දැවැන්ත තරගාවලියකට ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022

1209

ජුනි සහ ජූලි මාසවල දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 5ක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත් තරග සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

තරග සංචාරය විස්සයි විස්ස තරගාවලියෙන් ආරම්භ වී ටෙස්ට් තරගාවලියෙන් අවසන් වීමට නියමිත අතර සියලු තරග කොළඹ, මහනුවර සහ ගාල්ල නගරවල ඇති ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට නියමිතයි.

“අප සිටින්නේ ඉතාමත් උද්වේගකර ක්‍රිකට් කාලසීමාවකයි, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 5කට පසුව නිසා”, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා මාධ්‍ය නිවේදනයේ සඳහන්.

මේ තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය එළඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට හොඳ සූදානමක් වේවි. ඒ වගේමයි එක්දින සහ ටෙස්ට් තරගාවලි දෙකත් ශ්‍රී ලංකාවට ඉතාමත් තරගකාරී වේවි මොකද අපි the ICC World Test Championship ශ්‍රේණිගත කිරීම්වින් ඉහළට යන්න මේ තරගාවලි උදව් වෙනවා වගේම 2023 ICC Men’s World Cup සඳහා ද එය හොඳ පන්නරයක් වේවි”, යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

තරග කාලසටහන:

  දිනය ක්‍රීඩාංගණය
පළමු විස්සයි විස්ස තරගය ජුනි 7 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙවැනි විස්සයි විස්ස තරගය ජුනි 8 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
තෙවැනි විස්සයි විස්ස තරගය ජුනි 11 පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය
පළමු එක්දින තරගය ජුනි 14 පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙවැනි එක්දින තරගය ජුනි 16 පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය
තෙවැනි එක්දින තරගය ජුනි 19 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
සිව්වැනි එක්දින තරගය ජුනි 21 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
පස්වැනි එක්දින තරගය ජුනි 24 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
පළමු ටෙස්ට් තරගය ජුනි 29 – ජූලි 3 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙවැනි ටෙස්ට් තරගය ජූලි 8 – 12 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

 

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<