නැගී එන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාව අඩපණ කරයි

833

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා දකුණු අප්‍රිකානු  නැගී එන කණ්ඩායම අතර හම්බන්තොට දී පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (5) ජය පරාජයෙන් තොරව අවසන් විය. කෙසේ නමුත් පසුගිය දා පැවති පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම නිසා තරග 1-0ක් ලෙස  තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට ඔවුන්ට හැකි විය.

සොර්සිගේ ශතකයෙන් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගය තියුණු තැනකට

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා නැගී එන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 241ක්…

හම්බන්තොට දී පැවති මේ තරගයේ අද දිනය සඳහා  ආරම්භ වන විට පිළිතුරු දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 344ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 241ක් ඉදිරියෙන් සිටිමිනි.

සිව්වැනි දිනය සඳහා තරගය ආරම්භ කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි සමන්ගලිසො නෙල්බෙලා හා ජෝර්ජ් මලොක්වානා පිළිවෙළින් ලකුණු 4*ක් හා ලකුණු 6*ක් ලබාගෙන සිටියේය. ඔවුන් දෙදෙනා අද දිනයේ උදෑසන කාලය තුල තවත් පන්දුවාර 13කට මුහුණ දී සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 393ක් දක්වා වර්ධනය කරගෙන සිය දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 291ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙමිනි.

දකුණු අප්‍රිකානු දෙවන ඉනිම අවසානයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටි මලොක්වානා 4 පහර 4ක් සමඟ ලකුණු 29*ක් ලබා ගන්නා විට ඔහුට සහය වූ නෙල්බෙලා ලකුණු 28*ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු හා චරිත් අසලංක අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වන කෞශාල් සිල්වා හා සධීර සමරවික්‍රම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක ස්ථාවර සබඳතාවයක් ගොඩනැංවූ අතර එක් 4 පහරක් සමඟින් ලකුණු 19ක් ලබා සිටි සමරවික්‍රම දැවී යාමත් සමඟම ඒ සබඳතාවයට නැවතීමේ තිත වැටුණි.

ධනංජය සහ දනංජය ගේ උත්සාහය ප්‍රතිවාදී දැඩි ඉලක්කය හමුවේ අපතේ යයි

ඉදිරිපෙළ පිතිකරුවෝ සියල්ලෝ ම තම යුතුකම ඉටුකරමින් සිටිය දී අතරමග දී ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ අභියෝග හමුවේ විනාශ කර ගනිද්දී පසු පෙළ පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි ධනංජය…

නායකත්වයේ පිතිකරණයක නිරත වූ  කෞශාල් සිල්වා 4 පහර 7ක් එල්ල කරමින් ලකුණු 49ක් ලබාගෙන සිය අර්ධ ශතකයට තවත් එක් ලකුණක් මෙපිටින් සිටිය දී ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩුල්ල ලෙස දැවී ගියේය. මැදපෙළ පිතිකරුවන් වන ලහිරු මිලන්ත හා පළමු ඉනිමේ ශතකයක් ලබා ගත් චරිත් අසලංක පිළිවෙළින් ලකුණු 21කට හා ලකුණු 10කට ක්‍රීඩාගාරයට හැරී ගියහ.

ලකුණු 124කට කඩුලු 4ක් දැවී ගොස් තිබූ මොහොතක පිටියේ ස්ථාවර වූ පැතුම් නිස්සංක හා සම්මු අශාන් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 112ක දැවැන්ත හා සාර්ථක සබඳතාවයක් පන්දුවාර 23කට ආසන්න පන්දුවාර ප්‍රමාණයක් තුල වාර්තා කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා යාමට හැකි බවට යම් ඉඟියක් පළ කළේය. දකුණතින් පිතිකරණයේ නිරත වන නිස්සංක 4 පහර 5ක් හා එක් 6 පහරක් සිය ලකුණු ගිණුමට එක්කර ගත්තේ පන්දු 115ක් වැය කරමිනි. අවසානයේ ලකුණු 62ක් ලබාගෙන සිටි නිස්සංක ශ්‍රී ලංකා දෙවන ඉනිමේ 5 වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවතට ගියේය. ඔහුට අගනා සහයක් දුන් සම්මු අශාන් මේ තරගාවලිය තුල තවත් අර්ධ ශතකයක් වෙත පිය තැබීමට අද සමත් වූයේ 4 පහර 12ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 71ක් ලබා ගනිමිනි. ඒ සඳහා ඔහුට වැය වූයේ පන්දු ගණන 71ක් වීම ද සුවිශේෂී වේ.

නිස්සංක හා අශාන් දැවී යාමත් සමඟින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට තිබූ ජයග්‍රහණය යම් ආකාරයකින් දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙත ඇඳී යන්නට වූයේ ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් පිටියට පැමිණි විගස ක්‍රීඩාගාරයට හැරී යාම නිසාවෙනි.

කෙසේ නමුත් අවසානයේ සිව්වැනි හා අවසන් දිනය සඳහා නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමත් සමඟ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කරන ලදි. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම් කඩුලු 8ක් දැවී ලකුණු 260ක් ලබාගෙන සිටියේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 41ක් මෙපිටින් සිටිමිනි. පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම  වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් ඊතන් බෝෂ් ලකුණු 49කට කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම පළමු ඉනිම – 216 (64.3): රයන් රිකෙල්ටන් 51, නන්ද්‍රේ බර්ගර් 31, ජෝර්ජි මහලොක්වානා 29, කමිඳු මෙන්ඩිස් 4/32.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම – 319 (92): චරිත් අසලංක 100, සම්මු අශාන් 61, කෞශාල් සිල්වා 34, කමිඳු මෙන්ඩිස් 31, ලදෝ සිපම්ලා 4/75.

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම දෙවන ඉනිම – 393/6d (114): ටෝනි ඩී සොර්සි 103, රයන් වෑන් ටොන්ඩර් 68, කගීසෝ රපුලානා 41, බිනුර ප්‍රනාන්දු 2/33, චරිත් අසලංක 2/51.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දෙවන ඉනිම  –260/8 (75): සම්මු අශාන් 71, පැතුම් නිස්සංක 62, කෞශාල් සිල්වා 49, ඊතන් බෝෂ් 3/49.

දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ මස 9 වැනිදා දඹුල්ලේ දී පැවැත්වෙන අතර එහි සජීවී විකාශනය හා තරග තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<









Title





Full Scorecard

South Africa Board XI

216/10 & 393/6

(114 overs)

Result

Sri Lanka Emerging

319/10 & 260/8

(75 overs)

Match Drawn

South Africa Board XI’s 1st Innings

Batting R B
Ryan Rickelton c P.Nissanka b N.Taraka 51 58
Tony de Zorzi b L.Gamage 3 13
Kagiso Rapulana c S.Samarawickrama b K.Mendis 23 53
Raynard van Tonder lbw by L.Gamage 20 44
Matthew Breetzke b J.Vandersay 18 53
Jiveshan Pillay c S.Samarawickrama b B.Fernando 3 38
Eathan Bosch c S.Ashan b N.Taraka 18 20
Smangaliso Nhlebela lbw by K.Mendis 2 16
Gregory Mahlokwana c C.Asalanka b K.Mendis 29 46
Nandre Burger b K.Mendis 31 32
Lutho Sipamla not out 9 18
Extras
9 (b 3, lb 1, nb 4, w 1)
Total
216/10 (64.3 overs)
Fall of Wickets:
1-18 (T de Zorzi, 4.3 ov), 2-67 (RD Rickelton, 17.1 ov), 3-87 (K Rapulana, 23.3 ov), 4-104 (R van Tonder, 32.1 ov), 5-124 (J Pillay, 42.4 ov), 6-128 (MP Breetzke, 43.1 ov), 7-144 (E Bosch, 48.4 ov), 8-144 (S Nhlebela, 49.1 ov), 9-198 (N Burger, 59.4 ov), 10-216 (G Mahlokwana, 64.3 ov)
Bowling O M R W E
Lahiru Gamage 12 4 32 2 2.67
Binura Fernando 12 1 46 1 3.83
Nisala Taraka 10 1 36 2 3.60
Jeffrey Vandersay 21 4 61 1 2.90
Kamindu Mendis 8.3 0 32 4 3.86
Sammu Ashan 1 0 5 0 5.00

Sri Lanka Emerging ‘s 1st Innings

Batting R B
Lahiru Milantha c E.Bosch b L.Sipamla 5 11
Kaushal Silva c R. Rickelton b E.Bosch 34 43
Sadeera Samarawickrama st R. Rickelton b G. Mahlokwana 25 33
Pathum Nissanka c R. Rickelton b L.Sipamla 4 8
Binura Fernando c K Rapulana b S Nhlebela 23 42
Charith Asalanka c R. Rickelton b L.Sipamla 100 218
Sammu Ashan c R. Rickelton b N Burger 61 95
Kamindu Mendis c R. Rickelton b L.Sipamla 31 75
Nuwan Thushara c & b N Burger 6 11
Jeffrey Vandersay c & b N Burger 4 2
Lahiru Gamage not out 3 6
Extras
20 (b 3, lb 10, nb 3, w 4)
Total
319/10 (92 overs)
Fall of Wickets:
1-6 (BKEL Milantha, 2.4 ov), 2-55 (JK Silva, 12.3 ov), 3-69 (S Samarawickrama, 15.5 ov), 4-73 (P Nissanka, 18.1 ov), 5-117 (B Fernando, 29.3 ov), 6-218 (S Ashan, 59.5 ov), 7-302 (PHKD Mendis, 88.2 ov), 8-303 (KIC Asalanka, 88.6 ov), 9-308 (JDF Vandersay, 89.5 ov), 10-319 (NT Gamage, 91.6 ov)
Bowling O M R W E
Lutho Sipamla 22 3 75 4 3.41
TNandre Burger 18 3 69 3 3.83
Gregory Mahlokwana 14 2 43 1 3.07
Eathan Bosch 15 2 41 1 2.73
Smangaliso Nhlebela 14 2 52 1 3.71
Kagiso Rapulana 5 0 11 0 2.20
Matthew Breetzke 4 0 15 0 3.75

South Africa Board XI’s 2nd Innings

Batting R B
Tony de Zorzi c P Nissanka b L Gamage 103 167
Ryan Rickelton b B Fernando 37 78
Kagiso Rapulana b C Asalanka 41 82
Van Tonder not out 68 117
Mathew Breetzke lbw by K Mendis 21 62
Jiveshan Pillay c K Mendis b C Asalanka 15 26
Eathan Bosch b B Fernando 23 40
S Nhlebela not out 28 43
G Mahlokwana not out 29 48
Extras
27
Total
393/6 (114 overs)
Fall of Wickets:
1-83 (R Rickelton, 25 ov), 2-182 (K Rapulana, 51.4 ov), 3-200 (T Zorzi, 56.3 ov), 4-253 (M Breetzke, 73.2 ov), 5-279 (J Pillay, 82.1 ov), 6-329 (E Bosch, 96.5 ov)
Bowling O M R W E
PLS Gamage 22 2 68 1 3.09
NT Gamage 12 2 39 0 3.25
PHKD Mendis 29 1 95 1 3.28
JDF Vandersay 22 1 89 0 4.05
B Fernando 17 3 33 2 1.94
C Asalanka 13 1 50 2 3.85

Sri Lanka Emerging ‘s 2nd Innings

Batting R B
S Samarawickrama c Nyaku b E Bosch 19 51
K Silva st. R Rickleton b S Nhlebela 49 77
L Milantha c R Rickleton b N Burger 21 55
P Nissanka c J Pillay b N Burger 62 115
C Asalanka c L Sipamla b S Nhlebela 10 18
S Ashan c S Nhlebela b E Bosch 71 71
K Mendis c K Rapulana b N Burger 1 8
N Tharaka not out 12 34
B Fernando lbw by E Bosch 2 3
J Vandersay not out 5 20
Extras
8
Total
260/8 (75 overs)
Fall of Wickets:
1-56 (S Samarawickrama, 17.5 ov), 2-80 (K Silva, 24.4 ov), 3-97 (L Milantha, 33.2 ov), 4-124 (C Asalanka, 40.2 ov), 5-236 (P Nissanka, 63.2 ov), 6-240 (S Ashan, 64.5 ov), 7-241 (K Mendis, 65.5 ov), 8-244 (B Fernando, 67 ov)
Bowling O M R W E
L Sipamla 4 1 20 0 5.00
G Mahlokwana 17 1 68 0 4.00
E Bosch 16 3 49 3 3.06
S Nhlebela 20 5 70 2 3.50
N Burger 14 3 33 3 2.36
K Rapulana 4 0 19 0 4.75