මෙලනි හිරෝෂි කටාර් ප්‍රධාන පුහුණුකාර ධුරයට

683
Melani Hiroshi

හිටපු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවක් වන මෙලනි හිරෝෂි කටාර් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස පත් කර තිබෙනවා.

වසර දෙකක කාලයක් සඳහා ඇය කටාර් කාන්තා කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස කටයුතු කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා පුහුණුකාරිණියක් විදෙස් කණ්ඩායමක ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස කටයුතු කරන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

මිලාගිරිය සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන මෙලනි 2000-2016 කාලසීමාවේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරග 31කට සහභාගීව තිබෙනවා.

ක්‍රීඩා පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව පුහුණුකාර සුදුසුකම් සපුරාලීමට අවධානය ලබා දුන් ඇය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පළමු සහ දෙවැනි පුහුණුකරු සුදුසුකම් සැපිරූ පළමු ක්‍රීඩිකාව ද වෙනවා.

අවශ්‍ය සුදුසුකම් ලබා ගැනීමෙන් පසුව දේශීය තරග පිටියේ නාවික හමුදා සහ යුද හමුදා කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස ද ඇය කටයුතු කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<