නිදොස් වෙන්න උමාර්ට තවත් අවස්ථාවක්

216
DNA India

තමාට වසර තුනක තහනමක් පනවමින් ලැබුණු නඩු තීන්දුව නැවත සලකා බලන ලෙස ඉල්ලමින් උමාර් අක්මාල් යොමු කළ අභියාචනය එළඹෙන ජූලි 13 වැනිදා සලකා බලන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර තිබෙනවා. 

එම අභියාචනය සලකා බැලීමට නියමිතව තිබුණේ පසුගිය ජුනි 11 වැනිදා වුනත්, ලොව පුරා පැතිර ගිය COVID-19 වයිරස නිසා එම සලකා බැලීම කල් දැමුණා.

“යුනිස් මට සමාවෙන්න” – හිටපු පාකිස්තාන පිතිකරණ පුහුණුකරු

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 2020 අදියරේ දී සිදු වූ දූෂණ සිද්ධීන් දෙවතාවක්ම වාර්තා නොකිරීම නිසා ඔහුට වසර තුනක තරග තහනමක් පැනවුණා. 2020 පෙබරවාරි 17 වැනිදා සිට ඔහුට ක්‍රිකට් තහනම් වුණු අතර පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ද ඔහුට ඉවත් වන්නට සිදු වුනා. 

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ චර්යා ධර්ම සංග්‍රහයේ, “පමාවකින් තොරව තරග පාවා දෙන්නට ලැබෙන ආරාධනයන් හෝ දූෂණ වංචාවලට ලැබෙන ආරාධනයන්  වාර්තා නොකිරීම” යන කරුණු අඩංගු වගන්ති අංක 2.4.4 කඩ කිරීම නිසා ඔහුට දඬුවම් පැනවුණා. 

විනිසුරු චවුහාන් විසින් අක්මාල්ගේ නඩු තීන්දුව ලබා දුන් අතර අප්‍රේල් මාසයේ දී ඔහුට තරග තහනම පැනවීමෙන් අනතුරුව ඔහු මැයි මස 19 වැනිදා එම තීන්දුවට අභියෝග කරමින් අභියාචනයක් ඉදිරිපත් කළා.

COVID-19 හමුවේ ටෙස්ට් ක්‍රිකට් කමිසත් වෙනස් වෙයි

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන Faqir Muhammad Khokhar ඉදිරියේ උමාර් අක්මාල්ගේ අභියාචනය සලකා බැලීමට නියමිතයි.

CricBuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<