Home Sinhala මැතිව්ස්ගේ ශතකය සමඟින් තරගය සමබරව පස්වැනි දිනයට

මැතිව්ස්ගේ ශතකය සමඟින් තරගය සමබරව පස්වැනි දිනයට

421
Credit : Getty Images

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද (12) නිමාවට පත්වුනේ තරගය දෙපිළටම අතිශයින්ම සමබර මොහොතකයි.

මේ වන විට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 285ක ඉලක්කයක් හඹා යන නවසීලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටිනවා.

තරගයේ තුන්වැනි දිනය අවසන් වන විට නවසීලන්තය නැවතත් නිවැරදි මාවතට අවතීර්ණ වී සිටියා. ඒ අසාර්ථක දින දෙකකට පසුවයි. Daryl Mitchell අවශ්‍යම මොහොතේ වාර්තා කළ ශතකයත්, Matt Henryගේ වේගවත් ලකුණු 72ත් ඊට කදිම පිටිවහලක් වුනා. ශ්‍රී ලංකාවේ ලකුණු 355ට පිළිතුරු ලෙස නවසීලන්තය මුල් ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 373ක්.

මේ නිසා ලකුණු 18ක හිඟ පාඩුවක් සමඟින් දෙවැනි දිනය ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3ක් ඊයේ ලකුණු 83ක් තුල දී දැවී ගියා. එබැවින් අද දිනයේ ජයග්‍රහණයක් සඳහා ප්‍රමාණවත් ඉලක්කයකට ලකුණු පුවරුව ඉහළ නැංවීමට මැදපෙළ පිතිකරුවන්ට තිබුණේ දැවැන්ත අභියෝගයක්. ඒ යම් හෙයකින් එක ෙළඟ කඩුලු කිහිපයක් බිඳ වැටුනොත් තරගය පරාජයකින් පවා කෙළවර විය හැකි නිසයි.

අද දිනයේ මුල්ම කඩුල්ල ලෙස ඊයේ රාත්‍රී රැකවලා ලෙස පිටියට පිවිස සිටි ප්‍රභාත් ජයසූරිය දැවී ගියා. ඒ Blair Ticknerට තරගයේ සිව්වැනි කඩුල්ලත් හිමිකර දෙමින්. ප්‍රභාත්ගෙන් ලැබුණු ලකුණු 6 අමතර වාසියක් පමණක් වන නිසා එම දැවී යාම ශ්‍රී ලංකාවට මවිතයට කරුණක් වුනේ නැහැ.

එතැන් පටන් පිටියේ එක්වූ දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් තමන් සතු සියලු අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් ගොඩ නැගීම කණ්ඩායමට සැනසුම් සුසුම් ගෙන දෙන්නට හේතු වුනා.

දිනේෂ් චන්දිමාල් අද පන්දු 107කට මුහුණ දී රැස් කළේ ලකුණු 42ක් පමණක් වුවත් එය තණතිල්ල හැසිරුණු අයුරු සැලකීමේ දී හොඳ ඉනිමක් ලෙස සැලකිය හැකි. අද ඔහු තම ටෙස්ට් දිවියේ ලකුණු 5000 සම්පූර්ණ කිරීමට ද සමත් වුනා. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම දස්කම දැක්වූ 11 වැනි පිතිකරුවා ඔහුයි.

2023 වර්ෂයටම ටෙස්ට් තරග 5ක් පමණක් හිමිවී තිබීම ගැන කණස්සල්ලෙන් පසුවන මැතිව්ස් ලැබුණු තරගයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් අද විශිෂ්ට ශතකයක් රැස් කළා. ඒ පන්දු 235කින් ලකුණු 115ක් රැස් කරමින්. එය ඔහුගේ 14 වැනි ජාත්‍යන්තර ටෙස්ට් ශතකයයි. මැතිව්ස්ගේ ඉනිම හතරේ පහර 11කින් හැඩ ගැන්වුනා.

කෙටි කාලයකින් වැඩි ලකුණු ගණනක් ලබාගෙන නවසීලන්තයට පිතිකරණ අවස්ථාව ලබා දීමට යන නිරෝෂන් දික්වැල්ලට පිටියට පිවිසීමට වඩාත්ම උචිත මොහොතේ පවා අද ඔහුට අද සාර්ථක වීමට හැකි වුනේ නැහැ. ශරීරයෙන් පිටතට ඇදී යන පන්දුවකට දුර්වල පහරක් එල්ල කරමින් ඔහු ලකුණු නොලබාම දැවී ගියා. ශ්‍රී ලංකා ඉනිම් දෙකේ දී ම ලකුණු 10ට අඩුවෙන් දැවී ගියේ දික්වැල්ල පමණයි.

ඉනිමේ අවසන් කොටසේ දී ධනංජය සිල්වා නොදැවී ලබා ගත් අනර්ඝ ලකුණු 47ත් සමඟින් ශ්‍රී ලංකාවට අද තම දෙවැනි ඉනිමට ලකුණු 302ක් රැස් කිරීමට හැකි වුනා. ඒ නවසීලන්තයට ලකුණු 285ක ඉලක්කයක් හිමිකර දෙමින්. මෙය සැලකිය යුතු තරමේ ප්‍රමාණවත් ඉලක්කයක් ලෙස සැලකිය හැක්කේ Hagley Oval පිටියේ හොඳම හඹා යාම ලෙස සැලකෙන්නේ ලකුණු 201ක් වන නිසයි.

සන්ධ්‍යා කාලයේ දී නවසීලන්තයට පන්දුවාර 17ක් වෙනුවෙන් පිතිකරණයේ යෙදීමට සිදු වූ අතර ඔවුන් එහි දී එක් කඩුල්ලකට ලකුණු 28ක් රැස් කළා. දැවී ගිය එකම කඩුල්ල වූයේ ලකුණු 50කට ආසන්න ටෙස්ට් සාමාන්‍යක් සහිත පිතිකරුවෙකු වන Devon Conwayයි. ඔහු කසුන් රාජිත යැවූ අසාමාන්‍ය ලෙස ඉපිලුණු පන්දුවකට Straight Drive පහරක් එල්ල කිරීමට උත්සාහ කිරීමේ දී රාජිත අතටම උඩපන්දුවක් ලබා දී දැවී ගියා.

මේ වන විට කඩුල්ලේ රැඳී සිටින Tom Latham සහ Kane Williamson ලකුණු 19ක සබඳතාවයක් ගොඩ නගාගෙන තිබෙනවා. සමස්තයක් ලෙස ගත් විට ශ්‍රී ලංකා වේගපන්දු යැවීම ඉහළ මට්ටමක තිබූ අතර පන්දු කිහිපයක්ම කඩුල්ල ආසන්නයෙන්ම කඩුලු රකින්නා වෙත ඇදී ගියා.

නමුත් නවක වේගපන්දු යවන්නන් වශයෙන් “අවිනිශ්චිතතාවයේ කොරිඩෝව” ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ හැඳින්වෙන පිට ඉන්නට මදක් ඈතින් නිරන්තරයෙන් පන්දුව දෙපසට දෝලනය කිරීමට ඔවුන්ට හැකි වුනේ නැහැ. මේ නිසා අත්දැකීම් සහිත නවසීලන්ත පිතිකරුවන් දෙදෙනා මෙම පන්දු වේලාසනින්ම කියවාගෙන පන්දුව නිදැල්ලේ යාමට සැලැස්වූවා.

Result


New Zealand
373/10 (107.3) & 285/8 (70)

Sri Lanka
355/10 (92.4) & 302/10 (105.3)

Batsmen R B 4s 6s SR
Oshada Fernando c Tom Blundell b Tim Southee 13 31 2 0 41.94
Dimuth Karunaratne c Tom Latham b Matt Henry 50 87 7 0 57.47
Kusal Mendis lbw b Tim Southee 87 83 16 0 104.82
Angelo Mathews c Mitchell Santner b Matt Henry 47 98 6 1 47.96
Dinesh Chandimal c Tom Latham b Tim Southee 39 64 6 0 60.94
Dhananjaya de Silva c Tom Blundell b Tim Southee 46 59 5 1 77.97
Niroshan Dickwella lbw b Michael Bracewell 7 13 1 0 53.85
Kasun Rajitha c William Somerville b Matt Henry 22 39 4 0 56.41
Prabath Jayasuriya c Tom Blundell b Matt Henry 13 40 0 0 32.50
Lahiru Kumara not out 13 32 2 0 40.62
Asitha Fernando  lbw b Tim Southee 10 10 2 0 100.00


Extras 8 (b 0 , lb 6 , nb 0, w 2, pen 0)
Total 355/10 (92.4 Overs, RR: 3.83)
Bowling O M R W Econ
Tim Southee 26.4 10 64 5 2.42
Matt Henry 26 8 80 4 3.08
Blair Tickner 20 2 103 0 5.15
Neil Wagner 10 1 68 0 6.80
Daryl Mitchell 7 3 17 0 2.43
Michael Bracewell 3 0 17 1 5.67
Batsmen R B 4s 6s SR
Tom Latham b Asitha Fernando  67 144 7 0 46.53
Devon Conway lbw b Asitha Fernando  30 88 2 0 34.09
Kane Williamson c Dimuth Karunaratne b Lahiru Kumara 1 11 0 0 9.09
Henry Nicholls c Kasun Rajitha b Lahiru Kumara 2 6 0 0 33.33
Daryl Mitchell c Niroshan Dickwella b Lahiru Kumara 102 193 6 2 52.85
Tom Blundell c Niroshan Dickwella b Kasun Rajitha 7 22 0 0 31.82
Michael Bracewell c Niroshan Dickwella b Prabath Jayasuriya 25 57 2 0 43.86
Tim Southee c Lahiru Kumara b Kasun Rajitha 25 20 3 1 125.00
Matt Henry b Asitha Fernando  72 75 10 3 96.00
Neil Wagner c Dhananjaya de Silva b Asitha Fernando  27 24 1 3 112.50
Blair Tickner not out 2 5 0 0 40.00


Extras 13 (b 4 , lb 6 , nb 0, w 3, pen 0)
Total 373/10 (107.3 Overs, RR: 3.47)
Bowling O M R W Econ
Kasun Rajitha 31 10 104 2 3.35
Asitha Fernando  29.3 5 85 4 2.90
Lahiru Kumara 25 5 76 3 3.04
Dhananjaya de Silva 9 2 34 0 3.78
Angelo Mathews 3 0 18 0 6.00
Prabath Jayasuriya 10 1 46 1 4.60
Batsmen R B 4s 6s SR
Oshada Fernando c Tom Blundell b Blair Tickner 28 52 4 0 53.85
Dimuth Karunaratne c Henry Nicholls b Blair Tickner 17 45 1 0 37.78
Kusal Mendis c Michael Bracewell b Blair Tickner 14 55 1 0 25.45
Angelo Mathews c Tom Blundell b Henry Nicholls 115 235 11 0 48.94
Prabath Jayasuriya c Tom Blundell b Blair Tickner 6 32 0 0 18.75
Dinesh Chandimal b Tim Southee 42 107 2 0 39.25
Dhananjaya de Silva not out 47 73 7 0 64.38
Niroshan Dickwella c Tom Blundell b Matt Henry 0 4 0 0 0.00
Kasun Rajitha lbw b Matt Henry 14 21 2 0 66.67
Lahiru Kumara run out (Kane Williamson) 8 6 2 0 133.33
Asitha Fernando  c Kane Williamson b Tim Southee 0 3 0 0 0.00


Extras 11 (b 4 , lb 3 , nb 0, w 4, pen 0)
Total 302/10 (105.3 Overs, RR: 2.86)
Bowling O M R W Econ
Tim Southee 26.3 9 57 2 2.17
Matt Henry 28 5 71 3 2.54
Blair Tickner 28 1 100 4 3.57
Neil Wagner 3 0 9 0 3.00
Daryl Mitchell 12 2 31 0 2.58
Michael Bracewell 8 1 27 0 3.38


Batsmen R B 4s 6s SR
Tom Latham b Prabath Jayasuriya 25 80 3 0 31.25
Devon Conway c & b Kasun Rajitha 5 16 0 0 31.25
Kane Williamson not out 121 194 11 1 62.37
Henry Nicholls c Kusal Mendis b Prabath Jayasuriya 20 24 1 0 83.33
Daryl Mitchell b Asitha Fernando  81 86 3 4 94.19
Tom Blundell b Asitha Fernando  3 5 0 0 60.00
Michael Bracewell c Chamika Karunaratne b Asitha Fernando  10 11 1 0 90.91
Tim Southee c Dhananjaya de Silva b Lahiru Kumara 1 2 0 0 50.00
Matt Henry run out (Kasun Rajitha) 4 3 0 0 133.33
Neil Wagner not out 0 0 0 0 0.00


Extras 15 (b 5 , lb 3 , nb 1, w 6, pen 0)
Total 285/8 (70 Overs, RR: 4.07)
Bowling O M R W Econ
Kasun Rajitha 17 5 61 1 3.59
Asitha Fernando  19 4 63 3 3.32
Prabath Jayasuriya 19 1 92 2 4.84
Lahiru Kumara 15 3 61 1 4.07



අවසන් දිනයේ ජයග්‍රහණය වෙනුවෙන් නවසීලන්තයට ලකුණු 257කුත්, ශ්‍රී ලංකාවට කඩුලු 9කුත් අවශ්‍ය වන නිසා මෙම ටෙස්ට් තරගය දෙපිළටම සම අවස්ථා සහිත තීරණාත්මක ටෙස්ට් තරගයක් ලෙස හැඳින්විය හැකියි.

ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් ශූරතාවය ගැන තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට හැකි වෙයි ද යන්න හරියටම දැන ගැනීමට හැකි වන පස්වැනි දිනයේ උණුසුම් තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<