ඉන්දියාවට ජය පතා අමුතුම ආකාරයක දේවාලයක්

201

ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය අද (09) ඉන්දියා නවසීලන්ත තරගයෙන් ආරම්භ විය. මෙම තරගයේ ජය පතා විශේෂ දේව පූජාවක් චෙන්නායි හි පිහිටි දේවාලයක දී ඉන්දීය ක්‍රීඩාලෝලීන් විශාල ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් පැවැත්විය. මෙම දේවාලයේ ගණ දෙවියන්ගේ ප්‍රතිමා රැසක් ඇති අතර එයට ගණ දෙවියන් පන්දුවට පහර දෙන, පන්දු යවන හා පන්දු ‍රකින ප්‍රතිමා ද ඇතුළත් වේ. 

කෝලි – විලියම්සන් ද්වන්ද සටන ගැන කෝලිගෙන් අදහසක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි වරෙක නවසීලන්ත නායක කේන් විලියම්සන් ගේ කඩුල්ල දවාගත්තේ….

මෙම දේවාලයේ බාධක ජය ගැනීම සඳහා ඉන්දීය ජනතාව වන්දනාමාන කරන ගණ දෙවියන්ගේ ප්‍රතිමා රැසක් අන්තර්ගත වේ. එම ප්‍රතිමා දශක දෙකකට අධික කාලයක සිට මෙහි තැන්පත් කර ඇති අතර විවිධ පහරවල් වලට අදාළ ප්‍රතිමා ද මෙහි ඇතුළත්‍ වේ. 

“හින්දු සංස්කෘතියේ කවුරුහරි දවස පටන්ගන්න පෙර සාර්ථකත්වය උදෙසා ගණ දෙවියන් වඳිනවා.” මෙම දේවාලයේ නිර්මාතෘ කේ. ආර්. රාමක්‍රිෂ්ණන් මාධ්‍ය වෙත පවසා සිටියා. 

ඉන්දියාව ලෝක කුසලාන කාණ්ඩ වටයේ ප්‍රථමයා ලෙස අවසන් පූර්ව වටයට පිවිසි අතර එම වටයේ දී නවසීලන්ත සමඟින් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හිදී තරග වැදීමට නියමිතයි. ඉන්දියාව 2011 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව 2015 වසරේ අවසන් පූර්ව තරගයෙන් පරාජය වී තරගාවලියෙන් ඉවත් විය. 

ක්‍රිකට් උන්මාදයෙන් පෙළෙන රටක් ලෙස සැලකෙන ඉන්දියාව වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම ලෝක කුසලානය පෙනෙන මානයට පැමිණ ඇත. 

ලෝක කුසලානයේ අවසන් තරගවල දී ප්‍රවේසම් විය යුතු ක්‍රීඩකයින්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (09) ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ඉන්දියාව…

රාමක්‍රිෂ්ණන් තමන්ට මෙම දේවාලය සෑදීමට හේතු වූ සිදුවීම ලෙස 2001 වසරේ චෙන්නායි හි පැවති ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය දක්වා සිටියේය. එම තරගාවලියේ දී සචින් තෙන්දුල්කාර් හා හර්බජාන් සිං දැක්වූ දක්ෂතා නිසාවෙන් ඉන්දියාවට ජයග්‍රහණය හිමි විය. 

“මම ගණ දෙවියන්ගෙන් ඉල්ලා සිටියා ඒ තරගාවලිය ජයග්‍රහණය කරන්න. මම බාර වුනා ඉන්දියාව ඕස්ට්‍රේලියාව පරාජය කළොත් ගණ දෙවියන් ක්‍රීඩා කරන ප්‍රතිමා තියෙන දේවාලයක් හදනවා කියලා” 70 හැවිරිදි රාමක්‍රිෂ්ණන් පවසා සිටියා. 

“තරගාවලිය තරග 2-1ක් ලෙස ජයග්‍රහණය කළා. ඒත් එක්කම ගණ දෙවියන් ගැන තියන මගේ විශ්වාසය වැඩි වුනා.”

මෙම දේවාලයට දිනපතා ක්‍රීඩාලෝලීන් පැමිණෙන අතර වසර පුරාවටම එය ක්‍රීඩාලෝලීන්ගෙන් පිරී පවතී. 

රාමක්‍රිෂ්ණන් පවසා සිටියේ ලෝක කුසලාන සමයේ මෙම දේවාලයට පැමිණෙන බැතිමතුන් ප්‍රමාණය වැඩි වූ බවත්, පොල් හා පිච්ච මල් මාලා පූජා කිරීමට අමතරව බැතිමතුන් “ක්‍රිකට් ගීතිකා” ද ගායනා කරන බවයි. 

2019 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<