රවිඳුගේ කඩුලු 10 මාරිස් ස්ටෙල්ලා ජය වේගවත් කරයි

331

අනාගතයේ ලොව දිනන ක්‍රිකට් තරු සොයා යන ගමනට සහය වනු පිණිස ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හතක් අද (19) දිවයින පුරා විසිර තිබෙන ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය. ඒ තරග අතරින් මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ලකුණු 135ක ජයක්  හිමිකර ගත්තේය.

වික්‍රමගේ වික්‍රමයෙන් සාන්ත ජෝසප් විද්‍යාලයට දැවැන්ත ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග…

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

කටුනේරිය සාන්ත සෙබස්තියන් පිටියේ දී නිමාව දුටු මේ සුහද ක්‍රිකට් තරගය ලකුණු 135කින් ජය ගැනීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමත් විය.

අද දිනයට තරගය ආරම්භ කරන විට ජනාධිපති විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 68ක් ලබාගෙන සිටියේය. මෙහි දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ දකුණතින් දඟපන්දු යවන 5 වන වසරේ ක්‍රීඩකයෙක් වන රවිඳු ප්‍රනාන්දු ජනාධිපති විද්‍යාල පළමු ඉනිමේ කඩුලු 4ක් දවා ගත්තේය.

ලකුණු 80ක පළමු ඉනිමේ අවාසිය සහිතව පිටියට පැමිණි මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින්  කඩුලු 7ක් දැවී ලකුණු 118ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිට වූයේ රො‍ෂේන් ප්‍රනාන්දුගේ ලකුණු 36ත් සවියක් කරගෙනයි. දිනිත් නෙලුම්දෙණිය ලකුණු 38කට කඩුලු 5යි.

ලකුණු 199ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් දෙවන ඉනිම දියත් කළ ජනාධිපති විද්‍යාලය සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 63ක් පමණි. එහි දී ද ජනාධිපති විද්‍යාල පිතිකරුවන් අපහසුතාවයට පත්කළ දඟපන්දු යවන ක්‍රීඩක රවිඳු දෙවන ඉනිමේ දී ද කඩුලු 6ක් දවා ගත්තේ මාරිස් ස්ටෙල්ලා විද්‍යාල ජය තහවුරු කරමිනි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම – 168 (43): තිලින පෙරේරා 28*, චතුර අනුරාධ 27, රවිඳු ප්‍රනාන්දු 24, ටශික නිර්මාල් 6/50.

ජනාධිපති විද්‍යාල පළමු ඉනිම –  88 (36.2): රවිඳු ප්‍රනාන්දු 4/23, ප්‍රමෝද් කාවින්ද 2/20, අවිශ කේෂාන් 2/26.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල දෙවන ඉනිම – 118/7d (35): රො‍ෂේන් ප්‍රනාන්දු 36, දිනිත් නෙලුම්දෙණිය 5/38.

ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම – 63 (22.1): රවිඳු ප්‍රනාන්දු 6/26, පසිඳු උෂෙට්ටි 3/33.


පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය

ඩී. ඒ. එගොඩගේගේ හා කේ. එන්. එච්. එල් හේවනායකගේ දැකුම්කළු පිතිකරණයෙන්  වර්ණවත් වූ මෙම තරගය ‘D කාණ්ඩයේ’ තරගයක් ලෙස මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී අද ආරම්භ විය. කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුව යැවීමට තීරණය කළ අතර එහි දී දකුණතින් පිතිකරණයේ නිරත වන එගොඩගේ සිය කණ්ඩායම වෙනුවෙන් අගනා අර්ධ ශතකයක් රැස්කර දුන් අතර හේවනායක විසින් ලකුණු 37ක් තම විද්‍යාලයීය  ලකුණු පුවරුවට එකතු කළේය.

පන්දු යැවීමේ දී සිනෙත් සිතාර ලකුණු 45කට කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දැක්වූයේ සාන්ත තෝමස් විද්‍යාලයට යම් සහනයක් ගෙන දෙමිනි.

ඉන් පසුව ගුරුකුල විද්‍යාලය සිය පිළිතුරු පළමු ඉනිම ආරම්භ කිරීමට පිටියට පැමිණියත් අයහපත් ආලෝක තත්වය නිසා ඔවුන්ට අද දිනයේ දී මුහුණ දීමට ලැබුණේ පන්දු 2කට පමණයි.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම – 204 (66.1): ඩී. ඒ. එගොඩගේ 89, කේ. එන්. එච්. එල් හේවනායක 37, සිනෙත් සිතාර 5/45.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 12/0 (9):

පළමු දිනයට ක්‍රියාත්මක වූ මේ තරගය හෙට (25) දෙවන දිනයටත් ක්‍රියාත්මක  වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<