නව පිරිමි සහ කාන්තා වාර්තා රැසක්

167

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරග (පිරිමි /කාන්තා) 2018 ජුනි 24 දින පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේ දී නිමාවට පත් විය.

එහි දී නව ශ්‍රී ලංකා වාර්තා රැසක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. බිහිවූ නව ශ්‍රී ලංකා වාර්තාවන් පහතින් දැක්වේ.

*පිරිමි 85 Kg බර පංතිය යටතේ උතුරු මැද පළාතේ CGN විදානගේ ක්‍රීඩකයා විසින් “Snatch” ක්‍රමය යටතේ 131 Kg ක්ද, “Clean and jerk” ක්‍රමයට 169 Kg ක්ද ඔසවමින් මුළු බර 300 Kg* නව එක් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන ලදි.

*පිරිමි 62 Kg බර පංතිය යටතේ උතුරු මැද පළාතේ DKTWK පලඟසිංහ ක්‍රීඩකයා විසින් “Snatch” ක්‍රමය යටතේ 125 Kg* ක්ද, “Clean and jerk” ක්‍රමයට 156 Kg* ක්ද ඔසවමින් මුළු බර 281 Kg* සමඟ නව ශ්‍රී ලංකා වාර්තා 03ක් පිහිටුවන ලදි.

*කාන්තා 48 Kg බර පංතිය යටතේ බස්නාහිර පළාතේ BDH ගෝමස් ක්‍රීඩිකාව විසින් “Snatch” ක්‍රමය යටතේ 71 Kg* ක්ද, “Clean and jerk” ක්‍රමයට 87 Kg* ක්ද ඔසවමින් මුළු බර 158 Kg* සමඟ නව ශ්‍රී ලංකා වාර්තා 03ක් පිහිටුවන ලදි.

*කාන්තා 63 Kg බර පංතිය යටතේ උතුරු පළාතේ V අර්ෂිකා ක්‍රීඩිකාව විසින් “Snatch” ක්‍රමය යටතේ 76 Kg* ක්ද, “Clean and jerk” ක්‍රමයට 97 Kg* ක්ද ඔසවමින් මුළු බර 173 Kg* සමඟ නව ශ්‍රී ලංකා වාර්තා 03 ක් පිහිටුවන ලදි.

*කාන්තා 90 Kg බර පංතිය යටතේ දකුණු පළාතේ BC ප්‍රියන්ති ක්‍රීඩිකාව විසින් “Snatch” ක්‍රමය යටතේ 75 Kg* ක්ද, “Clean and jerk” ක්‍රමයට 95 Kg* ක්ද ඔසවමින් මුළු බර 170 Kg* සමඟ නව ශ්‍රී ලංකා වාර්තා 03ක් පිහිටුවන ලදි.

*කාන්තා Over 90 Kg බර පංතිය යටතේ උතුරු මැද පළාතේ HTMPJ හපුතැන්න ක්‍රීඩිකාව විසින් “Snatch” ක්‍රමය යටතේ 83 Kg* ක්ද, “Clean and jerk” ක්‍රමයට 107 Kg* ක්ද ඔසවමින් මුළු බර 190 Kg* සමඟ නව ශ්‍රී ලංකා වාර්තා 03ක් පිහිටුවන ලදි.

පිරිමි අංශයේ ශූරතාවය දිනා ගත්තේ උතුරු මැද පළාත් කණ්ඩායමයි. දෙවැනි ස්ථානය මධ්‍යම පළාත් කණ්ඩායම විසින් ද, තෙවැනි ස්ථානය වයඹ පළාත් කණ්ඩායම විසින් ද දිනා ගැනීමට සමත් විය.

කාන්තා අංශයේ ශූරතාවය ද උතුරු මැද පළාත් කණ්ඩායමට හිමිවූ අතර බස්නාහිර පළාත විසින් දෙවැනි ස්ථානයත්, දකුණු පළාත විසින් තෙවැනි ස්ථානයත් දිනා ගන්නා ලදි.

තරගාවලියේ හොඳම ක්‍රීඩකයා උතුරු මැද පළාතේ D.K.T.W.K. පලඟසිංහයි. තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව බවට පත්වූයේ බස්නාහිර පළාතේ B.D.H. ගෝමස් ය.

පසුගිය අප්‍රේල් මාසයේ දී පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගවල දී ශ්‍රී ලංකාවට එක් රිදී පදක්කමක් දිනා දීමට ඉන්දික දිසානායක සමත් විය. එහි දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්ද හිමිවූ අතර ඒ දෙකෙහි හිමිකරුවන් වූයේ චතුරංග ලක්මාල් ක්‍රීඩකයා සහ දිනූෂා ගෝමස් ක්‍රීඩිකාව ය. මෙරටට මීළඟ ජාත්‍යන්තර පදක්කම් ගෙන එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ අතර සිටීවායි ThePapare.com අපි පතන්නෙමු.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<