 ක් දවාගෙන තිබෙනවා.  

“ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව හරිම රිද්මයානුකූලයි. ඔහුගේ ඉරියව්ව නැවත නැවත එකම විදියට ක්‍රියාත්මක කරන්න පුළුවන් ඉරියව්වshක්. ඔහු වැඩි මහන්සියකින් තොරවම වැඩි වේගයක් උකහා ගන්නවා. සාර්ථකත්වයේ ලක්ෂණ සියල්ලම ඔහු ළඟ තිබෙනවා”



                                  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<