Mehidy Hasanට අලකලංචියක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2022

2401

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වන Mehidy Hasan Miraz හට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ, ඔහුගේ ඇඟිල්ලක හට ගත් ආබාධයක් හේතුවෙන්.

මේ දිනවල පැවැත්වෙන ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී ඔහු මෙම ආබාධයට ලක්ව තිබෙනවා. මෙම ආබාධය නිසා Mehidy හට ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ දැඩි අවධානමක් මතුව තිබෙනවා.

ඒ අනුව Mehidy වෙනුවට 21 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන Nayeem Hasan බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට කැඳවීමට තීරණය කර තිබෙන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය මැයි 15 වැනිදා ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වැනිදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙම ටෙස්ට් තරගාවලිය ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.

පළමු ටෙස්ට් තරගයට නම් කළ බංග්ලාදේශ සංචිතය

Mominul Haque (c), Tamim Iqbal, Mahmudul Hasan Joy, Najmul Hossain Shanto, Mushfiqur Rahim, Shakib Al Hasan, Liton Das, Yasir Ali, Taijul Islam, Ebadot Hossain, Nayeem Hasan, Khaled Ahmed, Nurul Hasan, Rejaur Rahman Raja, Shohidul Islam, Shoriful Islam (subject to fitness)

තරගාවලියේ කාලසටහන

  • දෙදින පුහුණු තරගය – මැයි 11 සහ 12 – M.A.Aziz Stadium, Chattogram
  • පළමු ටෙස්ට් තරගය – මැයි 15 සිට 19 දක්වා – ZACS, Chattogram
  • දෙවැනි ටෙස්ට් තරගය – මැයි 23 සිට 27 දක්වා – SBNCS, Dhaka

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<