Manchester United කණ්ඩායමටත් IPL කණ්ඩායමක්

481
(cricketaddictor)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට මීළඟ අදියරේ සිට නව කණ්ඩායම් දෙකක් ඇතුළත් කර ගැනීමට නියමිතයි. ඒ සඳහා වන ලංසු තැබීමට මේ වන විට පාර්ශවයන් 22ක් ඉදිරිපත් වී තිබෙනවා.

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ ප්‍රබල ක්‍රීඩා සමාජයක් වන Manchester United කණ්ඩායමේ හිමිකරුවෙක් වන Avram Glazerගේ Lancer Capital සමාගමත් IPL කණ්ඩායමක් සඳහා ලංසු තැබීමට ඉදිරිපත් වී තිබීම විශේෂත්වයක්.

ඉන්දියාවේ දැවැන්ත සමාගමක් වන Adani Group සමාගම ද IPL කණ්ඩායමක් සඳහා ලංසු තැබීමට ඉදිරිපත්ව තිබෙන අතර Sanjeev Goenkaගේ RPSG, Naveen Jindal ගේ Jindal Steel, Torrent Pharma, Aurobindo Pharma හා Hindustan Times Media සමාගම් ද කණ්ඩායමක් මිල දී ගන්නට සූදානමින් සිටිනවා.

එළඹෙන ඔක්තෝබර් 25 වැනිදා ලංසු තැබීම අවසන් කරනු ලබන්නේ ඩුබායි හිදී පැවැත්වෙන උත්සවයක දීයි.

BCCI නිකුත් කළ නිවේදනයකට අනුව 2022 වසරේ සිට IPL තරගාවලියට එක්වන නව කණ්ඩායම් දෙක Ahmedabad, Cuttack, Dharamsala, Guwahati, Indore හා Lucknow යන නගර හයෙන් නගර දෙකක් මූලික කරගනිමින් ස්ථාපිත වනු ඇත.

2016 හා 2017 වසරවල දී Chennai Super Kings හා Rajasthan Royals කණ්ඩායම්වලට IPL තරගාවලිය තහනම් කිරීමෙන් අනතුරුව Rising Pune Supergiants හා Gujarat Lions කණ්ඩයම් IPL තරගාවලියට එක්වුණු අතර ඉන්පසුව නව කණ්ඩායමක් IPL තරගාවලියට එක්වන පළමු අවස්ථාව මෙයයි.

IPL කණ්ඩායමක් මිල දී ගැනීම සඳහා අවම ලංසුව ඉන්දීය රුපියල් කෝටි 2,000ක්. එනම් ඇමරිකානු ඩොලර් මිලියන 267ක්.

RPSG සමගම IPL කණ්ඩායමක් මිල දී ගන්නට උත්සහ කරන දෙවැනි අවස්ථාව මෙයයි. ඔවුන් වසර දෙකක් Rising Pune Supergiants කණ්ඩායමේ හිමිකාරිත්වය දැරුවා.

Cricinfo ඇසුරින්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<