Major Club විස්සයි විස්සට දින නියම වේ

Major Club T20 Tournament 2023

782
Major Club T20 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 27 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය ජුනි 11 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇත.

මෙවර ද මෙම තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන අතර එක් එක් කාණ්ඩයේ ශූරයන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. එම තරග ජුනි 9 වැනිදා කොළඹ පී. සරා Oval පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

එම වටයේ ජයග්‍රාහකයන් සහභාගී වන අවසන් මහා තරගය ජුනි 11 වැනිදා පෙරවරු 10.00 සිට කොළඹ 7, SSC පිටියේ දී පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලියේ පසුගිය වසරේ ශූරයන් වූ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම මෙවර “A” කාණ්ඩයෙන් තරග වදින අතර ඔවුන් සමඟ පානදුර ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලිස් ක්‍රීඩා සමාජය, NCC සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය ඊට ඇතුලත් වනවා.

පසුගිය වසරේ අනුශූරයන් වූ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය මෙවර තරග වදින්නේ “B” කාණ්ඩයෙන් වන අතර ඔවුන් සමඟින් රාගම ක්‍රිකට් සමාජය, සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය, නුගේගොඩ ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය එක් වෙනවා.

ඊට අමතර ව “C” කාණ්ඩය නියෝජනය කරමින් Ace Capita ක්‍රීඩා සමාජය, SSC, Tamil Union ක්‍රිකට් සමාජය, බදුරලිය ක්‍රිකට් සමාජය සහ කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය කාණ්ඩ ගත වෙනවා.

BRC, මූවර්ස් ක්‍රීඩා සමාජය, ගාල්ල ක්‍රිකට් සමාජය, CCC, Kandy Customs ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය “D” කාණ්ඩයෙන් තරගාවලිය හා එක් වනවා.

තරග කාලසටහන
Date Time Team 1 Team 2 Venue
 

 

මැයි 27

10.00-13.10 යුද හමුදාව හලාවත මේරියන්ස් පී. සරා Oval
14.00-17.10 මූවර්ස් Kandy Customs පී. සරා Oval
10.00-13.10 පානදුර NCC මග්ගොන
14.00-17.10 ගාල්ල CCC මග්ගොන
 

 

මැයි 28

10.00-13.10 රාගම බ්ලූම්ෆීල්ඩ් SSC
14.00-17.10 බදුරලිය Tamil Union SSC
10.00-13.10 නුගෝගොඩ සෙබස්තියනයිට්ස් පී. සරා Oval
14.00-17.10 SSC කුරුණෑගල පී. සරා Oval
10.00-13.10 ගුවන් හමුදාව පොලිස් පනාගොඩ
14.00-17.10 BRC මීගමුව පනාගොඩ
මැයි 29 10.00-13.10 ගුවන් හමුදාව පානදුර CCC
14.00-17.10 NCC යුද හමුදාව CCC
10.00-13.10 CCC මීගමුව NCC
14.00-17.10 පොලිස් හලාවත මේරියන්ස් NCC
10.00-13.10 ගාල්ල මුවර්ස් පනාගොඩ
14.00-17.10 BRC Kandy Customs පනාගොඩ
 

 

මැයි 30

10.00-13.10 කුරුණෑගල Ace Capita CCC
14.00-17.10 බ්ලූම්ෆීල්ඩ් කෝල්ට්ස් CCC
10.00-13.10 Tamil Union SSC NCC
14.00-17.10 සෙබස්තියනයිට්ස් රාගම NCC
 

 

 

මැයි 31

10.00-13.10 හලාවත මේරියන්ස් පානදුර SSC
14.00-17.10 BRC CCC SSC
10.00-13.10 NCC ගුවන් හමුදාව පී. සරා Oval
14.00-17.10 Kandy Customs ගාල්ල පී. සරා Oval
10.00-13.10 යුද හමුදාව පොලිස් මග්ගොන
14.00-17.10 මීගමුව මූවර්ස් මග්ගොන
 

 

ජුනි 1

10.00-13.10 කෝල්ට්ස් නුගේගොඩ SSC
14.00-17.10 Ace Capita බදුරලිය SSC
10.00-13.10 බ්ලූම්ෆීල්ඩ් සෙබස්තියනයිට්ස් NCC
14.00-17.10 කුරුණෑගල Tamil Union NCC
 

 

 

ජුනි

10.00-13.10 ගාල්ල BRC CCC
14.00-17.10 පානදුර පොලිස් CCC
10.00-13.10 මූවර්ස් CCC පනාගොඩ
14.00-17.10 හලාවත මේරියන්ස් NCC පනාගොඩ
10.00-13.10 මීගමුව Kandy Customs NCC
14.00-17.10 ගුවන් හමුදාව යුද හමුදාව NCC
 

 

ජුනි

10.00-13.10 Tamil Union Ace Capita පනාගොඩ
14.00-17.10 සෙබස්තියනයිට්ස් කෝල්ට්ස් පනාගොඩ
10.00-13.10 SSC බදුරලිය CCC
14.00-17.10 රාගම නුගේගොඩ CCC
 

 

 

ජුනි

10.00-13.10 BRC මූවර්ස් SSC
14.00-17.10 CCC Kandy Customs SSC
10.00-13.10 මීගමුව ගාල්ල පී. සරා Oval
14.00-17.10 හලාවත මේරියන්ස් ගුවන් හමුදාව පී. සරා Oval
10.00-13.10 යුද හමුදාව පානදුර මග්ගොන
14.00-17.10 පොලිස් NCC මග්ගොන
 

 

ජුනි 5

10.00-13.10 කෝල්ට්ස් රාගම SSC
14.00-17.10 නුගේගොඩ බ්ලූම්ෆීල්ඩ් SSC
10.00-13.10 බදුරලිය කුරුණෑගල පී. සරා Oval
14.00-17.10 Ace Capita SSC පී. සරා Oval
අවසන් පූර්ව තරගය
ජුනි 9 10.00-13.10 Winner Group  A Winner Group  D පී. සරා Oval
14.00-17.10 Winner Group  B Winner Group  C පී. සරා Oval
අවසාන මහා තරගය
ජුනි 11 10.00-13.10 Winner Semi 1 Winner Semi 2 SSC

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<